spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ආගමික මුහුණුවරින් සිදුවන කලදුටුකල වලඉහගැනීමේ ක්‍රමයේ ගසාකෑමක්.

Must read

katunwapitiya 1

කතෝලික  දේවස්ථාන  පසුබිම්  කරගෙන  පැවැත්වෙන  මංගල්ල උත්සව වලදී  එම  දේවස්ථාන  අසල ඇති  පාරවල්  අයින්වල  විවිධ  බඩු භාණ්ඩ  වෙළඳම්  කරන  වෙළඳුන්ගේ  කඩ  ඉදිකිරීම  සාමාන්‍ය  සිදුවීමකි. එකී  සිදුවීම  විශේෂ   කාරණයක්  ලෙස  කථාකරන්නට  සිදුවී ඇති  අවස්ථාවක්   කටුවපිටිය  ශාන්ත සෙබස්තියන් දේවස්ථානය  පැත්තෙන්  කථාබහට  ලක්වනු  පෙනින.  මෙහිදී  මෙම  කඩ  අටවාගෙන   සිටින  වෙළඳුන්  සමඟ කළ  විමසීමකදී  ඔවුන්  ප්‍රකාශකළේ   මෙම කඩවල ඉඩකඩ  සඳහා  අඩියකට  රු.3000/ක  මුදලක්  අයකරන  බවයි. එක්  අයෙකු  අප සමඟ  ප්‍රකාශ  කළේ  තමන්  මේ සඳහා  රු. 75000/ ක  මුදලක්  ගෙවන  බවය. මේ  අනුව  අඩි  ගනනට  අනුව මෙකී  මුදල  අඩුවැඩි  වන  බවත්,  විදුලි  ආලෝකය  සඳහා  වෙනම  මුදලක්  අයකරන  බවත්ය. එය  දිනකට  රු.150/ කි.  එය  දේවස්ථානය  විසින්ම  භාරගත්  කොන්ත්‍රාත්තුවකට  අනුව  සිදුවන බව ඔවුන්  ප්‍රකාශ කරයි.විදුලි  බුබුළු  5ක්  දැල්වෙන්නේ නම්  දිනකට  ඒසඳහා  රු.750/ ක්  වැයවේ. මෙම  දේවස්ථානයට  වැඩි  සෙනඟක්   පැමිණීම  මෙවැනි  මුදලක්  අයකරගැනීමට  හේතුව  ලෙස  සමහරු   අදහස්  දක්වති.  නමුත්  එම  හේතුව  දඩමීමා  කරගෙන   මෙවැනි  මුදලක්  අය  කිරීම  කොතරම්  සාධාරණදැයි  විමසාබැලීම  වැදගත්වේ. මන්ද  ආගමික  ස්ථානයකින්   සිදුවිය යුත්තේ  සමාජයට  යහපත් ආදර්ශයක්  ලබාදීම  සහ   ජනතාවට  යහමග  පෙන්වාදීම  වන  බැවිනි.katuwapitiya 3katuwapitiya 2

අනෙක්  පැත්තෙන්  බලනවිට  මෙම  අවස්ථාව  උපයෝගී  කරගෙන  යම්කිසි  වෙළඳාමක්  කරගනිමින්  අතට  මුදලක්  සොයා  ගැනීමට  යොමුවන  අය   යහමින්  මුදල්  අතැති  පොහොසත්  අය  නොව.  එදිනෙදා  ජීවිතය  සඳහා  අරගලයක්  කරන  සාමාන්‍ය  මිනිස්සුය.  ඔවුන්  විශාල  ලාබයක්   මේ  වෙළඳාමෙන්  ලබා  ගන්නවා  යන  තර්කය  දමා  මෙවැනි  අයකිරීමක්  කළ  හැක්කේ  මිනිසුන්   ගසාකන  කූට  ව්‍යාපාරිකයින්ට  පමණි. ඔවුන්  තමන්ගේ  මැර බලයද  යොදා  ගනමින්  මෙසේ    ධනය  රැස්කරන  ආකාරය  අප  දැක  ඇත්තෙමු.  මීගමු  නගරයේ  ඇති  පොළවල්  මීට  හොඳම  උදාහරණයකි.

මේ  අනුව  මෙවැනි  දේවල්  මෙම  දේවස්ථානයේ   ගරුත්වයට   සහ  පිළිගැනීමට  යහපත්  කරුණක්  නොවන  බව  කිව යුතුය.  අපට  අවශ්‍ය  වන්නේ  දේවස්ථානයේ  කටයුතු  සඳහා  බාධාවක්  කිරීමට  නොව  ඉහතකී  තත්වය   ආගමික  ස්ථානයකින්   සිදුවීම  සදාචාරාත්මක  නොවනබව  හෙළිකිරීමට  පමණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article