spot_img
spot_img
Wednesday, May 22, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු නගර සභාවේ අලුත් මන්ත්‍රිගේ පත්විමෙන් ගැටළු රැසක් එළියට ?

Must read

sunil-silva-MC-e1530778517315කප්පම් චෝදනාවක් හේතුවෙන් අධිකරණයත් පොලිසියත් මගහරිමින් රටින් පැන ගොස් ඇති මිගමුව මහනගර සභාවේ නාගරික මන්ත්‍රි සුනිල් සිල්වා ඉල්ලා අස්විම හේතුවෙන් ස්වාධින කණ්ඩායම් අංක තුන වෙනුවෙන් එම කණ්ඩායමේ අයෙකුව මේ වන විට නාගරික මන්ත්‍රිවරයෙකු වශයෙන් නම් කොට තිබේ.IMG-9fd0678663c12e5960ddb778b1d6e105-VIMG-97ce9df3f4fa12a29d49ae4d4e685688-V
මැතිවරණ නිතිය ප්‍රකාරව මෙවැන් පත්කිරිමක් කළ හැක්කේ ආදාල කණ්ඩායමේ නායකයා විසින් නිත්‍යානුකූල ආකාරයෙන් සහතික කොට මැතිවරණ කොමිසමට අදාල පුරප්පාඩුව සදහා අහවල් පුද්ගලයා නම්කරනු ලබනවා යැයි කිම තුලිනි.
මේ අනුව පොලිසියවත් අධිකරණයවත් නොදන්නා තැනක සිටින සුනිල් සිල්වා තම කණ්ඩායමේ වෙනත් අයෙකු පත්කිරිම සදහා මැතිවරණ කොමිසමට පිළිගත හැකි ආකාරයේ නිත්‍යාණුකුල ලිපියක් ඒවා තිබුනේ කෙසේද යන්න මේ අනුව පැහැදිලිව ගැටළු සහගතය.
එපමණක් නොව සුනිල් සිල්වා තව මන්ත්‍රිධුරයෙන් ඉල්ලා අස්වු බවට වන ලිපියක්ද මීගමුව මහනගර සභාවේ නාගරික ලේකම් වෙත භාර දිය යුතුව තිබේ.
එසේ නම් ඒ ලිපිය භාරදුන්නේ කවදාද ?කෙසේද ?
කප්පම් චෝදනා මත රටින් පැන ගොස් සිටින් සුනිල් සිල්වා ඇතුළු 6 දෙනෙකුට එරෙහිව වන නඩුව යළිත් වරක් දෙසැම්බර් 12 වනදා අධිකරණයේදි පැවැත්වේ.
අදාල පැමිණිල්ල මෙහෙයවන කටාන පොලිසියට 12 වෙනිදා සුනිල් සිල්වා සැගව සිටින්නේ කොහේදැයි දැනගැනිමට දැන් පොටක් පෑදි තිබේ.
රොයිස් ට එරෙහිව නැති ගිණි අවියක් ගැන පැමිණිලි සටහන් කළ පොලිසියකට සුනිල් සිල්වා ගැන  කළ හැක්කේ කුමක්දැයි යන්නද සැබැවින්ම ගැටළුවකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article