spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමුව බස්නැවතුම්පල ලංසා පවුලේ බූදලයක්ද?

Must read

IMG-b6b03d741b45561709649f21d2913257-Vමීගමුව බස් නැවතුම්පල ඉදිරිපිට පුද්ගලික බස්රථ දෙකකට ගමනාගමනය සඳහා ඉඩදෙමින් ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථයක් එම ස්ථානයේ නතරකිරීමට ඉඩ නොදෙන පුවතක් අපට ආරංචිවී මීගමුව ඩිපෝ අධිකාරී ලලන්ත මහතා හමුවුයේ ඒ ගැන විමසා බැලීම සඳහාය. මේ අනුව එකී තහනම් නියෝගය දී ඇත්තේ මීගමු නගරසභාවේ නගරාධිපති වරයා විසින් බවත්, .මෙම තහනම පැනවී ඇත්තේ M B – 7360 අංකය දරණ ලංකා ගමනාගමන මංඩලයට අයත් බස්රථයට බවත් ලලන්ත මහතා අප සමඟ පැවසීය. මෙම බස්රථ දෙක D S ගුනසේන නම් අයෙකුට අයිති වන අතර එක් බස් රථයක් N C 4866 වේ. බස් රථ දෙක 6.00- 8.00 දක්වා සහ ප.ව. 13.45- 14.45 දක්වා අදාල ස්ථානයේ නතර කෙරේ. ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයද පෙ. ව. 7.10 -8.00 දක්වා මෙම ස්ථානයේ නතර කිරීමට නියමිතව ඇත. නමුත් මෙකී තීරණය පිළිබඳව ඩිපෝ අධිකාරී ලලන්ත මහතා දැඩි කණස්සල්ලට පත්වී ඇතිබව දක්නට තිබින. කෙසේ නමුත් රජයේ පොදු සේවාව නංවා ලීම උදෙසා කටයුතු කළයුතුව තිබියදී මෙවැනි දේවල් සිදුවන්නේ කෙසේදැයි ප්‍රශ්ණ කළ යුතුව ඇත.මෙය කුමන නීතියකට අනුව සිදුවන්නක්දැයි අපි නොදනිමු. ඉහත සඳහන් කාරණය පමණක් නොව තවත් මෙවැනි දෑ පිළිබඳව මොවුන්ගේ පැටිකිරිය අවුස්සා බලනවිට පැහැදිළි වන්නේ මෙය මෙම පවුලේ ශරීරගතව ඇති රෝගයක් බවය. මන්ද කොහේ හෝ තැනක රජයේ දෙයක් ඇත්නම් එය ඔවුන්ගේ පුද්ගලික දෙයක් ලෙස හිතා කටයුතු කරන සිරිතක් මොවුන් සතුව ඇත. තමන්ගේ මල්ලට යමක් ලැබේනම් ඕනෑම ජරාවකට අතදැමීම මේ අයගේ සිරිතකි. දිගින් දිගටම නගරසභාවේ නිල බලය සහ මැරබලය යොදා ගනිමින් කරන මෙකී ක්‍රියාවන්ගේ අවසානයක් තිබිය යුතුය. උඩින් පෙනෙන්නට මහත්මා ගතියක් මවා පෑවද මහ දවාලේ කරන තක්කඩි වැඩ වසන් කිරීමට නොහැක. නීතිය නම් මම වෙමියි පවසමින් කටයුතු කළ එක්තරා පාලකයෙකුට අවසානයේදී උරුමවූයේ ඉතිහාසයේ කුණු බක්කිය බව අප ඔවුන්ට මතක්කර සිටිමු.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article