spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කාන්තා හිංසනයට එරෙහිව තිළිණි අමල්කාගේ සටන ජයගනී.

Must read

sanhida2sanhida 3sanhinda 4sanhida 5sanhida 6

වාරියපොල බස් නැවතුම් පොලේ දී තිලිණි අමල්කා, සෙල්වා නම් තරුණයකුට පහර දුන් සිද්ධිය මාධ්‍ය තුළ මහත් අන්දෝලනයකට ලක්විය. එහිදී එම තරුණාය ස්වයං වින්දනයේ යෙදෙන ආකාරයේ අභිනයන් කරමින් ඇයට ලිංගික ඇසුරකට එන්න යැයි කර තිබෙන ඇරයුම අවසානයේ ඇයව ඉතාම දැඩි කෝපයකට යොමු කිරීම හේතුවෙන් තිලිණි මෙම තරුණයාට පහරදීමක් සිදු කළා. මෙය සීමාව ඉක්මවා පහරදීමක් ලෙස ලඝු කරනු ලැබූ පොලිසිය 2014 අගෝස්තු 27 වන දින ඇය අත්ඩංගුවට ගනු ලැබීය.

ඒ අනුව රයිට්ස් නව් ආයතනයේ සමබිම සංහි`ද පැමිණිලි මධ්‍යස්ථානයේ නීතීඥ මැදිහත්වීම මත 1995 අංක 25 දරණ පනතෙන් සංශෝධිත දණ්ඩ නීති සංග‍්‍රහයේ 345 වගන්තිය ප‍්‍රකාරව රොබට් දාසන්ලාගේ චන්ද්‍ර කුමාර හෙවත් සෙල්වාට විරුද්ධය වාරියපොල පොලිසියට කරනු ලැබූ පැමිණිල්ල මත වාරියපොල මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු විභාග කරනු ලැබීය. අගතියට පත් තිළිණි අමල්කා වෙනුවෙන් සමබිම සංහි`ද පැමිණිලි මධ්‍යස්ථානයේ මැදිහත්වීම මත නීතීඥ ප‍්‍රියන්ත ගමගේ මහතා පෙනී සිටින ලදී.

එහි අවසන් නඩු විභාගය 2015 ජූලි මස 08 වන දින වාරියපොල මහේස්ත‍්‍රාත් අධිකරණයේ දී විභාගයට ගැනුනි. ඒ අනුව රොබට් දාසන්ලාගේ චන්ද්‍ර කුමාර හෙවත් සෙල්වා තමන් ඉහත සිද්ධියට අදාළව දණ්ඩ නීති සංග‍්‍රහයේ 345 වගන්තිය යටතේ වරද පිළිගන්නා ලදී.

1995 අංක 25 දරණ පනතෙන් සංශෝධිත දණ්ඩ නීති සංග‍්‍රහයේ 345 වගන්තිය

”අඩන්තේට්ටම් කිරීමෙන් හෝ සාපරාධී බලහත්කාරය පෑමෙන් යම් තැනැත්තෙකුට ලිංගික අතවර කරන හෝ වචනයෙන් හෝ ක‍්‍රියාවෙන් යම් තැනැත්තෙකුට ලිංගික හිරිහැරයක් හෝ අතවරයක් සිදු කරන කවර හෝ තැනැත්තකු, ලිංගික අතවර කිරීමේ වරද සිදු කරන අතර, වරදකරු කරනු ලැබීමේදී අවුරුදු පහක් දක්වා දීර්ඝ විය හැකි කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක වූ බන්ධනාගාර ගත කිරීමකින් හෝ දඩයකින් හෝ ඒ බන්ධනාගාර ගත කිරීම හා දඩය යන දඩුවම් දෙකින්ම හෝ ඔහුට දඩුවම් කරනු ලැබිය යුතුය; තව ද ඒ වරද සිදු කරන ලද්දේ යම් තැනැත්තකු සම්බන්ධයෙන්ද ඒ තැනැත්තාට සිදු කරන ලද හානි වෙනුවෙන් අධිකරණය විසින් නිශ්චය කරනු ලබන මුදලක වන්දියක්ද ඒ තැනැත්තාට ගෙවන ලෙසද අධිකරණය විසින් ආඥා කරනු ලැබිය හැකිය.”

එම තීන්දුවට අදාළ ද`ඩුවම හා වින්දිතයන්ට අදාළ සහන සැප්තැම්බර් 2 වන දින වාරියපොල මහේස්ත‍්‍රාත් අධිකරණයේ දී තීන්දු කරනු ලැබීය. ඒ අනුව රොබට් දාසන්ලාගේ චන්ද්‍ර කුමාර හෙවත් සෙල්වා ට එරෙහිව මාස 06 ක බරපතල වැඩ සහිත සිරද`ඩුවමක් නියම කරන ලද අතර මේ සිද්ධියේ වින්දිතයන් වූ තිලිණි අමල්කා හා ඇගේ යෙහෙළියට රුපියල් 25,000 බැ`ගින් වන්දි ගෙවීමට නියම කරන ලදී.
සමබිම සංහි`ද පැමිණිලි මධ්‍යස්ථානය මේ සිද්ධිය සම්බන්ධයෙන් මැදිහත්වන්නේ කාන්තා හිංසනය පිටු දකිමින් නීතියේ සමාන ආරක්ෂාව සියළුදෙනාටම ලැබිය යුතුය යන මූලධර්මයන් මත පිහිටාය. ඒ අනුව පොදු ස්ථානයක දී කාන්තා හිංසනයට එරෙහිව ප‍්‍රතික‍්‍රියා දැක්වූ තිළිණි අමල්කා දෙස සෘණාත්මකව බැලූ මෙරට බහුතරයක් ජනමාධ්‍යය, සමාජ වෙබ් අවවි හා විවිධ පාර්ශවයන් ඇගේ චරිතය ඝාතනය කරන ලදී. ඒ අනුව වින්දිතයා චූදිතයකු කිරීමට උත්සහ කළ සියලු පාර්ශවයන් හා කාන්තා හිංසනය සමාජ ගත කිරීමට උත්සහ කළ සියලු පාර්ශවයන්ට මෙමගින් නිසි පිළිතුරු ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරන්නෙමු.

www.samabima.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article