spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කනවනම් ඔන්න මෙදා පාර තමයි ! පට්ටම ලාභයි !

Must read

mango-1239347_960_720

කර්තකොළඹන්  අඹවලට සාමාන්‍යයෙන් ඇත්තේ සුපිරි මිලකි.එහෙත් මේ දිනවල සුපිරි වෙළද සැල්වලදිද අඹ වලට ඇත්තේ සුපිරි නොවන මිළකි.
මෙයට හේතුව වි ඇත්තේ පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ දී අඹ අස්වැන්න මිලියන 100කින් ඉහළ ගොස් ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.මීට පෙර වසරකට මිලියන 200ක් වු අඹ අස්වැන්න මෙවර මිලියන 300 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මහනුවර, බෝගහකන්ද ප්‍රදේශයේ පිහිටා ඇති අඹ සැකසුම් මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් පසු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට මෙම කරුණු පිළිබඳ අනාවරණය වු බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
කෙසේ වෙතත් මේ වන විට දිවයින පුරා අඹ සැකසුම් මධ්‍යස්ථාන 8ක් ප්‍රධාන වශයෙන් පිහිටා ඇති බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.

අද වන විට වෙළඳ පොළේ රසායනික ද්‍රව්‍ය යොදා කෘතිමව ඉඳුණු අඹ වර්ගයන් දක්නට ලැබුණ නමුත් එහි සෞඛ්‍යමය තත්ත්වය පිළිබඳ කිසිදු වගකීමක් නොමැති බව ද සඳහන් කරන කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ අඹ සැකසුම් මධ්‍යස්ථානවල අඹ ඉඳවීම සඳහා විශේෂිත වු කුටීර ඇති බවයි.

ඒවායේ ඉඳුණු අඹ රසයෙන් මෙන්ම ගුණාත්මකභාවයෙන් ද ඉහළ බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
( මුලාශ්‍රය දෙරණ පුවත් )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article