spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නීතිය බල්ලට ගිය මෙන්ඩිස් මාවතේ අනවසර රථගාල !

Must read

මෙන්ඩිස් මාවත අනවසර රථගාල

(10.20 am ) මීගමු රෝහලට පැමිණෙන ජනයාගෙන් විශාල පිරිසක් විශේෂයෙන් යතුරුපැදි සහ පාපැදි දමායන්නේ මාරිස්ටෙලා විදුහල් තාප්පය අසල මෙන්ඩිස් මාවතෙහිය.
මේ ගැන අපි කිහිප වතාවක් සදහන් කළ අතර පොලීසියෙන්ද විමසා සිටියෙමු. මීගමු පොලීසිය සදහන් කළේ මෙම ස්ථානයේ යතුරුපැදි කිහිපවතාවක්ම සොරකම් කරඇති බවයි. මෙහි තහනම් බවට අදාල දැන්වීම් පුවරු පවා තිබියදී කරන මෙම ක්‍රියාව පොලීසියෙන් දැනුවත් කළද නතරවී නැත.

පොලීසිය නීතිය හා සාමය රැකීමේ බලය ඇති ආයතනයයි. ජනතාව එම නීතියට අවනතවිය යුතුය. මෙම ධර්මතාව කැඩීගිය අවස්ථා මීගමු නගරයේ ඕනෑතරම් ඇත. මෙන්ඩිස් මාවතේ ඉහතකී කරණය ඉන් එක් උදාහරණයක් පමණි. ජනතාව දිගින් දිගටම මෙම නීතිය කැඩීමේ නිරතවේ නම් ඔබ ගන්නා මීළග පියවර කුමක්ද? යනුවෙන් අපි අසන්නෙමු.
එසේ නැතහොත් ඔහේ සිදුවෙද්දෙන් කියා නිහඩ පිළිවෙතක් අනුගමනය කරනවාද? අනෙක් පැත්තෙන් අපි ජනතාවගෙන්ද මෙසේ අසමු. මෙය නතරවීමට ඔබේ යතුරුපැදි කීයක් අතුරුදහන් විය යුතුද? එයද ඔහේ සිදුවෙද්දෙන් කියා සිතන්නේනම් පොලීසිය පැත්තෙන් සහ ජනතාවගේ පැත්තෙන් ගන්නාවූ මෙම තීරණ මත රථවාහන සොරුන්ද තමන්ට අවශ්‍ය තීරණය ගනුඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article