spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කැනඩාවේ වීසා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පිරිසක් අත්අඩංගුවට

Must read

court-hammer_thumb

කැනඩාවේ රැකියා සඳහා වීසා ලබාදෙන බවට විවිධ ආකාරයේ දැන්වීම් ප්‍රචාරය කරමින් මුදල් වංචා කිරීමේ ජාවාරමක නිරත වූ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මුදල් විශුද්ධිකරණය කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිළි තුනකට අනුව සිදුකළ වැටලීමකදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාෂය සඳහන් කළේය.

අවම ලේඛන සංඛ්‍යාවක් සහිතව කැනඩා රටට වීසා ලබාදෙන බවට සඳහන් කරමින් ප්‍රසිද්ධ වෙබ් අඩවියක දැන්වීමක් පළ කරමින් අත්අඩංගුවට ගත් සැකකරුවන් මෙම ජාවාරමේ නිරත වී ඇති බව සඳහන් වේ.

මෙම වංචාවට හසුවන පුද්ගලයින්ගේ බැංකු ගිණුම්වල පවතින මුදල් ඔන්ලයින් පහසුකම යටතේ වෙනත් ගිණුම් සඳහා යොමුකරගෙන ගිණුම් හිමි පුද්ගලයා සහ දුරකථන සමාගම් රවටා මෙම ජාවාරම සිදුකර ඇති බව පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කඳාන, මාරවිල, රද්දොළුගම, මැල්සිරිපුර සහ ගල්කුලම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය.

මෙවැනි වංචා සඳහා හසු වූ තැනැත්තෙක් සිටී නම් 0112 326 979 දුරකථන අංකය ඔස්සේ තොරතුරු දැනුම්දෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලාසිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article