spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කටුනායක මෑන් ෆවර් සේවකයෝ දහස් ගණනක් පඩි නැතිව කුසගින්නේ ?

Must read

FTZ 1පසුගිය කාලය තුල නිදහස් වෙළද කලාප කම්කරුවෝ දැවැන්ත අර්බුදයකට මුහුණ දුන්නේ ඔවුන්ගේ පාලකයන් විසින් කිසිදු මානුෂිය ආකාරයේ සැලකිමක් කිරිමට මුල පුරා නොතිබුන නිසාවෙනි.
රට මුහුණ දි ඇති දැවැන්ත අර්බුදය හමුවේවත් රටට විනිමය උපයා දෙන්නට නැහෙන කම්කරුවන් ගැන මේ පාලකයෝ කිසිවක් කර තිබුනේ නැත.
පඩි නැතිව ගමේ යන්නට බැරිව සිටි කම්කරුවන්ව රජය මැදිහත්වි බස් දමා ගමයට යැව්වද ඒ අයට මේ වන තුරුත් පඩි ලබා දි නැත.
මේ අතර දිනපතා පඩියට වැඩකරන මැන්ෆවර් කම්කරුවන් 10000 ආසන්න ප්‍රමාණයක් කටුනායක තුල නේවාසිකව සිටි.
පවතින තත්වය හමුවේ ඔවුන්ට කිසිදු අදායමක් දැන් නැත.කන්නට සල්ලිද නැත. නේවාසිකාගාර වලින් පිටත්ව යන්නට එහි හිමිකරුවන් ඉඩ නොදෙන බව කියැවෙන්නේ හිග නේවාසික ගාස්තු ගෙවිය යුතුව ඇති නිසාය.
කුසගින්න්නේ ඉන්නට බැරිව ඇතැම් තරුණ මව්වරුවන් ගමේ ඇතැමෙකුගෙන් බඩු ටිකක් ඉල්ලාගෙ තිබුන ශෝචණිය කථාද කටුනායක අවටින් අසන්නට ලැබේ.
එපමණක් නොව කුසගින්නේ ඉන්නා තරුණයන් ගැනද අසන්නට ලැබේ. සැබැවින්ම මේ සේවයකයන් මුහුණ දි ඇත්තේ දරුණු ඛේදවාචකයකටය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article