spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කිතුණු ඡන්ද,මුස්ලිම් ඡන්ද නැති ලංසා පවුලට දැන් කසාවතේ පිහිට පමණයිලු ?

Must read

කසාවත 1කසාවත 2

මීගමුව නරගාධිපති දයාන් ලංසාගේ මුලිකත්වයෙන් ඊයේ මිගමුව මහනගර සභාවේ ජාතිවාදි භික්ෂුන් වහන්සේලාද එකව සිටි සමුළුවක් පවත්වා තිබුණි.
පසුගිය කාලය තුල රටේ නීතිය අතට ගෙන කටයුතු කළ අති ජාතිවාදි භික්ෂුන්ද මේ අතරේ විය.
මේ අය පසුගිය කාලය තුල මුස්ලිම් ජනයාට එරෙහිව දැවැන්ත හිංසනයක් දියත් කොට තිබුණි.
දෛවයේ සරදම වන්නේ මුස්ලිම් ජාතිකයන්ගේ සරණින් මීගමු මහනගර සභාවේ බලය ඩැහගත් ලංසා පවුල දැන් දේශපාලනික නන්තාර වි ඇත්තේ එළඹෙන ජනාධිපතිවරණයේදි මෙන්ම මහමැතිවරණයේදි සිය ජාමය බේරාගැනිමට පවා නොහැකි තත්වය මතුව තිබෙන හෙයිනි.කසාවත 6කසාවත 5කසාවත 3
මේනිසාම මුස්ලිම් ජනයාට එරෙහිව කතෝලික ජනයා වෙනුවෙන් පාර්ලිමේන්තුවේදි කිඹුල් කදුළු හෙළු නිමල් ලංසා මාන බැලුවේ ඒ මුවාවෙන් කිතුුණු ජන්ද වටලටය.
එහෙත් හැඩු කදුළුවලට පවා කිසිදු වාසියක් ලබාගන්නට බැරිවෙන තැනට කටයුතු දැන් යෙදි ඇත්තේ පසුගිය දා කෙහෙලිය රඹුක්වැල්ල රුපවාහිනි සාකච්ජාවකදි රාජපක්ෂලා විසින් සහරාන්ලාටත් පඩිගෙවා නඩත්තු කළ පව ප්‍රසිද්ධියේම පිළිගැනිමත් සමගින්ය.
මිගමුවේද ඇතුළුව කතෝලික ජනයා ඝාතනය කරන ලද සහරාන්ලාගේ මුස්ලිම් අන්තවාදය පෝෂණය කරන ලද්දේ රාජපක්ෂලා විසින් යැයි ප්‍රසිද්ධියේ හෙළිවි තිබිම තුල වැඩියෙන්ම අසරණ වි ඇත්තේ කතෝලික ඡන්ද වලින් හෝ ගොඩයන්නට බලා සිටින ලංසලාය.
දැන් ඉතිරිව ඇත්තේ වර්ගවාදි ජාතිවාදි කසාවතේ එල්ලිම පමණි.
පසුගිය දා නමගිය මැර භික්ෂුන්ලාද පෙරටු කොටගෙන පුංචි රෝමයේ කසාවතේ සමුළුවේ පවත්වන තැනට පල්ලම් බැසිම විසින් කියා සිටින්නේ පරාජයේ සලකුණ මිස අන්කවරක්ද ?

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article