spot_img
spot_img
Saturday, April 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කන්දකාඩු උපදේශකවරයෙකුට කොරෝනා ! හිඟුරාණ ප්‍රදේශයේ රැස්වීම් සහ උපකාරක පංති අත්හිටුවයි!

Must read

1595855439-Corona_Positive_L

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ අයෙකුට දෙවැනි වරට සිදුකළ PCR පරීක්ෂණයේදී ඔහුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පසුගිය දා හඳුනා ගෙන ඇත.

ඒ අනුව එම නිලධාරියා ඇසුරු කළ හිඟුරාණ, මුවන්ගොල ග්‍රාම 08 ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසක් ඊයේ දිනයේ සිට නිරෝධායනය කිරිමට පියවර ගත් බව දමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රසාත් විජෙලත් සඳහන් කළ බව නිව්ස්වයර් වෙබ් අඩවිය සදහන් කොට තිබේ.

එම පිරිස  PCR පරීක්ෂණ සිදුකිරිමට යොමුකිරිමට බලාපොරොත්තු වනා බව ඔහු සදහන් කර තිබුණි.

කෙසේ වුවත් එම ප්‍රදේශයේ මේ දක්වා කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයෙකු වාර්තාවී නොමැති බවත් ඒ හේතුවෙන් මුවන්ගල ප්‍රදේශයේ හුදෙකලා කිරීමක් සිදුනොකරන බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් සදහන් කරන්නට යෙදුණි.

මෙම තත්ත්වය හේතුවෙන් හිඟුරාණ නගරයේ දෙවැනි පාලම සහ ගල්මඩුව දක්වා ප්‍රදේශවල අමතර පංති පැවැත්වීම, දේශපාලන රැස්වීම් පැවැත්වීම සහ වෙනත් උත්සව සහ සති පොළ යනාදිය පැවැත්වීම නතර කිරිමට සෞඛ්‍ය අංශ විසින් ජනතාවට උපදෙස් ලබාදී ඇත.

1083 total views, 1083 vie

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article