spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කතෝලික පල්ලියේ මත්කුඩු විරෝධි රැළියට ලංසා පවුලේ අතහිත ! විඩියෝ සාක්ෂි සහිතයි !

Must read

dayan ddayan ddayan d 2(දෙවන සංස්කරණය )මේ චාතාරික සමයේ කඩිමුඩියේ මත්කුඩු විරෝධි රැළියක් පවත්වන්නට කටයුතු කිරිම ගැන අප මුලින් හෙළිදරව් කර තිබුනේ මෙහි සංවිධාන සාකච්ජාවකට දායන් ලංසාද කොළඹ අගරදගුරු නිවසට ගොස් තිබිමත් සමගින්ය.
මෙහිදි මතුවු අනෙක් ගැටළුව වුයේ මේ චතාරික සමයේ මෙවන් විරෝධතා රැළි පැවැත්විම ගැනය.
එය සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයක් නිසා ඒ ගැනද අප විමසිලිමත් විමු.
නව පළාත් පාලන ආයතන ස්ථාපිත කිරිමට නියමිතව ඇත්තේ මාර්තු 06 වෙනිදාටය.
ඉතින් ඊට පෙර කළු චරිත සුදුකරගැනිමට ඇවැසි පිරිසක් මීගමුවේ සිටින බව මීගමුවේ ජනයා දනි.
මේ කළු චරිත සුදුකිරිම සදහා ඕනෑම මිළක් ගෙවන්නට සුදානම් පවුලක්ද මිගමුවේ වෙයි.
තතු එසේව තිබියදි .අප කියන්නේ කතෝලික පල්ලිය මුල්වි සංවිධානය කරනු ලබන මත්කුඩු විරෝධි රැළියක සංවිධාන සාකච්ජාවකට මුලු රට පුරාම කුඩු හා නම් පටබැදුන පවුලක අයවලුන්ව එකි රැස්විමට සම්බන්ධ කරගෙන තිබිමය.
මේ කුඩු ජාවාරම් ගැනත් නිමල් ලංසා ගැනත්  මඩ තලි ගණනින් පත්තර පිටුඅතර තැවුරු සරත් ගුණරත්නද දයාන් ලංසාගේ  කරේ අත දාගෙන මෙම රැස්විමට ගොස් තිබුණි.
අප මේ සියල්ල කරුණු සහිතව පසුගිය දින කිපය පුරා අප හෙළිදරව් කලෙමු.
මේ හෙළිදරව් කිරිම නිසා මීගමුවේ පියතුමන්ලා අතරද පුළුල් සංවාදයක් මතුවිය.
එමෙන්ම මේ රැළියේදි දේශපාලකයන්ට රගන්නට කිසිදු ඉඩක් ලබානොදිය යුතුය යන අදහස ඉතා ප්‍රබල ලෙසින් ඉස්මතු වි තිබුණි.
පසුගිය 21 වෙනිදා පියතුමන්ලාගේ විශේෂ රැස්විමකදිද මේ ගැන පුළුල් ලෙසින් සංවාදයට බදුන් වි තිබුණ අතර එහිදි ඇතැම් පියවරුන් විසින් ඉතා පැහැදිලිව මීගමුවේ එක්තරා දේශපාලන පවුලක සියලන්ගේම නම් ගම් කියමින් සිය විරෝධය පළ කර තිබුණේ  ඒ අයව කිසිදු ලෙසකින් වත් මේ රැළියට වද්දා නොගත යුතු බවද තරයේම ප්‍රකාශ කරමින්ය.
මෙම රැස්විමේදි මීගමුවේ එක්තරා ජේෂ්ඨ පියතුමෙකු තවත් කථාවක් හෙළිකර තිබුණි.
ෆාදර් අපෙන් මොනවද කෙරෙන්න ඕනේ . කියන්න අපි ඕනම දේයක් කරල දෙන්නම් යැයි නිමල් ලංසා පැවසු බව මේ පියතුමා අනෙක් පියතුමන්ලා හමුවේ පවසා තිබිමයි.
තතු මෙසේ වෙමින් තිබියදි 2018 පෙබරවාරි 24 වනදා දවල් 1.15 ට පමණ වැල්ලිවිදියේ පිහිටි දයාන් ලංසාගේ කාර්යාලයට පැමිණි ලොරි රථයකින් මත්කුඩු විරෝධි විවිධ තේමා පාඨ රැගත් පුවරු ගණනාවක් ගොඩබා තිබුණි.
ඒ සියල්ලේම දයාන් ලංසා යනුවෙන්ද කුඩාවට සටහන් කර තිබි ඇත.
මේ පුවරු හෙට දිනයේ පෙරහැර යන පාරේ තැබිම ලංසා පවුලේ අරමුණ වුවා විය හැක.
පල්ලියටත් පාලනය කරගත නොහැකි තවත් බොහෝ දේ හෙට දිනයේ සිදුවනු ඇත.
මත්උවදුර මීගමුවෙන් තුරන් කරමු .දයාන් ලංසා යැයි සටහන් සහිත ටී ෂර්ට් කැප් රැළියේ පෙළපාලිය තුලින් මතුවුවහොත් ගරු පියතුමන්ලා කලබල විය යුතු නැත.
clock-t2-615x1024
එනම් මිගමුව නගර මධ්‍යයේ ඇති ඔරලෝසු කණුව මත දේවමැණියන්ගේ සුරුවමක් තබා ඇත..එ සදහා උදව්කර ඇත්තේ මිගමුවේ  කුප්‍රකට දේශපාලකයන් යැයි කථාවක්ද එදා සිටිම පැතිර ගොස් තිබුණි.
මේ ප්‍රදේශය අයත්ව තිබුනේ තිල්ලන්දුව පල්ලියේ සදසිරි පියතුමා හටය.(කණගාටුවට කරුණ වන්නේ මීගමුවේ සිටි ප්‍රතිපත්ති ගරුක නිර්භිත පියනමක වු අබා කොස්තා පියතුමා ඝාතනය කරනු ලබන්නේද තිල්ලන්දුව පල්ලියේ තුල මිසම් ගෘහය තුලදිමය.
කළු සල්ලිකාර දේශපාලකයන්ගේ උපකාර  යොදා ගත්තා යැයි කියන ප්‍රචාරයන් සත්‍යයක් නම් මරිය මව්තුමියගේ සුරුවමක් මීගමුව නගරයේ කිතුණු අභිමානය සදහා යැයි ඔරලෝසු කණුව මුදුණතෙහි කාර්දිනල් හිමිවද කැදවා උත්සවශ්‍රියෙන් තිබිමට කටයුතු කරද්දි  වැනසි යන්නේ නිර්භිත කිතුණු ප්‍රතිපත්තියක් ලොවට ප්‍රසිද්ධියේ කියා සිටි පාප්තුමන්ගේ අභිමානය නොවේද ?,මේ සියල්ල ඇත්තක් නම් මේ රටේ වැඩිම වසර ගණනක් පුහුණුව ලබන ක්ෂේත්‍රයක් තුලින්  දේව සේවයට පැමිණි  පියතුමෙකුට නොවැටහිම කෙතරම් නම් අභාග්‍යයක්ද ?මේ නිසා දැන් වැනසි යන්නේ කාගේ අභිමානයද?අද දේවාකාරිය මෙසේ අභියෝගයකට ලක්වන යුගයකි. )

එහෙත් මීගමුවේ මේවා සිදුවෙමින් තිබේ.රෝමයේ එසේ වුවද පුංචි රෝමයේ එසේ නොවේ යැයි දැන් අප පසක් කොට ගෙන හමාරය.
මීගමුව අප අළුතින් ගොඩනැගිය යුතුයැයි කියන්නේ එය එහෙම පිටින්ම කළු සල්ලිවල පාලනයට නතුව තිබෙන බැවිනි.
පල්ලියද, පන්සලද පොලිසියද ඇතුළු එකි මෙකි නොකි සියළු සමාජ සංස්ථා කළු සල්ලි පාලනයට නතුවන අයුරු ගැන ලංකාවේ ඇති එකම සහ හොදම උදාහරණය ඇත්තේ මීගමුවේ යැයි අප අවසන් වශයෙන් සටහන් තබනු කැමත්තෙමු.,
මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් 44 දෙනෙකු ඝාතනය කර රාජපක්ෂ පාලනය පෙරලා දමා යහපාලනය ස්ථාපිත කළද 2016 ජුනි මාසයේදි මීගමුව මහනගර සභා භුමියේදි මාධ්‍යවේදියෙකුට මහදවල් පහර දෙන්නේ ඒ අවස්ථාවේ සේවා මුරයක යෙදි සිටින සෞඛ්‍ය කම්කරුවෙකු හා ඔහුගේ සොහොයුරා විසිනි.
අදාල සේවකයා එවකට නියෝජ්‍ය නගරාධිපති වු  දයාන් ලංසාගේ මැර බඩියෙකි.
මහසභාවක් පැවැත්වෙන අවස්ථාවේදි මේ මැර බඩියා හා දයාන් ලංසා අතර මේ ප්‍රහාරය සැලසුම් කිරිම සදහා දුරකථන ඇමතුම් 16 හුවමාරු කරගෙන තිබේ.එය පොලිස් බි වාර්ථාවේද සදහන්ය.
තතු එසේ වුවද දායන් ලංසාව අවම තරමින් ප්‍රශ්ණ කරන්නටවත් අත්අඩංගුවට ගැනිමට මීගමුව පොලිසිය හෝ පෑලියගොඩ පොලිසිය කටයුතු කර තිබුනේ  නැත.
එය අහම්බයක්ද ?
නැත.
කළු සල්ලි සිය පාලනයට මේ සමාජයේ සමස්ථ දේහයම නතු කරගෙන සිටින්නේ එලෙසිනි.වරක් නිමල් ලංසා විසින් කි පරිද පුංචි රෝමය දැන් චිකාගෝවකි.
මිපුර වෙබ් අඩවිය හැමවිටම අවධානම් මැද වුවද සත්‍යයම පමණක් ජනතාවට කියන, තෙවැනි ඇසකින් බලා ඒවා කල් ඇතිව විග්‍රහ කරන මාධ්‍ය භාවිතාවක් සහිත කණ්ඩායමක් බව අප යළිත් වරක් මේ සමාජය හමුවේ ලකුණු කොට තබා ඇත.අපි විසින් මේ හෙළිකරන්න වු කරුණු අරභයා තරහ යන අර්බුදයට යන පිරිසක් සිටින බව අප ඉතා හොදින් දනිමු.
හෙට දිනය ගැන අප තෙවෙනි ඇසන් දැක කල් ඇතිව කි දැ දැන් එකින් එක ඇස් පනා පිටම ඔප්පු වෙමින් තිබේ.
ඒ අනුව අප දැන් නොලිව්වද හෙට දිනයේ සිදුවිය හැකි දැ අනුමාන කරන්නට දැන් ඔබටද හැකිය.
අප මේ කටුක ඇත්ත හැමවිටම නිර්භයව කියන ලියන නිසා කළු සල්ලි පාවාරම්කරුවන්ට අප කරදරයකි.
අපට පහර දි අප නවතා ලන්නට උන් සැලසුම් කරන්නේ ඒ නිසාය.
.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article