spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කාර්දිනල් හිමියන්ගේ පාලම් කථාව සහ කිතුණු ප්‍රතිචාර ..

Must read

ලංකාව ඉන්දියාවට යා කරමින් පාලමක් ඉදි කිරීම සඳහා ආණ්ඩුවේ පවතින සූදානම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ අදරදගුරු රංජිත් මැල්කම් හිමිපානෝ පසුගිය ඉරුදින (27) සඳහන් කළේ “තව පාලමකුත් හදාගත්තම හොඳට තියෙයි. කවුද මේ මෝඩ කතා කියන්නේ? අපේ රට හැමදාම නිදහස් රටක්. කවදාවත් අපි කිසිම රාජ්‍යයක වහල්ලු වෙලා හිටියේ නැහැ. වෙන රටකින් කැඩිල ගියේ නැහැ. ශ්‍රී ලංකාව එදා ඉඳල තිබුණේ වෙනම. මේ රටේ රජවරු ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර තිබිච්ච ආර්ථික ගනුදෙනුවලට කටයුතු කළා මිසක් අපි වහල්කම් කරන්න ගියේ නැහැ කාටවක්වත්.” යනුවෙනි.

එහිදී එම හිමිපානෝ වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස්,

“අපේ රටේ කෑලි කෑලි විකුණ විකුණ එක එක රටවල්වලට. එක එක බලවේගවලට යටත්වෙමින් විවිධ මෝඩ තීරණ ගනිමින් මේ රට විනාශය කරා ගෙනයන්නට කටයුතු කරමින් තිබෙනවා. තව තවත් අපේ නිදහස නැතිවෙන මෝඩ කතා, මෝඩ වැඩ සකස් කරමින් පවතිනවා.

ඒගොල්ලන් ඉන්දියාවට පාලමක් හදනවලු. දැන් ඉන්දියාවෙන් අපිට තියෙන ප්‍රශ්න මදැයි. තවත් ප්‍රශ්න එකතුකරගන්නයි හදන්නෙ මේගොල්ලෝ. ඉන්දියාවෙ ඉඳලා ලංකාවට පාලමක් හදනවයි කියන්නේ, ඔබට මතකයි පරිප්පු ගෙනත් දැම්ම එක කාලයක්. ඔබට මතකයි හමුදාවක් එව්වා ලංකාවට. ඔබට මතකයි ඒගොල්ලන්ගේ මතය මත යම් යම් දේවල් ක්‍රියාත්මක කළ යුතුයි කියලා අපිට බල කෙරුවා. බලකරලා ඒ බලෙන් ඒවා අපේ කර උඩ පැටෙව්වා. තව පාලමකුත් හදාගත්තම හොඳට තියෙයි. කවුද මේ මෝඩ කතා කියන්නේ? අපේ රට හැමදාම නිදහස් රටක්. කවදාවත් අපි කිසිම රාජ්‍යයක වහල්ලු වෙලා හිටියේ නැහැ. වෙන රටකින් කැඩිල ගියේ නැහැ. ශ්‍රී ලංකාව එදා ඉඳල තිබුණේ වෙනම. මේ රටේ රජවරු ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර තිබිච්ච ආර්ථික ගනුදෙනුවලට කටයුතු කළා මිසක් අපි වහල්කම් කරන්න ගියේ නැහැ කාටවක්වත්. මේ රට ක්‍රම ක්‍රමයෙන් පාවා දෙන්නේ, මේ රට විනාශ කරන්නේ අපේ රටේ මිනිස්සු තමයි. විදේශීය ජාතියකට අපේ රට යට වුනානම් යට වුනේ ආදරනීය සහෝදර සහෝදරියනි අපේ නායකයන්ගේ පාවාදීම නිසයි. හෙටත් ඒ දේ වෙන්න පුළුවන්. මේ රටේ එවැනි තීරණයක් ගන්නවානම් අපි හැමදෙනාගේම මතයට ගරු කරනවානම් ප්‍රජාතන්ත්‍රවාදී රටක්නම් අද අපේ රටට මේ පාලතැනීම පිළිබඳ අදහස සඳහා විශේෂ මත විමර්ශනයක් ඇති කළ යුතුයි. මහජනතාවගේ මතය නැතිව මේ දේවල් කිරීම වැරදියි. එය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් නෙවෙයි.

අපේ රට වෙනුවෙන් අපි අද ඇත්තටම කනගාටුවෙනවා. තවත් ඉඩම් අක්කර දහස් ගනන් දෙන්ඩ. දෙමු අපි ඔක්කොම රටවල්වලට කෑලි කෑලි කඩලා කඩලා දෙමු. හරි හොඳයි. එතකොට අපිට ඉතුරුවෙන්නේ නැහැ කිසිදෙයක්. මේක අසනීපයක්. මේ විනාශකාරී බලවේග මේ රට වහල් තත්වයට ඇද දමනවානම් ඔවුන්ව එළියට දමන එක තීරණය ගන්න ඕන අපි.”

කාර්දිනල් හිමියන් විසින් පසුගියදා තේවත්තේ බැසිලිකා දේවස්ථානයේදි කියන්නට යෙදුන මේ පාලම් කථාව ගැන එක්තරා අන්දමක විවේචනද දැන් එල්ල වන්නට පටන් ගෙන තිබේ.

ඇතමෙකු කියා සිටින්නේ කාර්දිනල් හිමියන්ට ඕන් නැති දෙයක් නැති බවත් හැම දේකටම කට හොට දාන බවත්ය.

රටවල් අතර පාලම් හැදෙනවා යනු සැබැවින්ම ගෙන බලන කල ඉදිරිගාමි පියවරක් ලෙස හදුනාගත යුතුව තිබුණද කාර්දිනල් හිමියන් විසින් රෝගින් ආසිරි ගැන්විම වෙනුවෙන් වු විශේෂ දේව මෙහෙයකදි මෙය සදහන් කර තිබුනි.

මේ අතර නම සදහන් කිරිමට අකැමති වු කිතුණු ක්‍රියාධරයෙකු කියා සිටියේ තේ වත්තේ බැසිලිකා දෙව්මැදුර ප්‍රතිසංස්කරණ කටයුතු සදහා වාරාය නගරය ව්‍යාපෘතියේ මුල්‍ය දායකත්වයද ලැබුන බවට රාවයක් එකල පැවැති බවය.

කෙසේ වෙතත් වරයා නගරය ඉදිකිරිමට මුහුදෙන් වැලි ගැනිමට එරෙහිව ධිවරයන් විසින් දියත් කර තිබුණ විරෝධතාවය අතරමග නවතා දැමිමට කතෝලික පල්ලියද වගකිව යුතු බවට වු චෝදනාවක් වේ .

මේ අතර නිරාජ් ජයමාන්න විසින් සිය ෆේස් බුක් පිටුවේ කාර්දිනල් හිමියන්ගේ ප්‍රකාශයට ප්‍රතිචාරයක් දක්වා තිබුණි.

එය පහතින් පළවේ

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු තුමෙනි, ඔබවහන්සේ යෝජිත ඉන්දු-ලංකා පාලමට පසුගිය සතියේ දක්වා තිබූ විරෝධතාවය සලකා, දැන් අවුරුදු ගණනාවක් (දශක 2ක් පමණ) ප්‍රමාද කර ඇති එම අනගි අවස්ථාව මෙවර මඟහැරියොත් ඉන්දියාව ඉදිරියේදී ලොව කාර්‍යබහුලතම නැව් මාර්ගය “සේතු සමුද්‍රම්” ඇල ව්‍යාපෘතිය තුලින් සියතට ගන්නා බව අමුතුවෙන් කිව යුතු නැත….‼️💥

එවිට, ලංකාවේ ප්‍රධාන වරායන් 03 (කොළඹ,ත්‍රිකුණාමලය සහ හම්බන්තොට) කරවල වියළීමේ කටයුතු වලට යොදාගත හැකිවෙනු ඇත.‼️💥මෙරට පුරවැසියන්ගේ ජන ජීවිතය සැමදා දුක්ඛිත මට්ටමේම පවතිනු ඇත….🥲🥲🥲

එසේ වුවහොත් වෙන්නේ,අතට ගත්තු දේ කටට දාගන්න නොහැකිව හැමදා හූල්ලමින්, ඉන්දියාවට පමණක් නොව ලොව සෑම රටකටම යටත් වෙමින්, ඔවුන්ගේ අධාර උපකාර හිඟන්නන් මෙන් අයැද සිටින්නට සිදු වීමය…..🥲🥲🥲🥲

ඒකනිසා, රටේ භූවිෂමතා පිහිටීමේ අනර්ඝ ඵලය (ලොව ප්‍රධානතම නාවික හා වෙළඳ කේන්ද්‍රස්ථානයක් කිරීම) දැන්වත් ලබාගැනීමට හදන මේ මොහොතේ, එක එකාගේ පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට ඉඩ නොතබා, පූජාසනයේ ගෞරවයත් කෙලෙසගන්නේ නැතුව, රටේ අනාගත උන්නතිය වෙනුවෙන් මේ මහඟු කටයුත්තට මෙරට ප්‍රධාන ආගමීක නායකයෙකු වශයෙන් ආශිර්වාද කරන මෙන් කතෝලිකයෙකු වශයෙන් මම ගෞරවයෙන් සහ කරුණාවෙන් ඔබතුමාගෙන් උදක්ම ඉල්ලා සිටිමි.…🙏🙏🙏🙏මේ අතර ෆේස් බුක් පිටු වල කාර්දිනල් හිමියන්ගේ පාලම් කථාව විවේචනය කරමින් ප්‍රතිචාර ගණනාවක්ම පළවෙන්නට පටන් ගෙනය.

මේ එක් සටහනක අවධානය කර තිබුනේ ප්‍රැන්සිස් පාපතුමන් විසින තරුණ කිතුණුවන්ට කළ ආයචනයක්ද මතු කර දක්වමිනි. එහිදි පාප්තුමන් කියා තිබුනේ තාප්ප හදනවා වෙනුවට පාලම් හදන්න යයි කියාය. (https://www.huffpost.com/entry/pope-francis-urges-young-catholics-to-build-bridges-not-walls_n_5c4b29d7e4b06ba6d3bc5e8a?fbclid=IwAR2ce8CvNqmLV6MzWVcDrfGGF1wh2XdSBlDpEqgJ0uATd7tX__CNnvhWydE)

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article