spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දළුපත ප්‍රජාපොලිස් ඒකකයෙන් විශේෂ සමාජ සත්කාරයක්.

Must read

elders hm 1elders hm 2

නැනෙහිර  දළුපත  (අංක 72  කොට්ඨාශයේ  )   ප්‍රජාපොලිස්  ඒකකය  විසින්   සංවිධානය  කරනලද  විශේෂ  වැඩසටහනක්  අද (09)  තම්මිට   වැඩිහිටි  නිවාසයේදී   පවත්වන  ලදී. මෙදින  ප්‍රධාන  වශයෙන්  සිදුකෙරෙන්නේ   මෙම  වැඩිහිටි  නිවාසයේ  සිටින  සියළුම  මව්රුන්  සහ  පියවරුන්ට  ආහාර  වේලක්  සහ  ඇඳුම්   ලබාදීමයි.  මේ  අතර   ඔවුන්  සතුටු කිරීම  සඳහා  සංගීත  වැඩසටහනක්ද  පැවැත්වීමට    කටයුතු  යොදා  තිබින. මේසඳහා     ආරාධිත  අමුත්තන්ලෙස            අඟුරුකාරමුල්ල  විහාරස්ථානයේ  නායක  සංඝ්‍යා වහන්සේ  වන විපුලරත්න හිමි,  දළුපත  මෙතෝදිස්ත  දේවස්ථානයේ  අබේසිංහ  පියතුමා,  එම  දේවස්ථානයේම   මීට  පෙර  කටයුතු කළ  ශ්‍රීලාල්  පියතුමා,  තම්මිට  කාදිනල්  කුරේ මධ්‍යස්ථානය  භාරව  කටයුතු කරන  රිස්වාන් පියතුමා, පෙරියමුල්ල  මුස්ලිම්  දේවස්ථානයේ   මව්ලවි  පූජක තුමා, ප්‍රධාන  පොලිස්  පරීක්ෂක  යූ. ඩී  ප්‍රියන්ත  මහතා,  පොලිස්  පරීක්ෂක  ජයතිලක  මහතා ඇතුළු  තවත්  පොලිස්  නිලධාරීන්  කිහිපදෙනෙකු   මේ  සඳහා  සහභාගිවිය.elders hm 3elders hm 4

ප්‍රථමයෙන්ම  ආගමික  කටයුතු  ඒඒ  ආගමික  නායකයින්  විසින්  සිදුකළ  අතර  ඉන්පසු  කෙටි  අදහස් දැක්වීමක්  පැමිණ  සිටි  ආගමික  නායකයින්  ඇතුළු  ආරාධිත  අමුත්තන්  අතින්  සිදුවිය. මෙකී  කථා තුළින්  ප්‍රකාශ වූයේ   වැඩිහිටි  විය  විශේෂ  තත්වයක්  තුළ  සැළකුම්  ලැබිය යුතු  බවයි.මෙම  වැඩසටහනේ  තවත්  විශේෂ  අවස්ථාවක්  වූයේ  ගීත  ගායනා  කිරීමයි.  මෙහිදී   මව්මරුන්  සහ  පියවරුන්  එම  ගීතවලට  අනුව  නැටුම්ද  ඉදිරිපත්  කරන  ලදී. එසේම  ඔවුන්ද  ගීත ගායනා  කරන  ලදී.  මේ  ස්ථානයේ  මව්වරු  සහ  පියවරු  65ක්  සහ  ඔවුන්  බලා ගැනීම  සඳහා  කන්‍යා සොයුරියන්  6 දෙනෙකුද  සිටින බව   අප  සමඟ  පැවසීය.

මෙම  අවස්ථාව  තවත්  එක්  වැඩසටහනක  අවස්ථාවක්  පමණකත්  වුවද   අද සමාජයේ  මතුවී  තිබෙන  ප්‍රශ්ණයක්  පිළිබඳව  මතුකෙරෙන එක්  හරස්  කඩක් ලෙස  හැඳින්විය  හැක. වයසට  පත්වන  මිනිස්සුන්ට  දරුවන්ගේ  රැකවරණය   ලබාදීමට  ඇති  නොහැකියාව  තුළ   මේ  සමාජයේ  ඔවුන්ට  මුහුණ  දීමට  සිදුවී  ඇති  තත්වය  ගැන  යම්  හැඟීමක්  ඇති  කරගතහැකි  අවස්ථාවකි.  ඔවුන්   පිටින්  පෙනෙන  ආකාරයට නම්  කිසිදු  ගැටළුවක්  නැත්තාසේ  හැසිරුනද  අභ්‍යන්තර   තත්වය  ඊට  හාත්පසින්ම  වෙනස්  එකක්  බව  පෙනින.  සමහරු  නටා  ගයා  ප්‍රීතිවී  සිටියද  සමහර  අය  දැඩි  කල්පනාවක  නිරතවී  සිටිනු  දැකිය හැකිවිය.  අම්මා වරුන්  පිළිබඳව   ගයන ලද  ගීත වලට  වඩා  ඔවුන්  වැඩියෙන්  ඇළුම්  කළේ  වේගරිද්මයේ  ගීත  වලටය. ඔවුන්ගේ  ඉල්ලීම  වූයේද  එවැනි  ගීත  ගායනා  කරන  ලෙසටය.  කෙසේ  නමුත්  ඔවුන්  මානසිකව  හෝ  සතුටුකිරීම  උදෙසා  කරනලද  මෙම  වැඩසටහන  අගයකළ යුතු  එකක්  බව  කිව යුතුය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article