spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කාදිනල් මැල්කම් රංජිත් හිමිට අපහස කළ අයෙකු 27 දක්වා රක්ෂිත බන්ධනාගාරයට!

Must read

carnidalඅගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට අපහස වන ආකාරයෙන් බැණ  වැදුණු විඩියෝවක් සමාජ මාධ්‍ය හරහා ප‍්‍රචාරය කිරිම සම්බන්ධයෙන් මාරවිල පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙක්ව මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 27  දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට මාරවිල මහේස්ත්‍රාත් සිරිමෙවන් මහෙන්ද‍්‍රරාජා  මහතා ඊයේ (21) නියෝග කළ බව අද පුවත් වෙබ් අඩවිය විසින් වාර්ථා කර තිබේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ කටුනේරිය ප්‍රදේශයේ පදිංචි වජිර දිසානායක නැමති රූපලාවන්‍ය  ශිල්පියෙක් ලෙස කටයුතු කරන අයෙකි.

පසුගියදා සිදුවුණ  බෝම්බ ප්‍රහාරයට පසුව කාදිනල් හිමිපාණන් කටයුතු කල ආකාරය විවේචනය කරමින් ඉතා පහත් ආකාරයෙන් බැණ වැදිම හා එය විඩියෝ ගත කර සමාජ මාධ්‍යයට  එක්කර දිවයිනේ ප්‍රධානතම ආගමික නායකයෙක්ට  අපහාසයක් කිරිම සම්බන්ධයෙන් කටුනේරිය ප්‍රදේශයේම  අයෙක් මාරවිල පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත සිදු කල විමර්ශනයක් අනතුරුව සැකකරුව අත්අඩංගුවට ගත් බව මාරවිල පොලීසිය පැවසීය.

මාරවිල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එස්. පි. එදිරිසිංහ මහතාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කර සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ. .
මුලාශ්‍රය – ada.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article