spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කලපුවට කිසිම සම්බන්ධයක් නැති ජෝශප් පිටර් කලපු සංවර්ධන උත්සවයක් මැද්දේ පච වුණ හැටි !

Must read

lagoon 2මීගමුව කලපුව සංවර්ධනය කිරිමේ කටයුත්තක් අරභයා පැවැති උත්සයවය සංවිධානය කිරිම සිදුකර තිබුනේ කලපුවට හෝ ධිවරයන්ට කිසිදු සම්බන්ධයක් නැති දූව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන ජෝශප් පිටර් ඇතුළු පිරිසක් විසිනි.
එය එහෙම පිටින්ම අවුල් සහිත එකක් විය.
අඩුම තරමින් මිගමුව ආසනයේ එජාප සංවිධායකට හෝ අදාල කොට්ටාශයේ මන්ත්‍රිවරයාටවත් කිසිදු නිසි ආරාධනයක් කර තිබුනේ නැත.
මෙහි මුලින් ප්‍රශ්ණය පැන නැගුනේ සැරසිලි ගැනය.
එය මතු කර තිබුනේ කොට්ටාශයේ එජාප මන්ත්‍රිවරයා වෙන සංගිත් විසිනි.
මේ පිළිබදව ධිවර රාජ්‍ය ඇමතිවරයා විසින්ම ජෝශප් පිටර් හට ලුණු ඇඹුල් ඇතිව කියා තිබුණි.
ඒ පාට පාටින් උත්සවයේ සැරසිලි කර තිබිම ගැනය.
දෙවනුව ගැටළුව මතුව තිබුනේ කලපු සංවර්ධනය ගැන සකසා තිබුනේ පුවරුව පිළිබදවය. එහි ආසන සංවිධායකවරයා වු රොයිස් විජිතගේ නම සදහන්ව  නොතිබිම ගැනය.
මේ ගැන ඇමතිවරයා ජෝශප් පිටර් හට කියා තිබුනේ මෙම පුවරුව මේ පුවරුව වහාම ගලවා නිවරදි පුවරුව පමණක් සවිකළ යුතු බවය.
දැන් මෙවැනි ගොන්පාට් රැසක් මෙවන් උත්සයවයක් තුලදි සිදුව තිබියදි ධිවර කාර්යාලයේ ධිවර අධ්‍යක්ෂක ලෙස බණ්ඩාර මහතා කර තිබුනේ කුමක්ද ?
ඔහු ජෝශප් පිටර්ගේ ගෝලයාද නැතිනම් අදාල කටයුත්ත සම්බන්ධිකරණය කළ රාජ්‍ය නිළධාරියාද ?මෙවන් කටයුතු වලදි අදාල විෂයභාර රාජ්‍ය නිලධාරින් වෘත්තියභාවයකින් කටයුතු කල යුතුව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article