spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පොලීසියෙනුත් හිටියා, එයාලා බලාගෙන හිටියා, අපිට කිව්වා ආරක්ෂා වෙන්න කියලා, හමුදාවෙනුත් කිව්වා ආරක්ෂා වෙන්න කියලා!

Must read

විකල්ප 1අන්තවාදී ඉස්ලාමිය ත්‍රස්තවාදීන් විසින් පාස්කු ඉරිදා දේව මෙහෙයන් හි නිරතව සිටි කිතුණු භක්තිකයින් ඇතුළු මෙරට සංචාරයේ දී සිටි විදේශීය ජාතිකයන් 253 කට අධික සංඛ්‍යාවක් ඝාතනය කොට අදට(21) හරියටම මාසයක් ගතවෙමින් තිබේ. එයට වගකිව යුතු පාර්ශවයන් හා ඒ වෙනුවෙන් අදට ද මිනිසුන්ගේ ජිවිත වෙනුවෙන් වන වගකීම භාර නොගෙන සිටින අසමත් පාලකයන් වෙත දඩුවම් කිරීමට බල නොකොට අන්තවාදී කොටස් විසින් උසු ගන්වනු ලැබූ ජාතිවාදී මැර කල්ලි අහිංසක මිනිසුන්ගේ දේපල ගිනි තබා කොල්ල කෑමට පටන් ගෙන තිබේ.
මීට පෙර අලුත්ගම, ගිංතොට, අම්පාර, දිගන දී ද පිඩාවට පත් වූ මුස්ලිම්වරුන් වෙනුවෙන් අදටත් යුක්තිය ඉටු වී නැත. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මිය ගිය මිනිසුන් වෙනුවෙන් හඬන දෑස් තවමත් තෙත්ය. ඒ තිබියදී ඔවුන්ට යුක්තිය ඉටු කළ හැක්කේ තවත් මිනිසුන්ගේ ජිවිත විනාශ කරමින්ද?
මේ ඒ සම්බන්දයෙන් වන තවත් එක් සාක්ෂියකි. මේ හෙට්ටිපොල, කොටඹපිටියේ සිංහල බෙහෙත් බඩු විකුණපු අස්ලම් මුදලාලි.
හෙට්ටිපොල, කොටම්පිටිය, ‘සිංහල බෙහෙත් බඩු සහ වෙනත් භාණ්ඩ අලෙවි කරන මුස්ලිම් ජාතිකයන්ට අයත් වෙළද ව්‍යාපාරවලට පසුගිය මැයි 13 වනදා, ‘සිංහල ජාතිවාදී’ පිරිස් විසින් පහර දී ,ගිණිතබා, එම වෙළදසැල් විනාශ කලේය.
සුවිශේෂී කාරණය නම් අප්‍රේල් 21, පාස්කු ප්‍රහාරයෙන් පසු ඒ වන විට ද, ලංකාවට ම බලපැවැත්වෙන පරිදි හදිසි නීතිය ද ක්‍රියාත්මක වන තත්ත්වයක් තුළ මේ ම්ලේච්ඡ ප්‍රහාරවලට මුස්ලිම්වරුන්ට අයත් දේපල ගොදුරු වීමයි. ඒත් සමග මේ විනාශ සිදුකරණ විට ඒ සෑම ස්ථානයකම පොලීසිය, හමුදාව සිටිය ද ඒ විනාශයන් වැලැක්වීමට ඔවුන් අසමත් වූ අතර, නිරන්තරයෙන් ජප කරන ‘අවම බලය’ වත් භාවිතා කර නොතිබිණි.
ඒ ඇයි? පසුගිය කාලයේ මෙන් සෑම ප්‍රචණ්ඩකාරී අවස්ථාවන්වලදී මෙන් ලංකාවේ ආරක්ෂක අංශ එවන් වෙලාවන් හී දී ‘සිංහලකරණයට’ ලක් වීම නිසාද?

https://www.facebook.com/watch/?v=450349199066527

www.vikalpa.org

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article