spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ධර්ම චක්‍රය සහ කැමැත්තෙන් ගෝත්‍රික වීම.

Must read

FB_IMG_1558242479368

(04.06pm)චක්‍රයක් නම් දැති තිබිය නොහැකි බව ඔබ ඔබේ හය හතර නොදත් ආරක්ෂක අංශ වලට පහදා දෙන්න.
බුදුන් වහන්සේ ඉසිපතන මිගදායේ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කල බව සඳහන් වෙයි. එතකොට මේ දැති සහිත චක්‍රය ප්‍රවර්තනය වෙයි ද?

අනිත් එක;

ආගමික සංකේතයක්, ශාස්තෘවරයාගේ රූපයක්, සිය ශරීරයේ කොටා ගැනීම, වරදක් ද? ලංකාවේ නීතියෙ එහෙම දෙයක් තිබෙනවාදැයි මම නොදනිමි.
එසේම වස්ත්‍රයක යම් ආගමික සංකේතයක්, ශාස්තෲවරයෙකුගේ රූපයක් කොටා හෝ මසා , චිත්‍රණය කිරීමද වරදක් නැත. එයද ලංකාවේ නීති වල තිබෙනවාද නැද්ද යන්න මම නොදනිමි.

මිනිසෙකු යම් සංකේතයක්, ආගමික ශාස්තෲවරයෙකුගේ රූපයක්, තම ශරීරයේ හෝ වස්ත්‍රයක චිත්‍රණය කරගන්නේ තමන් ඒ අදාල ආගමික සංකේතය නියෝජනය වන ආගමට ඇති දැඩි කැමැත්තය. ඒ ආගමික ශාස්තෲවරයෙකුගේ රූපයක් නම් ඒ ශාස්තෲවරයාට තිබෙන දැඩි කැමැත්ත සමාජයට කියා පෑමයි.

ඉහත කී ජනප්‍රිය වර්ගයේ මනෝභාවයන් බොහෝ විට බටහිර රටවල කිසිදු ප්‍රශ්නයකින් තොරව කරගෙන යයි. සිය රටේ ජාතික කොඩියෙන් ඇඳුම් මසාගෙන යන සුදු මිනිසුන් අප දැක ඇත්තෙමු. නමුත් මම ඔය කියන “තමන් කැමති දෙය ටැටූවකින් නිරූපනය වන පරිදි ශරීරයේ හොවාගෙන යාම පෞද්ගලිකව අනුමත නොකරන්නෙමි. එය ජනප්‍රිය පන්නයේ අමුතු වැඩක් බව ඇත්තය. නමුත් මම එවැනි ජනප්‍රිය පන්නයේ වැඩ වලට ආසා නැත. (ආගමික සංකේත, ශාස්තෲවරයෙකුගේ රූප, නළු නිලියන්ගේ රූප, වැනි දෑ පමණයි) එහෙමයි කියා එය කරන්නා මරාගෙන කෑමේ සිරිතක් මට නැත.

කෙසේවෙතත් මෙය සිංහල බෞද්ධ සංස්කෘතියට නොගැලපෙනවාද යන්න සිතිය යුතු කරුණකි. සිංහලයාට, බෞද්ධයාට, සංස්කෘතියට ඕනෑ විදියට ඇඳුම් අැදිය යුතුයි කියා එකක් නැත. සමහර විට ඊයේ වෙසක් නිසා ඉස්ලාමිකයන් ද වෙසක් සමරන්නට සහභාගී වූහ. ඔය කාන්තාවද එවැනි ප්‍රදර්ශනාත්මක දෙයකට මෙය ධර්ම චක්‍රය යැයි සිතා හැඳගෙන ආවාදැයි අප නොදනිමු. එසේම මෙම ගැහැණිය මම ඉහත කී අර ජනප්‍රිය පන්නයේ සිතිවිල්ලෙන්නම් හැඳගෙන ආවා විය නොහැකිය. ඇය තිබුනු ඇඳුම, අතට හසුවූ ඇඳුම හැදගෙන ආවා විය යුතුය. මෙතරම් ඉස්ලාම් විරෝධයක් පවතින මොහොතක තනි ගැහැණියක් බුදු දහමට අපහාස කරනවා යනු සිතිවිල්ලෙන් ඔය ඇඳුම හැදගෙන පාරේ තියා ගෙදරවත් සිටින්නේ නැත. මේ ඇඳුම්, හැසිරීම් වලට තරයේ විරුද්ධ වීම යනු කැමැත්තෙන් ගෝත්‍රික වීම යනුවෙන් නම් කල හැකිය.

ඒ කෙසේ උවද මෙය වරදක් වන්නේ ඇයගේ අරමුණ කුමක් ද යන කාරණාව සලකා බැලීමෙනි. අඩු තරමේ අඥාන මිනිසුන්ට ඌයියා නොවන පරිදි මේ රට තුළ ඇඳුම් ඇඳීම, ආගම් ඇදහීම, නො ඇදහීම සේම කෑම බීම පවා සිදු කළ යුතුව ඇත. එය අපේම කරුමයකි.

අනුන් අඳින රෙද්දේ ඉදන් දැන් දැන් සොයා බලන්නට මහන්සි වන පොලිස්සිය 21 දා සිද්ධියට කලිං ඔය සෝදිසි නිසි ලෙස සිදු කලා නම් සහරාන්ලාගේ ද ඇඳුම් ගලාව බඩ බැඳි බෝම්බය පිටින් ලිප්ටන් වටරවුමේ හෝ ගෝල්ෆේස් පිට්ටනියේ දණ ගස්වා ඡායාරූප ගෙන වෝටර් මාර්ක් ද ගසා FB අප්ලෝඩ් කරන්නට තිබුනා යැයි මතක් කර දෙමි.

Dhammananda Galkande හිමියන් මසකට පමණ පෙර දෙරණ Chathura with talk වැඩසටහනේදි පැවසුවේ ලංකාවේ දැන් තියෙන්නෙ සංකේත බුදු දහමක් යන ප්‍රකාශය නැවත නැවත ඔප්පු වෙමින් පවතී.

එම කාන්තාව දූශණය වනු ඇතැයි සිතුණු බැවින් ඇය මෙම වස්ත්‍රය හැඳ සිටින ඡායාරූපය මෙහි නොඅලවමි.

සිද්ධිය –
මහියංගන ප්‍රදේශයේදී ධර්ම චක්‍රය සහිත අැඳුමක් හැඳ ගිය කාන්තාවක් අත්තඩංගුවට.

|ගුරුගොඩ සිරිවිමල හිමි.FB_IMG_1558242479368

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article