spot_img
spot_img
Sunday, April 28, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කහ විකුණා වැඩවරද්දා ගත් වෙළඳුන් 113 කට නඩු ?

Must read

court-hammer_thumbකහ ප්‍රශ්ණය රටතුල දැවැන්ත අර්බුදයක් නිර්මාණය කර තිබේ.මේ පසුබිම තුල නිතිවිරෝධි ලෙසින් මුහුදු මාර්ගයෙන් කහ රට තුලට ගෙන ඒම දැන් විශාල සෞඛ්‍ය තර්ජනයක්ද නිර්මාණය කර තිබේ.
මේ පසුබිම තුල කහ සම්බන්ධයෙන් දිවයින පුරා සිදුකරනු ලබන වැටලීම් වැඩි කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබේ.

මේ වන විට කහ අලෙවිය සම්බන්ධ වැරදි හේතුවෙන් වෙළෙඳුන් 113 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බව පාරිභෝගික සේවා අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත විජේසිංහ මහතා සඳහන් කර ඇතැයි අද දෙරණ වෙබ් අඩවියද වාර්ථා කොට තිබේ

කහ කුඩු කිලෝවක් සඳහා රුපියල් 750ක පාලන මිලක් පනවා තිබිය දී ඒ මිල ඉක්මවා විකුණු වෙළෙඳුන්ට මෙලෙස නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ඊට අමතරව කල්ඉකුත් වු කහ අලෙවි කළ වෙළෙඳුන්ට ද එරෙහිව ද නඩු පවරා තිබේ.

දිවයින පුරාම කහවලට විවිධ ද්‍රව්‍ය මිශ්‍රකර තත්ත්වය බාල කර ඇතැයි පැමිණිලි ලැබී ඇති බව ද පැවසු ඒ මහතා, මේ වන විට විවිධ ප්‍රදේශවලින් කහ කුඩු සාම්පල 42ක් පමණ එකතු කර ඇතැයි ද පැවසීය.

එම කහ කුඩු මේ වන විට රසායනාගාර වෙත යවා ඇති බවත් එයින් සාම්පල 23ක වාර්තා මේ වන විට ලැබී ඇතැයි ද පැවසු සහකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත විජේසිංහ මහතා, එයින් සාම්පල 13ක කහවලට යම් යම් දේ මිශ්‍රව ඇතැයි වාර්තා ලැබී ඇතැයි ද කියාසිටියේය.

දිවයින පුරා සිටින දිස්ත්‍රික් නියොජිතයින්ට මේ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස උපදෙස් ලබා දී ඇතැයි ද ඒ මහතා පැවසීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article