spot_img
spot_img
Sunday, April 28, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මාක්පාරේ රේල් පීල්ල මත තැලෙන ජීවිත…

Must read

මීගමුව , පෙරියමුල්ල , මාක්පාරේ  ඉතා  පටු  බිම් තීරුවක  ජීවත්වන  ජන  පිරිසකි. පෙරියමුල්ල පල්ලිය  පසුකරන  විට  දකුනු පැත්තේ   මාක්පාර  හමුවේ.  එහි  ටික දුරක්  යනවිට  රේල්  පාර  අසලම  ඇතිකුඩා  පැල්පත්   කිහිපයක්  හමුවේ.   මේ  පැල්පත්  සහ  රේල් පාර අතර  පරතරය සමහර  තැන්වලදී  අඩි  3ක්   පමණ  වනුඇත. රේල්  පාරක්  අසලදී දුම්රියේ  කටෝර  හඩ  ඇසීමට  අප  කිසිවෙකු  කැමති  නැත.  නමුත්  මේ  ජනයා  වසර  30 ක40  කාලයක  සිට මේ  පැල්පත්  වල   පවුල්  30 ක්  පමණ  ජීවත්වේ. අසරණව  සිටින   මේ මිනිස්සු   තමන්ටම  වෛර  කරමින්  ජීවත්වෙයි.  සමහරු   තම  අසල්වැසියා   සතුරෙකු  සේ  සළකා  කටයුතු   කරයි. මේ  ජීවිත  යතාර්ථය  හඳුනාගැනීමේ    අවශ්‍යතාව  මත  ඔවුන්  සමඟ  කළ  කෙටි  කථාබහකින්   පසු  ඔවුන්  දැක්වු    අදහස්   කිහිපයක්  මෙසේ  දක්වමු.DSC_0028

ප්‍රථමයෙන්ම    මුස්ලිම්  කාන්තාවක්වු   ෂිනාන්  පර්සානා  ( අවුරුදු  50)   තමඅදහස්  පළකළේ   මෙසේය.

????????????????????????????????????

අපි  මෙතනට  ඇවිත්  අවුරුදු  27ක්   පමණ  වෙනවා.  මෙතන  ඉඩකඩමදි.  ටොයිලට්  වලවල්  තියෙන්නෙ  ගේ  ඇතුලෙමයි. මටදරුවන්  5යි.  මගෙ  මහත්තය  කුළුබඩු,  කරවල  පැකට්,  ෂොපින්  බෑග්    අදී දේවල්  විකුණනවා.අපි  නාන්නෙ   පොඩි  වලකට.  එක්කෙනෙක්   නාල  ඒ  වතුර  තවත්  බාල්දියකින්   ඇදල  රේල්  පාරට  ගිහින්  දානවා.  වලේ  වතුර  නැති  වෙලාවක   මගෙ  3 වන ළමය   ඒ  වලේ  වැටිල  මැරුණ. අපේ  ළමයින්ට  සෙල්ලම්  කරන්න  තැනක්  නෑ.   මිනිහෙක්  මැරුනහම  උස්සන්නවත්   ඉඩක් නෑ.ලෙඩක්  හැදුනහම  ගේ  ලගට   ත්‍රිවිලයක්  එන්න බෑ.  නිතරම  කෝච්චිය  එන වෙලාවට  බයෙන්  තමයි  ඉන්නෙ.

සුරාජ්  ප්‍රනාන්දු.

මම  සුරාජ්  ප්‍රනාන්දු .   අපි  මෙතන්ට  ඇවිල්ල  අවුරුදු  27ක්  වෙනව. මට දරුවන්  3ක්  ඉන්නවා. මගෙ  රස්සාව  ප්‍රජා  පොලිස්   දුම්රිය  හරස්  මාර්ග  මුරකරු. මාසික  පඩිය  රු. 7500. අපි  බයෙන්  තමයි  මෙතන  ජීවත්  වෙන්නෙ. ගන්න  පඩිය  මදි   පවුල   ජීවත්  කරවන්න.

ඩල්සි   ප්‍රනාන්දු.( අවු.  53)w1

අපි  මෙතෙන්ට  ඇවිල්ල   අවුරුදු  27ක්  වෙනව.මට  දරුවන්  10ක්  ඉන්නවා.  එක්කෙනෙක්   මොලේ  උණ හැදිල  මැරුණ.  3දෙනෙක්  බැදල.  3ක්  පොඩි  රස්සාවල්   කරනවා. බාල  3දෙනා  ස්කෝලෙ  යනවා. මම‍  ගෙවල්  වල  වැඩට  යනවා.  බයෙන්  තමයි  නිතරම  ඉන්නෙ.  ස්ථිර  තැනක්  ලැබෙනව නම්  හොදයි.

w2සිත්ති  අයිෂා  (අවුරුදු  63 )

මට  දරුවන්   5දෙනෙක්  හිටියා .  දැන්  ඉන්නෙ   දුවල  දෙන්නයි.   මගෙ මහත්තය  කෝච්චියට  හැප්පිල  මැරුණ.  දැන්  අවුරුදු  24 ක් වෙනව.  අපි අමාරුවෙන්  තමයි  ජීවත් වෙන්නෙ.  ලොකුදුව   බ¢න්න  ආපු   කෙනා , ගේ  අයිනෙන්   කෝච්චිය   යනව  දැකල  බයවෙල  යන්න  ගියා.  එයාව  අවුරුදු 33දි  ළමයි  4 දෙනෙක්  ඉන්න  කෙනෙකුට  බන්දල  දුන්න. අපි  බොන්න  වතුර  ගන්න  ගොඩක්  ඈතට  යනව. නල  ලිදෙන්   ගහල  තමයි  නාන්නෙ.

 

චම්පිකා    පියදර්ශනී  ( අවුරුදු  46)

????????????????????????????????????

මම  ගෙවල්වල   කුලී වැඩ  කරල  තමයි  ජීවත්වෙන්නෙ.  මහත්තය   මාව  දාලගියා.   එයා කුඩුගහනව. මට දරුවන්  5යි.  ලොකු  දුව  බැදල  වෙනම ජීවත්  වෙනව. දෙවැන්න  අවරුදු  21යි.   එයත්  බැන්ද.  එයාට  අවුරුදු  3ක ළමයෙකුත්  ඉන්නවා. එයාගේ මහත්තයත් එයාව දාලා ගියා.  මෙතන  ඉන්න  අමාරුයි.   ගේ අස්සෙ  වැලිමීයො  හාරනව.  අපිට  ඉන්න  තැනක්  තමයි  ඕනෙ.

සීලවතී

????????????????????????????????????

මම සීලවතී.  මටදැන්  අවුරුදු  59යි. මට දරුවො  3යි.  මගෙ  එක  පුතෙක්  2015  නොවම්බර්  28 වෙනිද  කෝච්චියට   හැප්පිල  මැරුණ.  එයාගෙ  වයස  අවුරුදු   36යි.  මමවැල්ලට  යනව  .  වැල්ලෙ   කාටහරි  වැඩක්  කරලදීල   කීයක්හරි   හොයාගෙන  එදාවේල කාල   ජීවත්  වෙනව. අපි  වැල්ලෙ  මාළු  දැල්  බේරනව,  කරවල  සුද්ධ  කරනව,  ස්ථීර  එකක් නෑ. අහුවෙන  වැඩක්  කරනව.දවසට  රු. 300  / 400ක්   විතර  හම්බ  වෙනව.සමහර  වෙලාවට  ඒකත්  නෑ. මේ  ගේ  ඉඩමදි.  පොලියට  ණයක්  අරගෙන   ටොයිලට්  එකක්  හදා ගත්ත. පාරෙ  ටැප්  එකෙන්  තමයි  නාන්නෙ,  බොන්න  වතුර  ගන්නෙ. කෝච්චිය   නිසා   හිතේ බයක්   තියෙනව.

මේ  දරුවන්  සෙල්ලම්  කරන්නේ    රේල්පාරෙහිය.  මිනිස්සු  කථබහ  කරන්නේ   රේල්පීලි  උඩ  ඉදගෙනය.  පර්සානාගේ   කුඩා  දරුවා  නැතිඋනේ   නාන  වල තුලට  වැටීමෙනි.  සිත්ති  අයිෂාගේ   මහත්තය,   සීලවතීගේ  පුතා   කෝච්චියට  හැපී  නැතිවය.  ස්වාමියා   හැරදමා  ගිය  බිරින්දෑවරු  ,  මත්කුඩු   නිසා  බිඳුනු  පවුල්, සිත්ති  අයිෂාගේ  දුවට  දීගෙක  යාම  ප්‍රමාද  වුනේ   ගේ  අයිනෙන්  ගිය  කෝච්චිය  නිසාය.  කෝච්චිය  ඔවුන්ගේ  බිය  තවතවත්   වැඩි කරයි. හද ගැහෙන  ශබ්දය  මේ  යකඩයකාගේ  ශබ්දයට  සමාන ලෙස  හුරුවී ඇත.  සාමාන්‍ය  වී ඇත. ඒනිසා  ඔවුන්  මේ  පරිසරය   තෝරා ගෙන  ඇත්තේ  වෙනත්  විකල්පයක්   නැති  බැවිනි.  මේ  තත්වයෙන්  මුදවා  ගැනීමට   නම්   මේ  අයගේ  ප්‍රධාන  ඉල්ලීම  වන  වෙනත්   තැනක්    පිළිබඳ අදහසට    අවධානය  යොමුකළ  යුතුය.   එබැවින්   ප්‍රාදේශීය   ලේකම්    කාර්්‍යාලය,  ලස්සන   නගරයක්   පතන  මීගමු  මහ නගර සභාව,  ඉඩම්  අමාත්‍යාංශය  මෙම  කුඩා  ප්‍රදේශයේ   අසරණ  මිනිසුන්ගේ  ජීවිතවල   වගකීම  භාරගත යුතුය.


සටහන සහ ඡායා – සැම්සන් ඥානසිරිDSC_0026

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

601

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article