spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කාර්දිනල්හිමිගේ දැක්මට එරෙහිව කටුවාපිටිය පල්ලියේ පත්‍රිකා බෙදුවේ කව්ද?

Must read

received_272165036912520(11.45 am ) කාර්දිනල් හිමියන් යනු මේ ඇතිවු ව්‍යසනය හමුවේ විශේෂයෙන්ම කිතුණු ජනයා අතර වෛරිත්වය කිසිවිටකවත් පෝෂණය කිරිමට වචනයකින් පවා ඉඩක් නොතැබු අාගමික නායකයාය.
ඒ නිසාම බොදුනුවන් අතරේද වර්ගවාදය හිතු ලෙසින් පතුරුවාලිමට සිංහල අන්තවාදින්ට නොහැකි විය.
ඒ මොහොතේදි එය සැබැවින්ම ඇති විය හැකිව තිබු විනාශයක් යම් පමණකට පාලනය කිරිමට බෙහෙවින්ම ඉවහල් වි තිබුණි.Periyamulla muslim community 2cardianla 2
ඇතැම් දේශපාලන බලවේගයවලද යම් අනුබලයන් සමගින් මිගමුවේදි පවා ක්‍රියාත්මක වු මුස්ලිම් ජනයාට එරෙහි ප්‍රහාරයන්හිදි විපතට පත් සහෝදර මුස්ලිම් ජනයා බැහැදැකිමට කාර්දිනල් හිමියන් පසුදා උදෑසනින් ම පැමිණිම ඒ ජනයාට මහත්වු අස්වැසිල්ලක්ම විය.
කාර්දිනල් හිමියන් ඒ අයුරින් සිය දුත මෙහෙවර ක්‍රියාත්මක කරමින් සිටියදි එයට හාත්පසින්ම වෙනස් මගක් ගත් පත්‍රිකාවක් අද කටුවාපිටිය දේවස්ථානයේ දිව්‍ය පුජා යාගයෙන් පසු බෙදා හැර තිබේ.( එය ඉතා සියුම් ලෙසින් සිංහල මුස්ලිම් භේදයක් පිළිබද පණිවිඩයක් සමාජගත කර තිබේ.)
ඒ ගැන පල්ලියේ පියතුමා දන්නේද නොදන්නේද යන්න අපැහැදිලිය. කෙසේ වෙතත් පිටතට  ඉන් යන පණිවිඩය වන්නේ පල්ලියේ පුජාවෙන් පසු  බෙදු පත්‍රිකාව යන පණිවිඩයයි.
ජාතින් අතර සමගියට බාධාවන කිසියම් දෙයක් සිදුකිරිම වරදක් නම්, ආරක්ෂක අංශ පවා බලා සිටියදි  එය මුද්‍රණය කර ඇත්තේ කව්රුන් විසින්දැයිවත් සදහන් නැති කැලෑ පත්තරයක් වැන්නක් බෙදුවේ කෙසේද ?
ජාතින් අතර සමගිය  නැතිකොට මුළු සමාජය පුරාම බිය ඇතිකරවමින් දේශපාලන වාසි ලබාගැනිමට පරාජිත දේශපාලන බලවේගයන් කැස කවමින්  සිටින බව නොරහසකි.
දරුවන් පාසැල් යැවිමට ඉඩනොදි දෙමව්පියන් බිය වැද්දු මාධ්‍ය ගැනත් පාසැල් නොයා ටියුෂන් යාම ගැනත් කදිම ප්‍රකාශයක් කරමින් හමුදාපතිවරයා කියා සිටියේ මේ පිටුපස ඇත්තේ දේශපාලනයක් බවය.
ඉතින් ඒ දේශපාලන බලවේගවලට ආගමික සිද්ධස්ථාන ප්‍රයෝජනයට ගැනිමට ඉඩතැබිම යුතුද ?
තවත් එක් දෙයක් මෙහිලා සටහන් කළ යුතුව තිබේ. එනම් මෙවන් පත්‍රිකාවක් බෙදාහැරෙන්නේ වයඹදි ව්‍යාපාරික ස්ථාන 500 කට ආසන්න ගණනක් ගිනි තබා විනාශ කර ඇති මොහොතකය. එමෙන්ම මිනුවන්ගොඩදි ව්‍යාපාරික ස්ථාන 40 කට වැඩිගණනක් ගිණි තබා විනාශ කර ඇති පසුබිමකය.ගිනි තැබිම් පහසුය එහෙත් ඒ ගිනි නිවිම අපහසුය.
83 ගිනිගත් කළු ජුලිය අවසානයේ අපට ඉතිරිකර දුන්නේ දශක 3 ක් දිග්ගැස්සුන යුද්ධයකි.අප මේ මොහොතේ කළ යුතුව ඇත්තේ ආගම් හෝ ජාතින් ලෙසින් වෙන් කිරිමට ඇති මං සේවිමට වඩා එක් කිරිමට කැපවිමය.එය දැනට ඉහලින් පෙන්වා දිය හැක්කේ මේ රටේ කිතුණු ජනතාවටය.එබැවින් අන්තවාදින්ට ඒ අයිතිය පැහැරගැනිමට ඉඩනොතැබිය යුතුව ඇත.

එබැවින් ඒ ගැන පල්ලියේ පියතුමා වහා මැදිහත්විය යුතුව තිබුණි. .
එසේ නොවන්නේ එක එක දේශපාලන බලවේගයන් කිතුණු පල්ලියද යොදාගෙන සිය අන්තවාදි මතවාද පැතිරවිම සිදුකරනු නියතය.
ඉන් සිදුවන්නේ වලන් කරුවාගේ වසරක වැඩ පොලුකාරයාට එක දවසක් වැනි වු අවාසනාවන්ත තත්වයකි.කාර්දිනල් හිමි ප්‍රමුඛ ගරු පියවරුන්ගේ සහ කන්‍යා සොහොයුරියන්ගේ මහන්සිය කැපවිම අපතේ හැරිමකි.
මේ සිහංල අන්තවාදි මතවාදයන් විසින් සිදුවිය හැක්කේ මුස්ලිම් අන්තවාදින්ට තවත් සමාජිකයන් එකතු කර දිම පමණි.මීගමුව දේදුණු නගරයක් ලෙසින් ලොවට දි ඇති ආදර්ශය විනාශකිරිමට කිසිදු අන්තවාදි බලවේගයකට ඉඩ දිය යුතු නැත.
ආගමික සමගිය ඇතිකිරිම තුල පමණක් ම්ලේච්ජ මුස්ලිම් අන්තවාදය පරාජය කළ හැක..
රිෂාඩ් බදුර්දින්ලා හෙටත් සිය පනින දේශපාලනයේ නියැලෙන බව අප අමතක නොකළ යුතුය.
එය බරපතල ලෙසින් තේරුම් නොගන්නේ නම් සිදුවිය හැක්කේ කුමක්ද ?
සැබැවින්ම දිගුකාලින නොවිසදුන අර්බුදයක රටගිල්වා දැමිම පමණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article