spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කිතුණු ජනයා බෝට්ටුවලින් ඕස්ට්‍රේලියාවට !ස්වදේශ කටයුතු ඇමති ලංකාවට!

Must read

IMG-20190603-WA0006IMG-20190603-WA0016(.3.45pm)ඕස්ට්‍රෙලියානු ස්වදේශකටයුතු ඇමති Peter Dutton මහතා මීගමුව , කටුවපිටිය දේවස්ථානයට පැමිණි අතර පසුගිය අපේල් 21 වනදා සිදුවූ ව්‍යසනය ගැන ඕස්ට්‍රෙලියානු අගමැති ඇතුළු රජයේ සහ එම ජනතාවගේ දැඩි ශෝකය ප්‍රකාශ කර සිටින ලදී.

එමෙන්ම ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටත් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සහායවීමටත් කැමැත්ත ප්‍රකාශ කළ අතර ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ සංවර්ධනය සඳහාද සහාය ලබාදීමටද පොරොන්දු වී ඇත. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රෙලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා ඇතුළු දූත පිරිසක්ද සහභාගි විය.⁣මේ අතර සිංහල කිතුණු ජනපිරිස් නීතිවිරෝධි ලෙස බෝට්ටුවලින් ඕස්ට්‍රේලියාවට යාමේ ප්‍රවණතාවක් දැන් මතුව තිබේ.පසුගිය 29වෙනිදා මෙසේ නීතිවිරෝධි ලෙසින් 20 දෙනෙකුගෙන් යුත් පිරිසක් බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවට ගොස් තිබියදි මේ පිරිසව විශේෂ ගුවන්යානයකින් ආපසු ලංකාවට හරවා එවා තිබුණි.මේ පිරිස අතර සිටි බහුතරය වෙන්නප්පුව සහ හලාවත ප්‍රදේශවල කිතුණු ජනයා බව වාර්තාවේ.මේ අතර තවත් යාත්‍රා 6ක් පමණ මේ වන විට ඕස්ට්‍රේලියාව බලා යමින් සිටින බව තහවුරු නොකළ ආරංචි මාර්ග දක්වා සිටි.පසුගියදා ලංකාවට පැමිණි ස්වදේශ කටයුතු පිලිබද ඇමතිවරයා මේ නීතිවිරෝධි බෝට්ටු සංක්‍රමණිකයන්ගේ ප්‍රශ්නය රජයේ ඉහල නිලධාරින්ගේද අවධානයට යොමුකර තිබුණි.මිනිස් ජාවාරම්කරුවන් පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය දඩමිමා කොට ගෙන දැන් දැවැන්ත ජාවාරමක් ආරම්භ කොට තිබේ.ඛේදවාචකය විකුණාගෙන කෑම ඒ අයගේ අදායම් මාර්ගය වි තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article