spot_img
spot_img
Sunday, May 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මත්කුඩු විරෝධි රැළියේදි වේදිකාවේ පියතුමන්ලා පමණයි ! දේශපාලකයන් කැපේ !

Must read

kudu-protest-2 new(2.00 pm )පෙබරවාරි 25 වෙනිදා මීගමුවේදි පැවැත්වෙන මත්කුඩු විරෝධි රැළියට අදාල ඇතැම් දේශපාලකයන් කලින් සැලසුම් කරගෙන සිටි සියල්ල දැන් හබක් වි ඇත.
මේ සදහා ඉතාමත් තිරාණාත්මක ලෙස මිපුර වෙබ් අඩවිය විසින් ඉතා නිවරදි ආකාරයෙන් මතුකරන්නට යෙදුණ කරුණු බලපා තිබුණි.
මේ නිසාම 2018 .2.21 වනදා රාත්‍රියේදි පැවැති මීගමු කතෝලික පියතුමන්ලාගේ විශේෂ රැස්විමකදිද මීපුර වෙබ් අඩවිය විසින් මතුකරන්න  යෙදුන කෙරෙහි වඩාත් අවධානයක් යොමුකරන්නට මීගමුවේ පියතුම්න්ලා කටයුතු කර තිබුණි.
දශකයකට වැඩි කාලයක් මීගමුව තුල නිර්භිතව සත්‍යයට පමණක් වගකියන මාධ්‍ය කලාවක නිරත අප කිසිවෙටකත් ජනතාවට ඇත්ත වැසැන්ගුවේ නැත.
කළු චරිත සුදුකරගැනිමට දැවැන්ත සැලසුම් සමගින් සිටි ඇතැම් දේශපාලකයන් දැන් අවුල් වි ඇත.
මේ දේශපාලකයන්ගේ කළු සල්ලි වෙනුවෙන් කුලියට ලියන කියන ලියනප්පුලාද මේ නිසාම ගැරඩියන්ට භුමිතෙල් ගැසුවාක් මෙනි.
එපමණක්ද ගලඋඩ කැත කළ බළලුන් ගානටද වැටි හමාරය.
දැන් මතුව ඇති ඇත්ත තත්වය වන්නේ මොනවා ලියාවත්  ලොක්කා ගොඩදමා ගැනිමට කිසිම ආකාරකින් නොහැකිවිම පිළිබදව වියරුවකි.
කෙසේ හෝ වඩාත් විශ්වාස කටයුතු මාර්ගවලින් දැනගන්නට ඇති අන්දමට කිසිදු දේශපාලකයෙකුට රැළියේ වේදිකාව තහනම්ය.
එහි සිටින්නේ පියතුමන්ලා 4 දෙනෙකු පමණි.කාර්දිනල් තුමා පැමිණෙන්නේද පමා වෙලාය.
රැළියට සියළු කටයුතු සුදානම් අතර අප විසින් පාප්තුමන්ගේ ප්‍රතිපත්තිය ගැන සදහන් කරමින් කළු සල්ලි ගැන ලිය ලිපියට බහුතරයක්  පියතුමන්ලාගෙන්ද ඉතා ඉහල ප්‍රතිචාරයක් ලැබෙමින් පවති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article