spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කලපුවේ මොද කොටු මත්‍යස වගාවට ගැටළු රැසක් ! ධීවරයෝ මැසිවිලි නගති ?

Must read

සැම්සන් මොද කොටු 1

කුඩා කල  තම  පියාගෙන්   ලත්  ආභාෂය  අනුව  ධීවර  රැකියාවේ  නිරතවූ   ඔහු  නමින්  සැම්සන්  නමින්  හඳුන්වන  අතර  කොටු  තුළ  මොදා  මසුන්  ඇතිකරන්නන්ගේ  සමීතියේ   සභාපතිය. වයස  අවුරුදු  68ක්  වන  නමුත්  විවිධ  පැති  වලින්   සමාජයට  යම්  සේවාවක්  ඉටු  කරන්නට    ඔහු  උත්සාහ  දරයි.  මේ  නිසාම  තමන්ගේ  පුද්ගලික  වුවමනාවට  වඩා  සමීතියේ   සාමාජිකයින්ගේ  පොදු  වුවමනාවට  පළමු  තැන  දීමට  ඔහු  නිතර  උත්සාහ  කරයි. මෙම  පුද්ගලයා  තුළ  ධීවරයෙකු  මෙන්ම  සැබෑ  නායකයෙකුද  සිටින  බව  ඔහු  සමඟ  කරන  ලද  කෙටි කථාබහ  අනුව  වටහා  ගැනීමට   හැකිවිය. පසුගිය  දිනවල  මොදකොටු  සඳහා  උපකරණ  බෙදාදීමක්  මීගමුව  ධීවර  කාර්්‍යාලයේදී   සිදුවූ  අතර   ඒ පිළිබඳව  සහ  කලපුවේ  පවතින  වෙනත්  ප්‍රශ්ණ  සම්බන්ධව  ඔහු  තම  අදහස්  පළකළේ   මෙසේය.

මොදකොටු   හදන්න   අපට  දැල්  සහ  අනෙකුත්  ආම්පන්න  ලබාදීමක්  කළා.   ඒවා  ලබාදුන්නෙ  නොමිලේ.  මම නම්  ඒකට  විරුද්ධයි.  මොකද  අපි  ලියාපදිංචි  සමීති  සාමාජිකයො  60ක්  ඉන්නවා.  39 දෙනෙකුට  තමයි  මෙම  බඩු  ලැබෙන්නෙ.  මම  ඇහුව  මේ  උපකරණ  අපි  60 දෙනා  අතර  බෙදා  ගන්නද  කියල.  ඒකට  නිලධාරි  මහත්තුරු  කැමති  වුනේ  නෑ.  ඒවගේම  මෙම  ආම්පන්න  වැඩියි.  මේක  අපරාධයක්.මොද කොටු 2

මේ  රස්සාවට  ඉස්සෙල්ල  මොනවද  කළේ?

මම  අවුරුදු  13 ක් විතර  මන්නාරමේ  ධීවර  රස්සාව  කළා.  අපේ  බෝට්ටු වලින්  අල්ලන  මාළු  කරවල  කිරීම සහ  ඒවා  විකිණීම  ප්‍රධාන  රස්සාව  වුනේ.  ඒවුනාට  ධීවර  රස්සාවේ  ඕනෑම  කාරණයක්  ගැන  හොඳ  අවබෝධයක්  අපිට  තිබුනා.  අද  සමහර  ධීවරයින්ට  හරියට  ගැටයක් වත්  ගහගන්න  බෑ.  නමුත්  අපි  ඒ සියල්ල  හරියට  දැනගෙන  තමයි  මේ  ධීවර  රස්සාව   කළේ.  මන්නාරමෙන්  ආවට  පස්සෙ  පිටිපන  මාළු  ලෙල්ලමේ  මාළු  බිස්නස්එක  ටික  කාලයක් කළා.  නමුත්  ඒකත්  පස්සෙ   අත්හැරල දැම්ම.

ඇයි  මාළු  බිස්නස් එක  අත්හැරල  දැම්මෙ?

ලෙල්ලමේ  මාළු  වෙළඳාම  කරන්න  අපිට  අමාරුයි.  එතන  විනයක්  නෑ.  හොඳටම  පිරිහිච්ච  තැනක්.  මීගමුවෙ  මාළු  රස්සාව  ගැන  කථා   කරනවිට  අදාල  නිලධාරීන්  මීට  වඩා  මේ  ගැන  සැළකිලිමත්  වෙන්න   ඕනෙ.  මොකද  ප්‍රශ්ණ  ගොඩක්  තියෙනවා  ඒව  එකක්වත්  විසඳන්නට  ඒ  අයට  වුවමණාවක් නෑ.  අපි  කැමති  නැති ධීවරයට  හානිකර   දේවල්   සිද්ධවෙනකොට   ඒව  අනුමත  කරන්න    මම  කැමති  නෑ.  මම  ඒවට  විරුද්ධව  කථාකරනවා.

මොදකොටු  වල  තත්වය  කොහොමද?

මේ වෙනකොට කිලෝ  එකක්  රු. 500/  ක්  600/ ක්  වගේ   මිලක්  වෙනවා.  ඒ  අනුව  මොදා  කොටු  රස්සාවෙන්   අවුරද්දකට  රු. ලක්ෂ 12 ක  විතර  ආදායමක්  හොයන්න  පුළුවන්.  හැබැයි  ඒක  නිසි  විදිහට  කරන්න  ඕනෙ. මාස තුනෙන් තුනට  පැටව් ලැබෙනවනම්.  කෑම  නිසි  විදිහට  ලැබෙනවනම් ,  මාස  තුනෙන්  තුනට  විකිනිය  හැකියි.  මම  8×6 කොටුවක  පැටව් 500  ක්  දානවා. කොටු  10ක  පැටව් ලොකුවෙන  ආකාරයට  මාරු  කළ යුතුයි.  10x 10   කොටු  හදන්න  කියල  ධීවර  කාර්්‍යාලයෙන්  අපට  උපදෙස්  දුන්න.  නමුත්  කොටුව  උස්සන්න,   මාළු  අල්ල ගන්න    වගේ  දේවල්  කරන්න  අමාරුයි.

 මේ  රස්සාවට  තිබෙන  ප්‍රශ්ණ   මොනවද?

ප්‍රධානම  ප්‍රශ්ණෙ  තමයි  මාළු  පැටව්  ලබාගැනීමට  ඇති  අපහසුව. එකපැටවෙක්  රු. 40/ ක්වෙනවා. ඒ  ගානටවත්  ගන්න  නැතිඑකයි  ප්‍රශ්ණෙ.  කලින්  අපි  පැටව්  ගෙනාවෙ  හලාවතින්.   දැන්  මඩකලපුවෙන්  දෙන බව  කියනවා.නමුත්  තවම  දුන්නෙ  නෑ.ජලජීවී  එකට  මේ  වගකීම  තියෙන්නෙ.  ඒගොල්ලො  හරියට  ඒ වගකීම  ඉටු  කරන්නෙ  නෑ.

තවත්  ප්‍රශ්ණයක්  තමයි  අධිවේගී  ලෙස  බෝට්ටු  පැදගෙන  යාම.  මේගැන  අපි  නේවි එකට,  ධීවර කාර්්‍යාලයට,  ධීවර  අමාත්‍යාංශයට  කිව්ව.  ලිඛිතව  දැනුම්  දුන්න.  නමුත්  කිසිදු  පලක්  වුනේනෑ.

කලපුවේ  තිබෙන  තවත්  ප්‍රධානතම  ප්‍රශ්ණයක්  වෙන්නෙ  කරවල  කිරීමේදී   අපද්‍රව්‍ය  දැමීම  සහ  විශාල  ලුණු  ප්‍රමාණයක්  මුදා හැරීම.මේනිසා  අදවනවිට  මාළු  බෝවීමට  එය  කෙලින්ම  බලපාල  තියෙනව.

කලපුවෙන්  තම  ජීවිතය  ගොඩනගා ගත්  ධීවර  ප්‍රජාව   එය  රැකගැනීම  උදෙසා   කටයුතු  කළ යුතු බව  සැම්සන්  අවධාරණය  කරයි.  නමුත් කලපුවේ  සිදුවන  විනාශය  ගැන   නිලධාරීන්ගේ  උනන්දුව  කිසිසේත්ම  ප්‍රමාණවත්  නැති බව  ඔහුගේ  අදහසයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article