spot_img
spot_img
Saturday, April 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කටාන, පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී “ඉෆ්තාර්” සැමරුම් වැඩසටහනක්

Must read

කටාන පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී පසුගිය 26 දින සවස (26/03/2024) ඉෆ්තාර් ( රාමලාන් උපවාසය අත්හැරීමේ ) සැමරුම් වැඩසටහනක් පැවැත්විණි. මේ කාලය ඉස්ලාමීය බැතිමතුන්ගේ රාමලාන් උපවාස (නෝම්බි) කාලයයි. මේ උපවාස කාලයේ ඉස්ලාමීය බැතිමතුන් දෛනිකව නිරහාරශීලීව ආගමික වශයෙන් යාඥා වත් පිළිවෙත්වල නිරතවෙමින් , අවසානයේ එම රාමලාන් උපවාසය දෛනිකව අත්හරිනු ලබන අවස්ථාව ඉස්තාර් සැමරුම් අවස්ථාවක් ලෙස හඳුන්වයි. මෙම ඉෆ්තාර් සැමරුම් වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූයේ නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න මහතායි. කොළඹ, ඊසානියා අරාබි මදරසා පාසලේ විදුහල්පති අල්හාජ් ෆරෑඩ් මව්ලවිතුමාද (ඊසානි) මෙම සැමරුම් වැඩසටහන සඳහා සහභාගි වු අතර මෙය සංවිධාන කරනු ලැබුවේ පොලිස් පරීක්ෂක ඉලියාස් මහතා විසිනි. එලෙසම පෙරියමුල්ල, අමිදුල් ඉස්ලාමීය සුභ සාධක සංගමය මෙම වැඩසටහන සංවිධානය කිරීමේදී විශේෂිත සහයක් ලබා දී තිබුණි
එමෙන්ම මෙම ඉස්තාර් සැමරුම් වැඩසටහන සඳහා පෙරියමුල්ල ප්‍රධාන මුස්ලිම් නැමදුම් දේවස්ථානයේ අල්හාජ් අයි.එමි හනිෆා ප්‍රධාන පූජකතුමන් සහ රියාස් මවුලවිතුමන්ද එමෙන්ම පෙරියමුල්ල, අමිදුල් ඉස්ලාමීය සුබ සාධක සංගමයේ සාමාජිකයන් පිරිසක්ද සහභාගි වූහ.
කටාන පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ඉස්ලාමීය නොවන නිලධාරී මහත්ම මහත්මාවීන් පිරිසක්ද මෙම වැඩසටහනට සහභාගි වී සිටිනු දක්නට ලැබිණි. එහිදී ඔවුනට රාමලාන් උපවාසය අවසන් කරන මොහොතේ එනම් ඉස්තාර් සැමරුම් අවස්ථාවකදී සිදු කරනු ලබන ඉස්ලාමීය ආගමික වත් පිළිවෙත් දැක බලා ගැනීමටද අවස්ථාව උදාවිය.

එම්.එස්.එම්.මුනිර්
මිපුර පුරවැසි මාධ්‍යවේදි

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article