spot_img
spot_img
Sunday, May 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමු රෝහලේ අභ්‍යන්තරයට අසාධ්‍යයි

Must read

මීගමු  රෝහලේ  නව  ගොඩනැගිල්ල  පිටුපස   ගඩොල්  කැබලි,  කොන්ක්‍රීට්  කැබලි, එස්ලෝන්  බට කැබලි,  ආදියෙන්  සමන්විත  කන්දකි. මෙහි   මිනිස්සු   දිනපතා  වැඩෙහි  යෙදී  සිටිති.  රෝහලේ   ඉහළ   වාට්ටු ද  ඉහත කී  පරිදි   අබලි  ද්‍රව්‍ය  වලින්  පිරී ඇති  අතර මේ  පරිසරය   තුල  දුහුවිලි   පිරී  ඇත.  වෙනත්  ස්ථානයක්   මෙන්   නොව  රෝහලක්   නිසා  මෙය  යහපත්  තත්වයක්   නොවේ.  තත්වය  මෙසේ  තිබියදී   මෙම   ගොඩනැගිල්ලේ   ප්‍රමාදය  ගැන   වගකිවයුත්තෝ  අපට  ලිස්සා  යන  පිළිතුරු  දෙයි. ලෙඩා  මළත්  බඩ  සුද්ධයි  කියන්නාක්  මෙන්  මන්දගාමීව  හෝ  වැඩ  කරනබව   රෝහල්  අධ්‍යක්ෂක  ප්‍රකාශකළේ   මේ  ගැන  විමසූ  අවස්ථාවකය.

එමෙන්ම   රෝහලේ   කානු  වලින්  නිසි ලෙස  ජලය  බැහැර  නොවීම  නිසා  ඩෙංගු  මදුරුවාට අදාල  පරිසරයක්  නිර්මාණයවී ඇත.   කානු ,   කොන් ක්‍රීට්   සහ  ගල්ඇල්ලීමෙන්  වසා  ඇති  නිසා  වැසි  කාලයට  සමහර  තැන්  ජලයෙන්  යට වෙයි.  වැසිකිළි  උතුරා  අසුචි   පවා  ඓම  ජලයට  මුසුවී  ගලායන බව  සමහර  සේවකයෝ  අප සමග  පැවසීය.   මේ  ගැන  කරුණු  දැක්වු   සේවක  පිරිසක්   ප්‍රකාශ  කලේ  ගොඩනැගිල්ලේ  නිමාවක්  දකින්නට  තව  අවුරුදු  5ක්  වත්  ගතවේ  යැයි  කියාය.  ඔවුන්  කරන  එම ප්‍රකාශය  තුල    මෙහි  යථා තත්වය  අවබෝධ   කරගතගහැක.   පිටින්  ඔප  කළද    රෝහලේ  අභ්‍යන්තරයට   තුවාල  සිදුවී  ඇත. ඒවා  සුව  කරගැනීමට   රෝහල්  කමිටුව,  රෝහල්  අධ්‍යක්ෂක,  පළාත්  සෞඛ්‍ය  ඇමති,  සෞඛ්‍ය  ඇමති   ආදී   සියළු  වෙදැදුරන්   මැදීහත්විය  යුතුය.

hos1  hos 2 hos2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article