spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කෑම අතින් අල්ලනවා මදිවට වැටෙන ඒවාත් ආයේ දාන හැටි ??

Must read

(4.45pm)2 3 4 1මේ ඡායාරෑප පෙළ මීගමුව  නගර මධ්‍යයේ හෝටලයක් ඇතුළත දර්ශනයකි. මෙහි නිරන්තරයෙන්  දේශීය මෙන්ම විද්ශීය පාරිභෝගිකයන්  ගැවසෙන   ස්ථානයක් වන අතර මෙම සිදුවීම වනවිට අද (25) සවස 3.15 ට පමණය.  මෙම හෝටලයේ සේවකයෙකු  ⁣යම් කිසි ආහාර වර්ගයක්  භාජනයකින් එළියට ගන්නා අතර  ඔහුගේ දෑත්වල කිසිඳු අාවරණයක්  නොමැත. ඒ අතර ඔහු කෑම සියල්ලම අතින් අල්ලමින් යම් කිසි පෙට්ටියක් වැනි දෙයකට දමයි. අවසානයේදී  එයින් එකක් බිම වැටුන අතර එය ද අහුලා නැවත අර පෙට්ටියට දමයි.
මෙය ඉතාම සුලභ සිදුවීමක් වුවත්  මීගමුව නගරයේ බොහෝ හෝටල් වල සිදුවුවත් මෙය ආහාර සෞඛ්‍ය පිළිවෙතට පටහැනි පිළිකුල් සහගත ක්‍රියාවකි.
සමහර හෝටල් වල සේවකයන්  බුලත් කන ගමන් කෑම අතින් අල්ලමින් පාරිභෝගිකයන්ට ඒවා ලබාදෙයි. හෝටලේ  හිමිකරුවන් මේ සම්බන්ධයෙන් ඇති නීතිය නොදන්නවා නොවේ.  දැන දැනත් මේ අකාරයේ අපිරිසිඳු ලෙස සෞඛ්‍ය අනපනත් කඩකරමින්  නුපුහුණු, සේවකයන් මෙන්ම අපිළිවෙල සේවකයන්ගේ සේවය ලබාගනිමින් අවාදර්ශමත් ලෙස කරන මේ හෝටල් කෙරුවාව අවසන් වන්නේ කවදාද ?

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article