spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඔක් 14 වැනිදා කොච්චි පාර වසා දැමෙයි !

Must read

SriLanka-s11-train-extකුරන සහ ගල්කන්ද අතර දැනට තනි දුම්රිය මාර්ගයක් වශයෙන් පවතින කොටස ද්විත්ව දුම්රිය මාර්ගයක් බවට පත්කිරීමේ මූලික වැඩ අද(11) සිට ඇරඹෙන අතර, එය 17දා දක්වා ක්‍රියාත්මක වේ. මෙහි ප්‍රධාන කාර්යය එනම් පවතින දුම්රිය මාර්ගය , මාර්ග මධ්‍යයේ සිට අඩි 6_1/2ක් පමණ වම් පසට ගැනීම ලබන සෙනසුරාදා හා ඉරිදා (14හා15) දිනවලදී සිදුකිරීමට නියමිතය. එම කාර්යය සඳහා පුත්තලම් දුම්රිය මාර්ගයේ කුරන හා මීගමුව අතර කොටස සෙනසුරාදා (14) උදෑසන කාර්යාලයීය දුම්රියන් ගමන් කිරීමෙන් පසුව වසා තැබෙනා අතර එය පසුදා (15) පස්වරු 09.00 දක්වා වසා දැමෙන අතර සඳුදා සාමාන්‍ය පරිදි කාර්යාලයීය දුම්රියන් ධාවනය වනු ඇත.
මීට සමගාමීව කුරන බෝලවලාන යාකෙරෙනා පරාක්‍රම පාර දුම්රිය හරස්මාර්ගයද මෙම කාලසීමාව තුල වසා තැබෙනා බැවින්, එම මාර්ගය භාවිතා කරනු ලබන පුද්ගලයින් ගෙන් සාන්ත ආනා පාර හා ජූඩ් මාවත ඔස්සේ තම ගමන් පහසුව සලසා ගක්නා ලෙස ඉල්ලා සිටිනු ලැබේ.
මේ අතර කුරන පාරක්‍රම පාර දුම්රිය හරස් මාර්ගය අසල දුම්රිය රක්ෂිත ඉඩම් අනවසරයෙන් මාර්ගයක් වශයෙන් භාවිතා කරන ලද පිරිසකගේ එම ප්‍රවේශ මාර්ග මෙම කටයුතුවලට පසුව ඇහිරී යනු ඇති අතර, යාබදව පවතින ඉඩම්, ඔවුන් ගෙන් මෙතෙක් කල් වරිපනම් අයකරගෙන ඇති මීගමුව නගර සභාව විසින් අත්පත් කර ගෙන ඒ පුද්ගලයින් සඳහා ඉඩම් පහසුව සලසා දෙන්නට සැලසුම් කර තිබුනද තවමත් එම කටයුතු නිමවී නොමැති බවද නිරීක්ෂණය විය.[starlist][/starlist]

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article