බේරේ වැව ජලතර ගුවන් තොටුපලක් (water Aerodrome ) ලෙස භාවිත කරමින් කටුනායක සහ කොළඹ අතර නැවත ගුවන් ගමන් ආරම්භ කිරීමේ අවස්ථාව අද ( 03) දින ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.



සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ සැලසුමේ එක් පියවරක් වූ දේශීය ගුවන් ගමන් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනේ තවත් එක් පියවරක් ලෙස මෙම කොළඹ – කටුනායක ගුවන් ගමන් ආරම්භ කරණු ලබන අතර වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුල ජලතර ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ලබන සිනමන් ගුවන් සමාගම මෙම කොළඹ- කටුනායක ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ලබන බව ශ්‍රි ලංකා වෙබ් මිරර් අඩවිය වාර්තා කර තිබේ.



මේ අතර 2011/2012 කාලය තුල කටුනායක කලපුව සි ප්ලෙන් බැස්සිමට අදාල කටයුතු සංවිධානය කිරිමට ගත් උත්සාහය මිගමු ධිවරයන්ගේ දැවැන්ත විරෝධය හමුවේ අකුලාගන්නට රාජපක්ෂ රෙජිමයට සිදුවිය.
“අපි ආණ්ඩුවක් විදියට දේශීය ගුවන් සේවාවන් දියුණු කරන්න බලාපොරොත්තු වනවා. Cinnamon Air වගේ සමාගම් සියල්ලටම අපි ආරාධනා කරනවා පලාලි වගේ ගුවන් තොටුපොල වලටත් දේශී ය ගුවන් වාර ආරම්භ කරන්න එන්න කියලා. අපි ආණ්ඩුවක් වශයෙන් ඔබට අවශ්‍ය උපරිම සහයෝගය ලබා දීමට බැදී සිටිනවා” යැයි අමාත්‍ය බිමල් රත්නායක මෙම උත්සවයේදි පවසා තිබුණි.












