spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කරවල ගඳ නිසා වැල්ලවීදිය ජනතාව මැසිවිලි නඟති

Must read

DSCF5205

වැල්ලවීදිය පල්ලිය පිටුපස දෙමහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන යනු ලබන කරවල නිෂ්පාදන ක්‍රියාවලියක් නිසා පවුල් 35 ක් පමණ පීඩාවට පත්ව සිටින බව ප්‍රදේශවාසීන් පවසති. මෙම ව්‍යාපාරය නිසා ප්‍රදේශයේ සහ දේවස්ථානයත් ඇතුළුව මුළු  ප්‍රදේශයේම දුර්ගන්ධයක් පවතින බවට ජනතාව පවසති. මේ වෙනුවෙන් පල්ලියේ පියතුමා සමග එකතුව සියළු දෙනා ගේ අත්සන් සහිතව පෙත්සමක්ද ඉදිරිපත් කරමින් වගකිවයුත්තන් දැනුවත් කලද තවමත් විසඳුමක් නොලැබු බව ඔවුන් ප්‍රකාශ කරති.
මේ පිළිබදව වැල්ලවීදිය ප්‍රදේශය භාරව සිටින සෞඛ්‍ය පරික්ෂක ගුණරත්න මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු ප්‍රකාශ ක‍ළේ මේ පිළිබඳව මෙම ව්‍යාපාරය පවත්වාගෙන යන පුද්ගලයන්ට පූර්ව දැනුම්දීමක්  කර ඇති බවත් , ඉදිරි පියවර නත්තල් නිවාඩුව නිසා නැවතුනු නමුත් ඉදිරියේදී ඒ සම්බන්ධව ක්‍රියාත්මක වන බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article