spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කාමච්චෝඩේ ඩඩ්ලි සේනානායක වෙළඳ පල කඩාදමයි ?

Must read

IMG-20191007-WA0020

මීගමුව ,කාමච්චෝඩේ පිහිටි  ඩඩ්ලි සේනානායක දැන් බිමට සමතලා කොට තිබේ.
මෙම භූමි භාගයේ නව ගොඩනැගිල්ලක් හැදෙනු ඇත . ( නොව හදනු ඇත .) මෙසේ කැඩෙන හැදෙන ගොඩනැගිලි සඳහා මැදිහත් වන්නේ ජනතා අවශ්‍යතා සහ අරමුණු මත නොවන බව අපට මෙහි ඉතිහාසය පෙන්වා දෙන සත්‍යයයි.මෙම ඉතිහාසය තුළ කොමිස් කුට්ටි, වරදාන, වරප්‍රසාද සැඟවී ඇති බව දන්නෝ දනිති .IMG-20191007-WA0015
අටුව කඩා පුටුව හදන න්‍යායට අනුව කටයුතු කරන මේ පිළිබඳ වගකිවයුත්තන්ගේ පැටිකිරිය යහපත් එකක් නොවූ බව අපි දනිමු. මීගමුව බස්නැවතුම් පල ඇතුළු පොදු ස්ථාන කිහිපයකින් අපට ඒ බව අවබෝධකරගතහැක.ngb BUS TERMINAL
අදවනවිටත් බස්නැවතුම්පලේ ඉහල මාලයේ කාමර කිසිදු ප්‍රයෝජනයක් නොගෙන හිස්ව පවතී. ව්‍යාපාරික ප්‍රජාව මෙම ස්ථානය කෙරෙහි අවධානයක් නොදෙන්නේ ඒ සඳහා සුදුසු තැනක් නොවන හෙයිනි .මෙවැනි ව්‍යාපෘතියකට මැදිහත් වීමේදී එහි අවධානම සහ අදාල කරුණු ගැන විමසා බැලීම ප්‍රධාන සාධකය වන නමුත් , මෙම පාලකයින් ඒ ගැන නොසලකා තමන්ගේ අරමුණු මත මේවා ක්‍රියාත්මක කිරීමට යාමෙන් වන පොදු හානිය ගැන අපට දැන් පැහැදිලිය .
විනිවිද බවකින් තොරව, අක්‍රමිකතා මත ඉදිවූ මෙවැනි ගොඩනැගිලි රාශියක් මීගමුව නගරයේ ඇත . කුට්ටිදූව මාළු වෙලඳපල , රාජපක්ෂ උද්‍යානය , ඉන් කිහිපයකි.kamachode pola
රුපියල් කෝටි ගණන් වැය කොට තවමත් විවෘත කරගැනිමට නොහැකි තත්වයක ඇති කාමච්චෝඩේ සතිපොල ඇත්තේ දැන් බිමට සමතලා කර ඇති ඩඩ්ලි සේනානායක වෙළද ගොඩනැගිල්ලට මිටර් කිපයක් එහායිනි.
ඒ ලංසා පවුලේ අයියාගේ සුදු අලිය..(එය මාස කිපයකින් නිමකරන බවට මල්ලි දුන් පොරොන්දුවටද දැන් වසරක් පිරෙමින් තිබේ.)dayan-kamachode-
දැන් මල්ලි සැරසෙන්නේද ඒකටමය.
මේ සියල්ල කපටි පවුලක ම⁣නදොල සැපිරීමට සකස්කළ ඒවාය.
මීට පෙරද අප සඳහන් කළ පරිදි මෙම ඩඩ්ලි සේනානායක වෙලඳපල තුළ වෙළඳාම් කටයුතු කර ඇත්තේ 23 ක පමණ සංඛ්‍යාවකි. එම පිරිස ගැන එක් ත්‍රිවිල් රියදුරකු ප්‍රකාශකළේ මේ අයව පොල්කුඩු ගානට සලකා විසික දමන බවය. මේ අනුව හදන ගොඩනැගිල්ලේ කුටි ලබාදීම තීරණය කරන්නේ කව්ද ? කෙසේද ? , එහි නාමලේඛනය සකසන්නේ කෙසේද ? එය ලිඛිතව ඉදිරිපත් වන්නේද ? ගොඩනැගිල්ල හදා අවසන් වන තුරු මෙතෙක් වෙළඳාම් කල අයට තාවකාලිකව ස්ථාන පහසුකම් ලැබේද ? ප්‍රශ්ණ ගනනාවක් මතුවේ.
මෙම ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකුවේ ණයක් මත ක්‍රියාත්මක වන්නකි. මීට පෙර අවස්ථා දෙකකදී ගත් ණය ගෙවමින් සිටියදී මෙම ණය ගැනීමෙන් පහර වදින්නේ ජනතාවට මිස පාලකයින්ට නොවේ. ඒනි⁣සා මේ පිළිබඳව අවධියෙන් සිටිනලෙස අප ජනතාවගෙන් ඉල්ලා සිටිමු .
මේ පාලකයන් බොහොමයක් දෙනා මෙවැනි ගොඩනැගිලි ඉදිකරන්නේ නගරයේ අවශ්‍යතාවය නිසා හෝ ජනතා අවැසිතා වෙනුවෙන් නොවේ.මුලික අරමුණ වන්නේ මාටියා ගැසිම වෙනුවෙන් බිල්ඩින් හැදිමය.
හිටපු නගරාධිපතිවරයා නගර සභා භුමියේ වෙළද සංකිර්ණයක් හැදුවේද ඒ නිසාය.
දැන් වත්මන් නගරාධිපතිගේ වාරයයි.
අප දන්නා තරමින් කිසිදු රැකියාවක් නොකළ ඔහු පසුගිය කාලය තුල රු කෝටි 3 කටත් අධික නව නිවසක් ඉදිකළේය.
සුපිරි යාන වාහනද හිමිය.වසර 10 කට පමණ පෙර මේ සියල්ලෝ සෙරෙප්පු පැළද පාපැදිවලින් නගරයේ එහෙ මෙහෙ ගිය අයවෙති.
එසේ නම් ඒ අය අද මිගමුවේ සුපිරි පෝසතුන් වුයේ කෙසේද ?

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article