spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කලාපේ ගැටුමේදී පොලීසිය අතේ තිබුණේ නවීන ගිණි අවි ද ? – වීඩියෝ සාක්ෂියක් ගැන නැවත කියවීමක්

Must read

(9.30am2011 වසරේදී කටුනායක වෙළඳ කලාපයේ විශ්‍රාප වැටුප් පනට එරෙහිව සිදුකළ උද්ගෝෂණ වීඩියෝගත කළ සිරස මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීන් තිදෙනෙකු විසින්  ඊයේ (22) මීගමුව මහ අධිකරණයේදී මහා අධිකරණ විනිසුරු අමල් රවීන්ද්‍ර රණවිරාජ මහතා ඉදිරියේදී සාක්ෂි දෙන ලදී.මෙම  නඩුවේ පැමිණිලි පාර්ශවය වෙනුවෙන් අධිනීතිඥ උදාර කරුණාතිලක සහ තිස්ස විජේසූරිය යන නීතිඥවරුන් පෙනීසිටින අතර විත්තිය වෙනුවෙන් ජේ්‍යෂ්ඨ නීතිඥ හර්ෂ නානායක්කාර මහතා සහ  ජේ්‍යෂ්ඨ නීතිඥ සුමුදු හීන්කෙන්ද මහත්මිය පෙනී සිටින ලදී.
මාධ්‍යෙව්දී සුසන්ත අබේරත්න මහතා.
නම – විතානාරච්චිගේ දොන් සුසන්ත අබේරත්න මහතා. වයස අවුරුදු 44යි. පදිංචිය ,දකුණු ගලහිටියාව,ගනේමුල්ල.
වෘත්තිය – සිරස ආයතනයේ  ප්‍රාදේශීය නිදහස්  මාධ්‍යවේදී – ගම්පහ
ප්‍ර.- සිරස ට සම්බන්ධ වීමට කලින් රැකියාවක්  කළාද ? –
පි.   ඔව් ලක්බිම පුවත්පතේ වැඩ කළා.
පි.- සිරස ආයතනයට සම්බන්ධ වෙලා දැන් වසර 12ක්

ප්‍ර..- රූගත කිරීම් සම්බන්ධව පුහුණුවක් ලබලා තිබෙනවා ද?
පි.- 2006 දී මුලින්ම  පුහුණුවක් ආයතනයෙන් දුන්නා. පසුව නැවත දින 05 ක වැඩමුළුවක් මගින් නැවත පුහුනුවීම් වල නිරත වුණා.
ප්‍ර.- ඔබ වීඩියෝකරණය ගැන හැදෑරුවේ කොයි කාලෙද ?
පි.- මගේ හිතවතෙකු හරහා මම පුහුණු වුණා. නමුත් ඊට පෙර මම නිශ්චල ඡායාරූපකරනය ගැන හොඳින් දැනුවත්ව සිටියා.
ප්‍ර.- ඔබ දැන් වසර 12ක් තිස්සේ සරස ආයතනයේ සේවය කළා. 2011 /06/29 මතකද ?
පි.- ආයතනයෙන් මට ඒ ගැන දැනුම් දුන්නා. මම ඒ ගැන දැනුවත්

ප්‍ර.- එදා භාවිතා කළ කැමරාව මොකක්ද ?
පි.- MBN S 230 පැනසොනික් හැන්ඩි කැම් කැමරාවක්
ප්‍ර.- එය ඔබේ කැමරාවක් ද
පි.- ඔව් මගේ පුද්ගලික එකක්
වසරකට පෙර තමා මම භාවිතා කරන්ඩ ගත්තේ.

ප්‍ර.- එදින වන විට හොදින් ක්‍රියා කලා ද
ඔව් – ඉන් පසුව වසර 3ක වෙනකම් පාවිච්චි කළා. ඒක කැසට් පට දාන කැමරාවක්
ප්‍ර.- ඒ කැමරාවේ ශබ්ද පටිගත කල හැකි ද
පි.- ඔව් තිබෙනවා. එමෙන්ම මයික් එකකුත් අපට දෙනවා.

ප්‍ර.- ඔබ සිරස ආයතනයට අදාළව විශේෂ ප්‍රදේශයක් බාරව සිටිනවාද?
පි.- ඔව් මම විශේෂයෙන්ම ගම්පහා වාර්තා කරන්නේ. කිරිදිවැල,ගම්පහා,කඩවත තමා මගේ ප්‍රදේශ. මේ ප්‍රදේශයට වෙනමම මාධ්‍යෙව්දීන් පිරිසක් සිටිනවා.

ප්‍ර.- චම්පිකව ඔබ දන්නවා ද
පි.- ඔව් චම්පික සිරස ආයතනයේ ස්ථීර සේවකයෙක්. රංජිත් පරඩිනැන්ඩස්වත් දන්නවා.
ප්‍ර.- ඔහු කොපමණ කාලයක් තිස්සේ සිරසට සම්බන්ධ ද කියලා දන්නවාද
පි.-      දන්නේ නෑ
ප්‍ර.- යම් සිදුවීමක් වාර්තා කිරීමට ආයතනයේ මාධ්‍යවේදීන් කීපදෙනෙක් සහභාගී වන අවස්ථා තිබෙනනවාද
පි.- අපේ මීඩියා එකේ එක වැඩකට එක මාධ්‍යවේදීයායි යන්නේ. ලොකු සිද්ධියක් වුණොත් තමා ඔක්කොම යන්නේ. තනියෙන් වාර්තා කරන්ඩ
අමාරුයි   කියලා කිව්වොත් ආයතනයෙන් එතනට තවත් කෙනෙක් එවනවා.

ප්‍ර.- ඔබ එතනට පැමිණියේ කීයට ද

පි.-  9.30ට වගේ මම එතනට ආවා.
මම එන වෙලාවේ කලබලයක් දැක්කේ නෑ. එතන ඉද්දි තමා ඉදිරියෙන් තියෙන ගේට්ටුව පැත්තෙන් මොකක් හරි වෙනවා දැක්කේ.

බියන්විලගේ ජෝශප් පෙස්ටස් රංජිත් පර්ඩිනැන්ඩස් මහතා /ගුවන්තොටුපළ News 1st සිරස TV වාර්තාකරු
වයස -70යි

ප්‍ර.- ඔබ කැමරාව පාවිච්චි කර රූගතකිරීම් ඒ  සමග කරනවා ද
පි.-      ඔව්
ප්‍ර.- මේ සිද්ධිය වනවිට 60 වන වියෙහි පසුවන්නට ඇති
පි.-  ඔව්
ප්‍ර.- ඔබ පුවත් වාර්තා කිරීම ආරම්භ කලේ වසර 30කට පෙර.
කැමරාව පුහුණු වුණේ කොහොම ද?
පි.- ඒ කාලේ රූපවාහිනිය,අයි.ටී.එන්  ආයතන ආරම්භ කළ මුල් කාලේ ඒවායේ වැඩකරන්ඩ සිද්ධ වුණා. මම එංගලන්තේ සිටි ඇන්ඩ් ගිල්ස් ඔෆ් ද   ලන්ඩන් කියන ආයතනයේ  ටෙලි කොමිනිකේෂන් සම්බන්ධ උපාධියක් ලබා තිබෙනවා.

පි.- ඔබ මේ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙක් ද?
පි.- ස්වාධින රූපවාහිනිය ආරම්භ කරන කාලේ මට ඒ ගැන ඉගෙන ගන්ඩ සිද්ධ වුණා. පසුව එම ආයතනයේ  පුහුණුවක් ලබාදුන්නා. පසුව ජාතික රූපවාහිනියේ සහ තවත් පුද්ගලික නාලිකා වල සේවය කළා. ස්වර්ණවාහිනියෙත් වැඩ කළා. සිරස එෆ්.එම් එකට තමා මුලින්ම සම්බන්ධ වුණේ. මම තමා සිරසේ ජේ්‍යෂ්ටතම මාධ්‍යවේදියා.

ප්‍ර.- ප්‍රේමලාල්  කියන මාධ්‍යවේදියාව ඔබ දන්නවාද ?

පි.- ඔව් ඔහු මගේ ඥාතියෙක්
ප්‍ර.- එයාට කැමරාකරනය කරන්ඩ ඔබ කියලා දීලා තිබෙනවා ද?
ඔව්
ප්‍ර.- එදා කොපමණ වේලාවක් ඔබ සිද්ධිය වුණ තැන හිටියද?
පි.- එදින පටන් ගත්ත වෙලේ ඉදන් අවසානය තෙක් හිටියා.
ඒ කාලේ  කැමරාවේ චාජ් එක තිබුණා. මම තව බැට්රිත් අරගෙන යනවා.

ප්‍ර.- ඔබේ රූගත කරන කැසට් පට වලට මොකද කරන්නේ ?
පි.- රූ ගත වෙච්ච ප්‍රමාණය කරපු ගමන් මගේ ආයතනය වෙත යවනවා.

ප්‍ර.- යවන තැටි ආයෙත් ලැබෙනවා ද?
පි.- ඔව් ඒවා නැවත මකලා ආයෙත් පාවිච්චි කරනවා.

(ජේ්‍යෂ්ඨ නීතිඥ හර්ෂ නානායක්කාර මහතා විසින් නගන ලද හරස් ප්‍රශ්න)

ප්‍ර – ඔබ 30 වනදා සම්පූර්ණයෙන් වැය කළ කාලය ?
පි.-     උදේ සිට සවස් වනතුරු
ටී 56 අතේ තිබුණ පොලිස් නිලධාරීන් කී දෙනෙක් හිටිය ද
පි – විශාල ගිණි අවි තිබුණ නිලධාරීන් 100කට වඩා හිටියා. ඒවා  පිස්තෝල නෙමෙයි.

(වීඩියෝ දර්ශන වලට අනුව )
ප්‍ර.- සුදු පාට හෙල්මට් එක පළදලා ඉන්න  නිලධාරියාගේ අතේ තියෙන්නේ කුමක් ද? එය අදුරන්ඩ පුලුවන් ද?
පි. –   ගිණි අවියක් වගේ
ප්‍ර.- ගිණි අවි සහ කඳුළු ගෑස් භාවිතා කරන අවස්ථා ගැන ඔබට අවබෝධයක් තිබෙනවා ද?
ඔව්
පි.   ගිණි අවි සහ කදුළු ගෑස් සදහා භාවිතා කරන අවිත් තිබුණා
පැමිණිල්ලේ නීතිඥවරයා ප්‍රශ්නයක් අසයි.
ප්‍ර. ඔබ කලින් සඳහන් කළා දවස තුළ ගිණි අවි ගත් නිලධාරීන් 100කට වඩා සිටියා කියා. ඔබ අදහස් කළේ  ගැටුම් අවස්ථාවේද ?
පි.- මම එතන සිටි අවස්ථාවේදී
නැවතත් හරස් ප්‍රශ්න
ප්‍ර- STF නිල ඇඳුමේ වෙනසයි සාමාන්‍ය පොලිස් නිලධාරියෙකුගේ ඇඳුමේ වෙනස ඔබ දන්නවාද ?
පි.- ඔව්
ප්‍ර.- කාකි ඇදුමින් සිටි නිලධාරීන් කී දෙනෙක් අතේ ගිණි අවි තිබුණා ද ?
පි.-  පොලිස් නිලධාරීන් 100කට වැඩි පිරිසක් අතේ ගිණි අවි තියෙන්ඩ ඇති කියලා මම හිතනවා.
ප්‍ර.- වීඩියෝ ක්ලිප් එකේ දිස්වන සිරස ලෝගෝ එක  තමුන් පටිගත කරද්දි යොදනවා ද?
පි.- ඒක දාන්නේ මූලස්ථානයෙන්.
ප්‍ර- කොයි අවස්ථාවේදී ද ලෝගෝ එකක් දාන්නේ ?
පි.- විකාශනයේදී යොදනවා.
ප්‍ර.- සංස්කරනයේදීද නැත්නම් අනිත් අවස්ථා වලදීත් දානව ද?
පි.-  හදිසියකදී එඩිට් නොකරත් දානවා.

මාධ්‍යවේදී  චම්පික විජේසිංහ මහතා
වයස -49
ප්‍ර.- ඔබේ රැකියාව – පි.-  කැමරා ශිල්පියෙක් ලෙස සිරස මාධ්‍ය ආයතනයේ සේවය කරනවා.
ප්‍ර.- ඔබ පුවත් වාර්තා කරනවා ද? – ඔව්
ප්‍ර – ස්ථීර ද ?
පි. ඔව්
ප්‍ර.- වෘත්තිය ආරම්භ කළ කාලය – 1995 දී
ප්‍ර.- ඔබ මේ සම්බන්ධව පුහුණුවක් ලබලා තිබෙනවා ද? –  ර්‍ශ ලංකා ටෙලිවිෂන් ඉන්ස්ටියුට් හි  පුහුනුව ලබලා තිබෙනවා.
ඔබේ ආයතනයේ  ස්ථීර සේවකයෙක්,කැමරා ශිල්පියෙක් සහ අමතරව වාර්තාකරුවෙක් ලෙස ඔබ සේවය කරනවා
පි- ඔව්
ප්‍ර.- සිරස මාධ්‍ය ජාලයේ ප්‍රාදේශීය මාධ්‍ය ජාලයක් තිබෙනවා ද
පි.- ඔව්
ප්‍ර.- රාදේශීය මාධ්‍යවේදීන් ඉන්න තැන් වලට ඔබලාව යොමුකරන අවස්ථා තිබෙනවා ද?
පි.- ඔව් සංකීර්ණ අවස්ථා වලදී එහෙම වෙනවා.
ප්‍ර.- 2011.05.30 වනදා සිදුවූ සිද්ධිය රෑගත කිරීම් වලට ඔබ සහභාගී වුණා ද ?
පි.- ඔව්
ප්‍ර.- ඔබට කැමරාවක් තිබෙනවා ද?
පි.නෑ ආයතනයේ කැමරාව තමයි මම පාවිච්චි කළේ
ප්‍ර.- මොකක්ද පාවිච්චි කළ කැමරාව
පි.- Sony B කැමරාවක්. ඒක ආයතනයේ එකක්.
ප්‍ර.- එතනට ගිය වේලාව මතකද ?
පි.- එතනට යද්දී පස්වරු 2-30ත් 3.00 අතර වගේ. එතනින් පිටත් වෙද්දී රාත්‍රී 7.30 – 8.00 පමණ වුණා.

පි.- රාත්‍රියේදී රූගත කිරීම් කරන්ඩ එම කැමරාවේ පහසුකම් තිබෙනවා ද?
ඒ කැමරාවෙ විශේෂ පහසුකමක් තිබෙනවා මිනිස්සුන්ට අදාළ දර්ශනයන් රූගත කරද්දි පහුසුවෙන.

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article