spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බලපත්‍ර නැතිව යතුරැ පැදිය පැදවූ සිසුවෙකු අනතුරකට ලක්ව මිය යයි.

Must read

 

(ඡායාරූපය අන්තර්ජාලය ඇසුරිනි)
(ඡායාරූපය අන්තර්ජාලය ඇසුරිනි)

පල්ලම රස්නායකපුර මාර්ගයේ වතුපොල ප්‍රදේශයේ දී වෙිගයෙන් පැමිණි යතුරු පැදියක් අත් ට්‍රැක්ටරයක ගැටි සිදුවු අනතුරින් බරපතල තුවාල ලබා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ එක් සිසුවෙකු අද (24 දා ) අඵයම මිය ගොස් ඇති අතර තවත් සිසුවෙකු රෝහල් ගත කර ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ පල්ලම පොත්තුක්කුලම  ප්‍රදේශයේ විසු දිසානායක මුදියන්සේලාගේ සෙයාල් දිසානායක නමැති 15 වන වියේ පසුවන සිසුවෙකි. බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබනුයේ එම ගම පදිංචි සුධීර ෂෙහාන් පොන්සේකා නමැති 15 වන වියේ පසු වන සිසුවෙකු බවත් පොලිසිය කියයි.
මෙම සිසුන් දෙදෙනා පොත්තුලමෙි සිට කිසියමි අවශ්‍යතාවකට වතුපොල ප්‍රදේශයට ඊයේ( 23 දා ) යතුරු පැදියකින් ගොස් ආපසු එමින් සිටිය දි ට්‍රැක්ටරයේ ගැටි අනතුරකට මුහුණ පා විසිවි වැටි ඇති අතර පසුව ඔවුන් රෝහල් ගත කර ඇති බවත් කියයි.
මිය ගිය සිසුවා තුවාල ලද සිසුවා පල්ලම නන්දිමිත්‍ර මහා විදුහලේ අධ්‍යාපනය හදාරන අතර මිය ගිය සිසුවා යතුරු පැදිය පදවා ගෙන පැමණිියත් ඔහුට යතුරු පැදි පැදවිම පිණිස බලපත්‍රයක් තිබි නැති අතර මෙයට කලින් මෙම සිසුවා බලපත්‍ර නොමැතිව යතුරු පැදියක් පදවා ගෙන යන අතර අත් අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නඩු පවරා ඇති බවත් පොලිසිය කියයි.

පල්ලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසිත ලක්රුවන් මහතාගේ අපදෙසිනව් රථවාහන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අජිත් රත්නායක මහතා වැඩිදුර පරීක්ෂන සිදු කරයි.


හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article