spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොන්දොස්තරවරයෙකුට මිගමුව පොලිසියේදි කළ පහරදිමක් නිසා හලාවත බස් වර්ජනයක් !

Must read

bus case 1bus case 2මීගමුව පොලිසිය තුල සිදුව ඇති ප්‍රහාරයක් පිළිබදව මාධ්‍යවේදි ප්‍රසාද් පුර්ණිමාල් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් දැනුවත් කිරිමක මේ වන විට නිරතව සිටි.
මෙසේ ප්‍රහාරයකට ලක්ව ඇත්තේ හලාවත මිගමුව පුද්ගලික බස්රථයක සේවය  කරන කොන්දොස්තරවරයෙකි.මෙකි කොන්දෝස්තරවරයා සේවය කළ බස් රථයේ පැමිණි කාන්තාවකගේ මුදල් පසුබිම්බියක් නැති වි ඇති අතර  ඇය එය දැනගෙන ඇත්තේ බස්රථයෙන් බැසිමෙන් පසුවය.bus case 3
ඇය පසුව බස් රථය නවතන ලෙස කෑ ගසා ඇතත් බස් රථය දිගටම ධාවනය කර තිබේ.
මේ හේතුව නිසා අදාල කොන්දොස්තරවරයා මිගමුව පොලිසියට පසුගිය 6 වෙනිදා කැදවා ඇති අතර එහිදි මෙම පහර දිම සිදුව ඇතිබව මාධ්‍යවේදි ප්‍රසාද් පුර්ණිමාල් කියයි.
.ඔහු තවදුරටත් කියා සිටින්නේ මෙම පහරදිම සම්බන්ධයෙන් මිගමුව පොලිස් අධිකාරි කාර්යාලයේ පැමිණිල්ලක්ද සිදුකර ඇති අතර අදාල කොන්දොස්තරවරයා දැනට හලාවත රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.
මෙම  ප්‍රහාරයට එරෙහිව මේ වන විට හලාවත සිටි පටන් ගන්නා මාර්ග ගණනාවක පුද්ගලික බස් රථ වර්ජනයක්ද ක්‍රියාත්මකය.
මේ පිළිබදව කරුණු දැනගැනිමට මිගමුව පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා  ඇමතුවද ඔහු සම්බන්ධකරගැනිමට නොහැකි විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article