spot_img
spot_img
Monday, May 13, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කටානේ තරුණයෙකු පහර දි කකුල කඩා වෙන්නප්පුවේ පාලම ලග දමා ගිහින් ?

Must read

 hit and run hit and run 2

කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයේ නයිනමඩම ගිංඔය හරහා ඇති පාලම අසලදි බරපතල තුවාල ලබා වැටි සිටි පුද්ගලයෙක්වඊයේ 08 උදැසන සොයාගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි මෙලෙස තුවා වැටි සිට ඇත්තේ කටාන නායනාලෝකගම ප්‍රදේශයේ පදිංචි බෝජවඩුගේ සේනක චමින්ද කුමාර නැමති අයෙකි මාර්ගයේ ගමන්ගත් අයෙක්ගේ දැනුම් දීමක් මත එහි ගිය පොලිස් නිළධාරින් තුවාලකරුව සොයාගෙන ඇති අතර එක් පාදයකට බරපතල තුවාල සිදු වි නැගිට සිටිමට පවා නොහැකිය ලේ ගලන තුවාල සහිතව සිටි එම පුද්ගලයාව මාරවිල රෝහලට ඇතුල් කල බව පොලිසිය කීය දැඩි ලෙස ලේ වහනය වි තිබු මෙම පුද්ගලයාට තමන්ගේ සහොදරයන් විසින් පොලුවලින් පහරදි අද පාන්දර වාහනයකින් එම ස්ථානයට ගෙනත් දැමු බව පොලිසිය හමුවේ තුවාල ලබා සිටි පුද්ගලයා ප්‍රකාශ කර ඇති බව පොලිසිය කීය තුවාලකරුගේ තත්වය බරපතල නොවන බවත් එක් පාදයක් කැඩි ගොස් ඇති බව රෝහල් අරංචි මාර්ග පැවසීය හලාවත කොට්ඨාස පොලිස් අධිකාරි සුරංජිත් කුමාරපෙළි වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි දේශප්‍රිය ජයතිලක යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත කුමාර මහතාගෙ උපදෙස් මත පොලිස් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක සුදුසිංහ මහතාගේ මෙහෙයවිමෙන් උප පොලිස් පරික්ෂක ඊරියගොල්ල කොස්තාපල් 60568 ස්නීර යන නිළධාරින් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරයි
චන්දන ප්‍රනාන්දුවෙන්නප්පුව

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article