spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පුංචි මන්ත්‍රිලා පක්ෂ මාරුකලොත් මන්ත්‍රිධුරය අහෝසියි !

Must read

kermit-glass-frog-promo.ngsversion.1432151664025.adapt.1900.1පළාත්  පාලන ආයතන ජන්ද විමසීම් ආඥා පනතේ 10 (අ) වැනි වගන්තිය යටතේ පක්ෂ මාරු කරන පළාත් පාලන සභිකයන්ගේ මන්ත්‍රී ධුර අහෝසිවන බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය සඳහන් කරයි. එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.
පළාත්  පාලන ආයතන ජන්ද විමසීම් ආඥා පනතේ 10 (අ) වගන්තිය පරිදි කිසියම් පක්ෂ ලේකම්වරයෙකු විසින් තම පක්ෂයෙන් තේරී පත්වී ඇති සභිකයෙකු පක්ෂයේ සාමාජිකයෙකුව සිටීම  අවසන්ව ඇති බව දිස්ත්‍රික් ජන්ද විමසීම් නිලධාරියා වෙත දැන්වීමෙන් අනතුරුව දිස්ත්‍රික් ජන්ද විමසීම් නිලධාරියා ඒ බවට සෑහීමට පත්වන අවස්ථාවකදී ඒ තැනැත්තා සිය සභික ධුරය අවසන් කර ඇති බවට ප්‍රකාශයට පත්කිරීමේ හැකියාවක් තිබේ.

එබැවින් පළාත් පාලන ආයතන ජන්ද විමසීම් ආඥා පනතේ මෙම ප්‍රතිපාදනය පක්ෂ මාරු වීම් නවතා දැමීමට ප්‍රතිපාදන සලසන බව අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
infolankanews.com

 

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article