spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කැනේඩියානු අගමැතිගේ බිරිඳටත් කොරෝනා වැළදේ !

Must read

cnadian pmලෝකය පුරා ඉතා බියකරු ලෙසින් පැතිර යන කොරෝනා වෛරස් තත්වයට  අප හිතන්නේවත්  නැති පුද්ගලයන් පවා ගොදුරු වෙන්නට පටන් ගෙනය . ඊයේ දිනයේ ඉතාලි මාධ්‍ය වාර්තා කොට තිබුනේ  එරට සුපිරි පාපන්දු ක්‍රිඩකයෙකුටද කොරෝනා වැළදි ඇති බවය.
පසුගිය දිනවල ඉතාලියේ පැවැති ප්‍රධාන පෙළේ තරගවලට සුපිරි පාපන්දු ක්‍රිඩක ක්‍රිස්ටියානෝ රෝනල්ඩෝද එක්ව සිටි අතර මේ වන විට ඔහු ස්වයං නිරෝධායන ප්‍රවේශයක් කරා යොමුව ඇති බවද ඉතාලි මාධ්‍ය තවදුරටත් වාර්තා කොට තිබුණි.
අද ජාත්‍යන්තර මාධ්‍ය හෙළිකර ඇත්තේ තවත් කථාවකි.
එනම් කැනඩාවේ අගමැති ටෲඩෝ බිරිඳටත් කොරෝනා වෛරසය ආසාදිතව ඇති බවය. මේ හේතුව නිසා අගමැතිවරයාද දින 14 ක නිරෝධායන ප්‍රවේශයකට යොමුව ඇති බවය.
පසුගිය දිනවල එංගලන්තයේ සෞඛ්‍ය ඇමතිනිය පවා මේ වෛරයසයේ ගොදුරක් බවට පත්ව තිබුණි.
තරාතිරම නොබලා ඉතා බියකරු ලෙසින් පැතිර යන වෛරසය ශ්‍රිලාංකාව තුලද සක්‍රිය වෙමින් ඇති අයුරු දැන් අප අත්දකිමින් සිටින්නෙමු . එය වලකාලිමට හැක්කේ සාමුහිකව එයට එරෙහි ගනු ලබන ක්‍රියාමාර්ගයන් හා එකාවන්ව පෙළගැසිම තුල පමණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article