spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු කලපු සංවර්ධනය කොයිබටද? කා සඳහාද?

Must read

IMG-20190604-WA0004(5.00pm)මේවනවිට මීගමුව කලපුවේ සංවර්ධන කටයුතු සදහා රජයේ මැදිහත්වීමෙන් සිදුකෙරෙන කටයුතු පිළිබඳව ධීවර සංවිධාන සහ ධිවර ජනතාව සමඟ සාකච්ඡා වන අදහස් අතර පවතින්නේ පරස්පර ස්වභාවයකි. රජය නියෝජනය කරන මීගමුව ධීවර කාර්්‍යාලය, වෙරළ සංරක්ෂණ දෙපාර්ථමේන්තුව, කලපු අධිකාරිය පමණක් නොව ධීවර නායකයින් අතර පවා මේ ගැන පවතින අදහස් වල සමානකමක් නැත. මේ අනුව එක් පාර්ශවයක් කලපුව හෑරීමේදී විරුද්ධත්වයක් ප්‍රකාශ නොකරන නමුත් අනෙක් පාර්ශවය දැඩි විරුද්ධත්වයක් පෙන්නුම් කරයි. කෙසේ නමුත් තොටුපලවල් තුනක හෑරීම් කටයුතු ගැන විමසා බැලීම සඳහා අද මීගමුව සහකාර ධීවර අධ්‍යක්ෂක තුමා ඇතුළු ධීවර කාර්්‍යාලයේ නිලධාරීන්, වෙරළසංරක්ෂණයේ නිලධාරීන් , කලපු අධිකාරියේ පිරිසක් මෙම ස්ථාන පිරික්ෂා බැලීමේ නිරතව සිටියහ.

IMG-20190604-WA0001මෙහිදී අදහස් දැක්වූ ධීවරයෙකු වූ ඇන්ටනි ප්‍රනාන්දු ( 74) පළකලේ මෙවන් අදහසකි.

රජයෙන් කලපු සංවර්ධනයට කියල මීගමුව කලපුවේ සමහර තැන් හාරන්නයි යන්නෙ. අපි ඒකට විරුද්ධ නෑ. නමුත් මේ හෑරීමට ඉස්සෙල්ල කලපුවේ කුණු ජරාව දානඑක නතර කරල සුද්ධ කරන වැඩේ කළ යුතුයි.විශේෂයෙන් අපි විරුද්ධ වෙන්නෙ කලපුවට ජරාව දාන එකටයි.

Aruna roshantha 1මීලඟට අදහස් දැක්වූයේ එක්සත් ධීවර සමීතියේ සභාපති අරුණ රොෂාන්ත මහතාය. ඔහුට අනුව ස්වභාවික ජල චක්‍රයේ ක්‍රියා කාරීත්වයට බාධාවන අන්දමින් අඩි 8ක් 9ක් ගැඹුරට කලපුව හෑරීමෙන් ස්වභාවික ලෙස මසුන් බෝවීමට එය බාධාවක් වන බවයි. මෙම මහවත්ත තොටුපල, කුඩාගඟ වැනි ස්ථානවල ධීවරයින් විශාල සංඛ්‍යාවක් බිලීබෑම, මස්අතු රස්සාව, විසිදැල් රස්සාව වැනි ක්‍රම මගින් රස්සාව කළ නමුත් දැන් මෙම හෑරීමේ ක්‍රියාවලිය නිසා එවැනි රස්සාවල් කරන්න හැකියාවක් නැතිව යනවා. මලිස්සන් අල්ලා විකුණපු අයටත්, ඇමට මලිස්සන් අල්ලපු අයටත් මේ නිසා අද ඒ රස්සාව නැතිව ගිහිල්ල. ව්‍යාපෘතියෙ සැලැස්ම අනුව නැලැල්ල අඩි 5ක් හෑරීමෙන් සිදුවන්නෙ මෙම ධීවරයින්ගෙ සියළු කටයුතු සඳහා බාධා වෙන එකයි. ඒ වගේම කලපුවට ජරාව දාන එකත් පැහැදිළි ප්‍රශ්ණයක්.

IMG-20190604-WA0005IMG-20190604-WA0012පිටිපන ධීවර එකමුතු සමීතියේ හිටපු සභාපති ලැනී ප්‍රැන්සිස් තම අදහස අනුව ප්‍රකාශ කළේ මීගමු කලපුව පැරණි කලපුවක් ලෙස රොන්මඩ පිරී ඇති බවත්, විවිධ දේවල් කලපුවට මුදා හැරීම නිසා නිසා ජරාවට පත්වී ඇති බැවින් එය සංවර්ධනය කළ යුතු බවයි. ඒ සඳහා තෝරා ගත් ස්ථාන නියමිත පරිදි හාරා සුද්ධ කළ යුතු බවයhttps://youtu.be/9lA7F_exCqg
මේ සියළු ගැටුම් මැද කලපුව සංවර්ධනය සඳහා සියල්ල ක්‍රියාත්මකය. සිදුවන්නේ කුමක්දැයි බලාසිටිනවා හැර කලපු වැඩපිළිවෙල කුමක්දැයි නිශ්චිතව අවබෝධ කර ගත නොහැකි බව ධීවර ප්‍රජා අතර සිටින සමහරු පවසති.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article