spot_img
spot_img
Monday, May 13, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඕනෑම වෙලාවක ප්‍රහාරයක් වෙන්න පුලුවන්; “අන්තවාදී” සැකකරුවන්ට පෙනී සිටින නීතිඥයින්ට විරුද්ධව පියවර ගන්නවා – ඇමැති සරත් වීරසේකර

Must read

”වහාබ්, සලිෆ්, හා අයි.එස්.අයි.එස් මතවාද ප්‍රචලිත කළ, මුදල් ආධාර දුන්, මරාගෙන මැරුණු බෝම්බකරුවන් ඇසුරු කළ, හා ඒ අය වෙනුවෙන් උසාවියේ පෙනී සිටින අයට එරෙහිව පියවර ගන්නවා” යැයි ඇමැති සරත් වීරසේකර 22 වැනිදා පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශය දැන් මහත් විවාදයකට තුඩු දී තිබේ.

ඒම ප්‍රකාශය කරන ලද්දේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් අසන ලද පැනයකට පිළිතුරු ලෙසය.

ඒ අතර ඔහු අවධාරණයෙන් කියා සිටියේ ඕනෑම අවස්ථාවක හෙට උනත් (පාස්කු ප්‍රහාරය වැනි) ප්‍රහාරයක් එල්ල වීමට හැකි බවයි. එම වීඩියෝව මෙහි අවසානයෙහි තිබේ.

එනමුත් නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ ජනාධිපති රාජපක්ෂ කියා සිටියේ ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වයක් නැවත කිසි දිනක ශ්‍රී ලංකාවේ සිදු නොවන බවට සහතික වන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවෙහි අධිකරණය සහ එහි ඇති ස්වාධීන ව්‍යවස්ථාපිත ආයතනවලට තම කාර්යයන් හා වගකීම ඉටු කිරීම සඳහා සීමා රහිත අවකාශයක් තිබිය යුතු බවයි.

නමුත් ඇමැති සරත් වීරසේකර කියන්නේ සහමුලින්ම ඊට ප්‍රතිවිරුද්ධ අදහසකි. ඕනෑම සැකරුවකු වෙනුවෙන් පෙනී සිටීමට නීතිවේදියකුට ඇති අයිතියට බාධා කිරීම අධිකරණ ස්වාධීනත්වය කෙළෙසීමකි.

සිය අදහස් දැක්වීමේදී ඇමති වීරසේකර කියා සිටින්නේ පාර්ලිමේන්තු මංත්‍රී මුජිබර් රහුමාන් ඇතුළු ඕනෑම මුස්ලිම් තරුණයකු තුළ අයිඑස් සංවිධානයේ අදහස් තිබිය හැකි බවය. මෙය එක් වාර්ගික කණ්ඩායමක් මත ්‍ර්චන්ඩත්වය ආරෝපනය කිරීමක් බව මානාව හිමිකම් ක්‍රියාකාරිනයක වන අම්බිකා සත්කුණනාදන් පෙන්වා දෙයි.

btr
https://youtu.be/g310XAMvFIc

”පාස්කු ප්‍රහාරය වැනිම තවත් අන්තවාදී ප්‍රහාරයක් ඕනෑම අවස්ථාවක එල්ල වීමේ හැකියාවක් තියෙනවා, ඕනෑම වේලාවක පුපුරුවා හැරීම සඳහා ආයුධ සූදානම්, ප්‍රහාරය ගැන තොරතුරු සහ සාක්ෂි, ප්‍රහාරයට අදාළ කණ්ඩායම කවුද කියල, ඔවුන් සිටින ස්ථානය ගැනත් මම දන්නා තොරතුරු ජනාධිපතිතුමාව දැනුවත් කළා” යැයි බොදුබල සේනාවේ ප්‍රධානි ගලබොඩ අත්තේ ඥානසාර හිමි විසින් ඉකුත් 13 වැනිදා රාජපක්‍ෂ ආණ්ඩුවට සමීප පෞද්ගලික රුපවාහිනියක වැඩසටහනකට එක් වෙමින් ප්‍රකාශ කර තිබුණි.

මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේ මේ හෙළිදරව්ව ගැන ඥානසාර හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා කරුණු විමසා ඇත්ද, ප්‍රහාරයක් එල්ල කරන්නට සැරසෙන පිරිස අත්අඩංගුවට ගෙන තිබේද, ඒ ගැන විමර්ශනයක් අරඹා තිබේද යන්නය.

ඒ ගැන විමර්ශනයක් හෝ කිසිවෙක් අත්අඩංගුවට නොගත් බව පැවසු ඇමැති සරත් වීරසේකර ඒම හෙළිදරව් කිරීම ගැන ඥානසාර හිමට ස්තුතිවන්ත වන බව ප්‍රකාශ කළේය. තවදුරටත් සරක් වීරසේකර කියා සිටියේ ඥණසාර හිමි විසින් කරන ලද ප්‍රකාශය සුවිශේෂ සිදුවීඹක් ගැන ‌ නොව ඉස්ලාම්‍යී අන්තවාදී ප්‍රහරයක් ඇතිවීමේ ඉඩකඩ ඇති බව කියා සිටීමක් බවය. තව ද ඉස්ලාම්‍යී අන්තවාදය සම්බන්දයෙන් ප්‍රථමයෙන්ම හෙළිකරව් කළේද ඥාණසාර හිමි බව ඔහු කිය සිටියේය.

නමුත් ඇත්ත වශයෙන්ම නම් ඒ පිළිබඳව මුස්ලිම් සමාජයේ ප්‍රධානීන් විසින් ලිඛිතවම රහස් පොලීසියට සහරාන් ප්‍රමුඛ කණ්ඩායමේ අන්තවාදය ගැන දැනුවත් කර තිබු බවයි. න්‍යායාත්මතව එමම ඉඩකඩ පිළිබදව  පාටලී චම්පික රණවක විසින් පොතක් ලියා පළ කරන ලදී.

SLB

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article