spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කටාන පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ප්‍රධානියාට චෝදනාවක් !

Must read

පොලිසියකට  පැමිණ කිසියම් අයෙකු පැමිණිල්ලක් දැමිය යුතු යැයි කියන්නේ අදාල ප්‍රශ්ණය නීතිමය රාමුවක් මත විසඳා ගැනිමට අදාල පාර්ශවයන්ට ඇති උවමනාව නිසාය.

එවැනි අවස්ථාවකදි පැමිණිල්ල දැමිමට පැමිණි අයට  පැමිණිලි දාන්නට බෑ යැයි කිමෙන් සිදුවන්නේ කුමක්ද ? නිතියෙන් බැරි නම් අපි නිතිය අතට අරගෙන හෝ ප්‍රශ්නය  බේරාගන්නම්  යැයි සිතිවිල්ලක් ඉතිරිවීමය.

තම වයෝවෘද්ධ මවව කටාන පොලිස් බලප්‍රදේශයේ එක්තරා නිවසක් තුල සිර අඩස්සියේ තබාගෙන සිටීමේ සිදුවිමක් අරභයා පැමිණිල්ලක් දැමිමට මේ දියණිය අවශ්‍යව තිබුණි.

මේ මානුෂික ප්‍රශ්ණය තේරුම් ගෙන අදාල පැමිණිල්ල සටහන් කරගැනිමට කටයුතු සලසනවා වෙනුවට පැමිණිලි කරන්නට ගිය පුද්ගලයාගෙන් හරස් ප්‍රශ්න අසමින්   පැමිනිල්ල සටහන් කර නොගැනිමට  කටාන පොලීසියේ සුළු පැමිනිලි අංශයේ ස්ථානාධිපතිවරයා  ජුලි 10 වනදා  කටයුතු කර තිබුණි.

මාධ්‍යවේදිනියක් වු ඇයත් සමගින් ඇගේ සහයට එක්ව සිටි තවත් මාධ්‍යවේදින්  මැදිහත්වි සුලු පැමිණිලි අංශයේ ස්ථානාධිපති හේරත් නැමැත්තාට තේරෙන භාෂාවෙන්ව පිළිතුරු දි පැමිනිල්ල ලියවන තැනට  කටයුතු කරන ලදි. මෙම පැමිණිල්ලට අනුව ජුලි 11 වනදා මෙම සිදුවීමට අදාළ වගඋත්තරකාරිය කටාන පොලිසියේ ස්ථානාධිපතිවරයා ඉදිරියේ  කැඳවා  පැමිණිලි විභාගයක් පවත්වා ඇති අතර එහිදී මෙම ප්‍රශ්නයට මුහුණදී සිටින දියණියගේ මවව අධිකරණය හරහා නිසි බාරකාරත්වයකට පත්කරන බවට  කටාන පොලීසියේ ස්ථානාධිපතිවරයා පොරොන්දුවී ඇත.

නමුත් ජූලි 11 වනදා ලබාදුන් මෙම පොරොන්දුව සම්බන්ධයෙන්  කටාන  පොලීසිය   කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගත් අතර  නැවතත්  අදාළ පවුලේ පියා අසාධ්‍ය තත්ත්වයට පැමණීමත් සමග  අගෝස්තු මස 13වනදා  ස්ථනාධිපතිවරයාට ඔහු බාරගත් වගකම ගැන මතක් කරන්නට මෙම දියණියට සිදුවිය.අවසානවක මහත නම් එවන් පොරොන්දුවක් දුන් බවක් මෙම නිලධාරියාට තිබුනේ නැත.ඔහු ජුලි 11 වෙනිදා දුන් පොරොන්දුව යලිත් වරක් මතක් කරදිමට සිදුවිම විසින් මේ පොලිස් සේවය ගැන කියැවෙන්නේ කුමක්ද ?

ඒවන විටත්  මාස දෙකකටත් වඩා මවගේ වෙන්වීමෙන් ඇයගේ ස්වාමිපුරුෂයා (89) දැඩි මානසික පීඩනයකට පත්වී තිබූන අතර ඔහු අගොස්තු 18 වනදා ජීවිතයෙන් සමුගන්නා ලදී. අවසානයේ පියාගේ මළගෙදරට පැමිණීමටවත් මෙම කාන්තාවට අවස්ථාව නොදී බලහත්කාරයෙන් තබාගැනිමට ගත් උත්සාහය පවුලේ සාමාජිකයින් මැදිහත්වී වලක්වා ගන්නා ලදී.

අවසානයේ වෙන්නප්පුවේ පිහිටි සිය නිවසට පැමිණි මෙම මහලු මව වෙන්නප්පුව පොලීසියට කටඋත්තරයක් ලබාදී කියා සිටියේ තමාව මාස දෙකකටත් වැඩි කාලයක් බලහත්කාරයෙන්  සිරකරගෙන  සිටි බවත්, සිය ස්වාමි පුරුෂයා රෝගාතුර තත්ත්වයේ සිටි බව තමන් නොදැන සිටි බවයි. ඇය කියා සිටියේ  තමන්ට කිසිවෙකුටවත් කතා කිරීමට ඉඩනොදී  විවිධාකාරයේ රැවීටිම් වලට ලක්කරමින්   තියාගත් අතර පාරේ යන අයටද අතවනමින් තමන්ට හැකි පමන තමන්ගේ අවනඩුව කියන්නට උත්සාහා කළද ඒ කිසිවකට තමන්ට අවස්ථාව ඇහිරූ බවයි.

පසුව මෙම නිවසින් තමන්ට කිසිදාක යන්නට නොලැබෙන බව තේරුණ නිසා යාඥා කරමින් , හඩමින් කාලය ගතකළ අතර නිතරම මෙම නිවසට පොලීසියෙ යැයි කියාගත් පුද්ගලයින් පැමිණ තමන්ව බියවැද්දීම් කළ බවද මේ මහළු මව කියා කියා තිබුණි. තම ස්වාමිපුරුෂයාගේ මළගම නිසා තමන්ට එම නිවසින් බැහැරට පැමිණීමට යන අවස්ථාවේදීත්  තමාව එම කාන්තාව විසින් නැවතත් උඩුමහලට ඇදගෙන යමින් ,ශාරරික හිරිහැර සිදුකළ බවද හෙළිව තිබේ.

කටාන , කදිරාන,දොන් ඩේවිඩ් මාවතේ , නිගම්බු සෙවන්හි අංක 34/174 දරන  ලිපිනයේ දෙමහල් ගොඩනැගිල්ලේ මහළු මවක් සිරඅඩස්සියේ තබාගෙන සිටියැයි කියන කාන්තාවකට එරෙහිව දැන් බරපතල චෝදනා එල්ල වි ඇති අතර ඒ සම්බන්ධයෙන් පැමිණිලි විභාගයක්ද පසුගිය 07 වෙනිදා වෙන්නප්පුව පොලිසියේදි පවත්වා තිබේ.

එම පැමිණිල්ලට ආදල කටයුතු කිරිමට අදාල විස්තරය VPN  මාර්ගයෙන් ඊයේ  (10) දිනයේ  කටාන පොලිසියට එවා තිබුණද අද (11) දිනයේ සුළු පැමිනිලි අංශයේ ප්‍රධාන හේරත් කියා තිබුනේ තමන්ට එවැනි ලියවිල්ලක් වෙන්නප්පුවෙන් පැමිණ නැති බවකි.

අවම වෘත්තිය ආචාර ධර්මවත් නොදන්නා හේරත්ලා වැනි නිලධාරින් නිසා මුලු මහත් පොලිස් සේවයම ගැරවිමට ලක්වන අවස්ථා එමටය.
එය එසේ නම් එය කාගේ වරදක්දැයි පොලිස් සේවයේ ඉහල නිලධාරින්ගේ අවධානයට යොමුවිය යුතුව තිබේ.

මේ චෝදනාව පිලිබදව කටයුතු කරද්දි කටාන පොලිසියෙන් සාධාරණයක් ඉටුවේද යන්න සම්බන්ධයෙන් ගැටළුවක් දැනටමත් මතුව තිබේ.

මේ කරුණ පිළිබදව මිගමු පොලිස් වසමේ ඉහල බලධාරින්ට කඩිනමින් යොමුකිරිමට පියවර ගන්නා බවද පැමිනිලිකාරිය පවසා සිටියාය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article