spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කාවින්ද මනාප තරඟය මැද්දේ තනිවෙයි ? රොයිස්ගේ පැමිණිමෙන් තවත් අනාථ වෙයි !

Must read

kavinda 1මැතිවරණ මනාප උණුසුම දැන් ඉහල යමින් තිබේ. එයට සමානව මිගමුවේ දේශපාලන ගතිකයන් නව ආකාරයෙන් අකෘතිගත වෙමින් තිබේ. සමඟි බලවේගයේ දිනන ජොකියන් පිරිස ගම්පහදි ඉතාමත් සිමිත විම නිසා කලින් පාර්ලිමේන්තුවේ සිටි බහුතරයක් දෙනාට සිය ධුර අහිමිව යෑමේ අවධානමක් දැන් මතුව තිබේ.
සජිත් පිළේ දැනට වැඩිම විභවයන් සහිත අපෙක්ෂකයන් බවට පත්ව ඇත්තේ රන්ජන් රාමනායක, විජිතමුණි සොයිසා,සරත් පොන්සේකාය. ඊට අමතරව එඩ්වඩ් ගුණසේකර මෙන්ම හර්ෂණ රාජකරුණාටද පාපුරුවේ හෝ ඉඩක් ඇතැම් විට ලැබිමට හැකිව ඇත්තේ ඒ අයට සිය ආසන වලින් කිසියම් ඡන්ද පදනමක් තිබිය හැකි නිසාවෙනි.
මේ පසුබිම තුල කාවින්ද ජයවර්ධනගේ ඉරණම දැනමත් තින්දු වි ඇත්තේ සිය මන්ත්‍රි සිහිනයද අහකට විසිකර දමමිනි. එයට ප්‍රධාන හේතුව වි ඇත්තේ කාවින්ද ජයවර්ධනම යැයි පදනම් ඇති කිසිදු මැතිවරණ ආසනයක් නොමැතිවිමයි.
මිගමුවට ඔහු පැරිෂුට් කාරයෙක් වුවා පමණක් නොව රොයිස්ව කප දමා බලහත්කාරයෙන් ආසනය ඩැහැගත් අයෙකු ලෙස මිගමුවේ එජාප ඡන්ද දායකයන් අතර බරපත ද්‍රෝහි හංවඩුවක් ඇලවි ඇත.
ජාඇල යනු කාවින්දට උරුම කම් මැති මැතිවරණ ආසනයක් නොවේ . ඒ ඔහුගේ ගම පමණි.
මේ අනුව දැවැන්ත දේශපාලන අනාථභාවයකට පත්ව ඇති කාවින්ද දැනටමත් මනාප තරඟයෙන් පැරදි හමාරය. දැන් තත්වය තවත් දරුණු වි ඇත්තේ රොයිස් විජිතගේ ආගමනයයි.
මේ අනුව ඩිල් සමගින් බලහත්කාරකමින් ආසනයක් බදාගත් කාවින්දගේ දේශපාලන සිහින හමාරවිමට ඇත්තේ තවත් සති කිහිපයක් පමණක් බව අවසාන වශයෙන් මෙහිලා සටහන් කිරිමට කැමැත්තෙමු.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article