spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කැල්ටන් සමූහ ව්‍යාපාරයෙන් ලේ දන්දීමේ පින්කමක් !

Must read

IMG-20191206-WA0010IMG-20191206-WA0011IMG-20191206-WA0004IMG-20191206-WA0015IMG-20191206-WA0006

කැල්ටන් සමූහ ව්‍යාපාරය විසින් වාර්ෂිකව සිදුකරන පිංකමක් වන ලේ පරිත්‍යාග කිරීමේ වැඩ සටහන අද (06)බෝලවලාන , ජනජයගම, ජයසුදර්ශනාරාමයේදී පවත්වන ලදී .අද සමහර ව්‍යාපාරිකයන් අනුන්ගේ ලේ උරා බොන්නන් බව අප කව්රුත් දන්නා සත්‍ය කරුණකි .නමුත් කැල්ටන් ඉතිහාසය පුරා පවතින පරිත්‍යාගශිලී බව නොදන්නා කෙනෙක් නැත . IMG-20191206-WA0016IMG-20191206-WA0018

අදත් කැල්ටන් අධිපති ලෙස කීර්ති නාමයක් දිනාසිටි දේශමාන්‍ය ඩී .සෝමචන්ද්‍ර ද සිල්වාගේ ගමන් මගේ යන එතුමාගේ පුතුන් තිදෙනා විසින් තම පියාගේ 67වන ජන්ම දිනය නිමිත්තෙන් මෙම ලේ පරිත්‍යාගය සූදානම් කර ඇත .
මෙම දරුවන් පියාගෙන් මෙන්ම තම මව වන කාන්ති ද සිල්වා මහත්මිය ගෙන් ලද ආභාශය නිසා යහපත් පුරවැසියන් ලෙස මෙම සමාජය තුළ කීර්ති නාමයක් දිනාගැනීමට සමත්වී ඇත .
කැල්ටන් පවුලේ සාමාජිකයින් තුළ ලේ පරිත්‍යාග කිරීම සඳහා වන අදහස මතුවන්නේ ඉහතකී පරිසරය හේතුකොටගෙන බව කිවයුතුය .
මෙම ලේ පරිත්‍යාගය සඳහා 100 කට වැඩි පිරිසක් සහභාගී වන බව කැල්ටන් කාර්‍යමණ්ඩලයේ මහත්මියක් ප්‍රකාශ කරන ලදී . මේ අනුව ගුවන් හමුදාවේ පිරිසක් සහ ප්‍රදේශවාසීන්ද මෙම පුන්‍යකර්මය සඳහා සහභාගී වනු දක්නට ලැබින .
එසේම මෙම කර්තව්‍යය සඳහා පංසල තෝරා ගැනීමද මෙම ධාර්මික කටයුත්ත ඊට අදාලව අර්ථ ගන්වන්නකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article