spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඇන්ටනාවකට උණ ගහක් කැපුවැයි කියා තරුණයෙකුට පහර දිලා

Must read

දහ හතරවන වියේ පසුවන  පාසල් සිසුවෙකුට අමානුෂික ලෙසින් පහර දුන් බව කියන අයෙකුව ඊයේ : 21 දි – පස්වරු ප්‍රශ්ණ කිරිම පිණිස අත් අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි.
සැකකරු පසුගිය දා පැවැති හලාවත නගර සභා මැතිවරණයේ දි කොට්ඨාශයකට තරග කර ජය ගත් තැනැත්තියකගේ ස්වාමි පුරුෂයා බවත් මෙහි දි හෙළි විය.
සැකකරු හලාවත දුම්රිය ස්ථානය අසල පදිංචිවී සිටින  අතර එම මාර්ගයෙහි සෙවනට ගස් කිහිපයක් සමග උණ පදුරක් සිටුවා තිබු බවත් කිසිවකුට නොදන්වා පැමිණි  පාසල් සිසුවා එම උණ පදුරෙන් එක් උණ බටයක් ඇන්ටනාවක්  සවි කිරිම  පිණිස කපා ගැනීමට තැත්  කිරීමේදී දි සැකකරු එම සිසුවා අල්ලා ගෙන ඔහුට පහර දුන් බවට පැමිණිල්ලක් ළමයාගේ මව වන හලාවත සාන්ත ජේම්ස් විදියේ පදිංචි අමාලි සුගන්ධිකා මහත්මිය විසින් පොලිසියට  ප්‍රකාශ කර තිබුණි.  පහර කෑ දරුවා වෛද්‍ය ප්‍රතිකාර ගැනිම පිනිස හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බවත් හලාවත පොලිසිය කිය. මෙම ප්‍රශ්ණය සාමකාමිව විසදා ගැනීමට දෙපාර්ශවයම කැදවා සාකච්ඡා  කළත් එකගතාවකට ඒමට නොහැකිවු අතර පහර දුන් අය දන්වා ඇත්තේ තමා ළමයාට සුඵ තරවටුවක් කර ඇති බවත්ය.
පසුව එකඟතාවකට පත්නොවු නිසා ළමයාට පහර දුන් අය ප්‍රශ්ණ කිරිමට අත් අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි පහර කෑ ළමයාගේ තත්ත්වය බරපතල නොවන බවත් කියයි.


ඔගස්ටින් ප්‍රනාන්දු – හලාවත
stock-photo-thug-wearing-hoodie-waiting-to-attack-with-wooden-baseball-bat-black-and-white-image-156489707

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article