spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කාමච්චෝඩේ ප්‍රජාශාලා ගොඩනැඟිල්ල අවසන්කිරීමේ වගකීම කාටද?

Must read

DSC_0019newකාමච්චෝඩය  ප්‍රදේශයේ   ජනතාවට   තම  පොදු  කටයුතු  සදහා  ස්ථානයක්  නොමැතිවිම සම්බන්ධයෙන් ඔවුන්  නිතර   මැසිවිලි  නගමින් සිටිති.  වගකිවයුත්තන්ට  තම  ප්‍රශ්ණ  ඉදිරිපත්  කලත් එයට පිළිතුරක් ලැබී නොමැති බව අපට එම ප්‍රදේශයේ ජනතාවගේ කතාබහෙන් වැටහුණි. එබැවින්  මේ  පිළිබඳව අප වගකිවයුතු පුද්ගලයින්ගෙන්   විමසීමක්  කළෙමු.
කාමච්චෝඩය ට  මාතෘ  හා  ළමා  සායනයක්   පවත්වා  ගැනීමට  ස්ථානයක්   නොමැතිකම ප්‍රධාන ප්‍රශ්නයකි.
මේ සඳහා  මෙම  ප්‍රදේශයේ  ගොඩනැඟිලි  තුනක්ම  තිබෙන  නමුත්  ඒවායින්  දෙකක  අයිතිය  මතභේදාත්මකය.   නමුත්  ප්‍රදේශයේ  ඇති   අනෙක්  ගොඩනැගිල්ල  ප්‍රජා සේවා  කටයුතු  සඳහා  යෝජිත  ගොඩනැඟිල්ලක්  බව  අපට දැනගන්නට  ලැබිණි.  දැනට වසර කිපයකට පෙර සෑදූ   මහල්  දෙකකින්  යුතු  මෙම  ගොඩනැගිල්ලේ   ඉදිකිරීම්  කටයුතු  අවසන්වී  නොමැත.
ඒනිසා  අප  මේ පිළිබඳව   අදාළ  කිහිප  දෙනෙකුගෙන්   විමසීමක්   කළෙමු. පළමුව   ප්‍රදේශයේ  ග්‍රාම   නිලධාරි  මහතා  දුරකතනයෙන්  විමසා  සිටි  අතර  ඒඅනුව  ප්‍රකාශවන්නේ  සරත්  ගුණරත්න  මහතා  ඇමති ධූරයක්  දැරූ  අවස්තාවේ  මෙම  ගොඩනැගිල්ල  සඳහා  ඇස්තමේන්තු  සකසා  ටෙන්ඩර්  කැඳවා  අරම්භ  කළ බවයි.
ඉන් අනතුරුව  මීගමුව  හිටපු  නගරාධිපති  ඇන්ටන්  ජයවීර  මහතාගෙන්ද   විමසීමක්  කළ  අතර  ඒ  අනුව   මෙය  නැගෙනහිර  වැල්ලවීදිය  ප්‍රජාසේවා  මධ්‍යස්ථානය  ලෙස  යෝජනාවූ  බවත්,මේ සඳහා  රු ලක්ෂ  39  ක් ඇස්තමේන්තු  කර ඇති   බවත්, ලක්ෂ  35 ක ටෙන්ඩර්  කැදවා  ලක්ෂ  32   ක්  ටෙන්ඩර්කරුට ගෙවා ඇති  බවත් ඔහු ප්‍රකාශ කරන ලදී.
නමුත්  මෙහි  පහළ  මාලයවත්  සම්පූර්ණවී  නැත.
මේ  තත්වය  ගැන  දැනගැනීමට  අප  මීගමුව  මහ  නගරසභාවේ  ඉංජිනේරුවරයා    හමුවී විමසීමක් කළ අතර  ඔහු  ප්‍රකාශ කළේ   මේ   ගොඩනැඟිල්ල  අවසන් කිරීමට   ප්‍රතිපාදන  ප්‍රශ්ණයක්  තිබෙන බවත්   මේ සම්බන්ධයෙන්   ඉක්මනින්  ක්‍රියාත්මක  වන බවයි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article