spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කිලෝ 40ක බරක් රැගෙන පාරේ ඇවිදින සුනිල්…

Must read

Sunil 1

අඩි6ක් දිග  අඩි 4ක් පළල   කොස්  ලීවලින්  සෑදු  ඇඳක්   එහි ලෑලිද  සමඟින්  උසුලාගෙන  යන  වයස  මුහුකුරා ගිය  මිනිසෙකු  ඇඳ  පසෙක  තබා  ගනිමින්   එහි  ඉඳ  ගිමන්  හරිනු  දුටුවෙමි. මේ  අතර  කිහිප  දෙනෙකු  මෙම  ඇඳ  මිලදී  ගැනීම  සඳහා  පැමිණ  එහි  විස්තර  අසන  ලදී.  මේ  අය  අතර  ඉන්දීය  හෝ  පකිස්තානු   ජාතිකයෙකුද  විය. අඟුරුකාරමුල්ල , විද්‍යාලංකාර  විදුහල  පසුකර  , මීගමු  රෝහලට  හැරෙන   පාරේ    මෙසේ  නැවතී    සිටි  ඔහු සමඟ  කෙටි කථාබහක  යෙදෙන්නට  අපට  හැකිවිය.   එසේ  ඔහු  සමඟ  කථාබහක  යෙදුනේ   මෙවැනි  මිනිසුන්  පිළිබඳව  සමාජය  තුළ  වැඩි  කථාබහක්  සිදුනොවන  බැවිනි. ඔහු  නමින්  කේ.  ඒ.  සුනිල්ය.sunil 2

ඔබේ  නම,ගම  පුද්ගලික  විස්තර  කොහොමද?

මම  කේ.  ඒ.  සුනිල්.  මගෙ  ඇඩ්‍රස් එක  නොම්මර  308,  දම්පෙ,  මඩපාත, පිලියන්දල. අපේ  තාත්ත  අපි   පොඩි  කාලෙම  නැතිවුනා.  අම්ම  කුලී  වැඩකරල  තමයි  අපිව  ජීවත්  කලේ. ඒනිසා  මම   ඉගෙනගත්තෙ  2පනතියට  පමණයි. මමයි  අයියයි  විතරයි  අපේ  පවුලෙ  ඉන්නෙ.අයිය  කුලීවැඩ  කරනවා.  මට    දුවක්   සහ  පුතෙක්  ඉන්නවා.  දුව  ඒජන්සියක  වැඩ කරනවා.  පුතා  සෙක්‍යුරිටි   වැඩක්  කරනවා.

මේ  රස්සාව  මීගමු  නගරය  ඇතුලෙ  කරන්නෙ  කොහොමද ?

අපි  මේ  ඇඳවල්   ලොරියක  පටවගෙන  එනව.ගෙදරින්  පාන්දර 4.00ට  විතර  තමයි  එන්නෙ.  මෙහෙට  11.00  ට  විතර  එනවා.   ලීමඩුවලින්  තමයි    මේ  ඇඳවල්   ගන්නෙ. ඊට  පස්සෙ  ලොරිය  කොහේ හෝ  තැනක  නතර  කරල  එතනදි   කෑලි  හයිකරල    හදාගෙන  අරගෙන  යනවා. මේවෙකොට   අපි  4ක්  මේ  රස්සාව  කරනවා.අපිට  හම්බවෙන්නෙ  කොමිස්  එකක්.  මේ  ඇඳ   රු.6000/  කට  විකුණුවොත්  අයිතිකාරයට   රු.2100/ක්  දියයුතුයි.  සමහර  වෙලාවට  විකුණගන්න  බැරි  වුනොත්   අපිට  සල්ලි  ලැබෙන්නෙ  නෑ.

මොනවද  මේ   ලී  වර්ගය?

ඇඳ   හදල  තියෙන්නෙ  කොස්  ලී  වලින්.  ඒවුනාට  මේව  එල  කොස්  ලී.  ඇඳට  එලන  ලෑලි  නම්  මැහෝගනී. අපි  මේවට  පාට  ගාල,  අඩුපාඩු  හදල  ගන්නව.  බෝඩිං   වලට  එහෙම    හුඟ දෙනෙක්  ගන්නව. යාපනය  වගේ  පැති  වලදි  නම්  මේව  හුඟක්  විකිණෙනව.

මේ  රස්සාව  ගැන   ඔබ  සතුටුද?

මේ  රස්සාව  මම  සතුටින්  තමයි  කරන්නෙ.මීට  කලින්  කුලී  වැඩ   කළේ.   මේ  රස්සාව  අවුරුදු  18ක්  තිස්සේ  කරනව.  මට  ලියන්න  එච්චරබෑ.  කියවන්න ටිකක්  පුළුවන්.  දැන්  වයස  අවුරුදු 56ක්  වෙනව.   සමහරදාට  රු.5000/ක්6000/ ක්  හම්බවෙනව.    උදේට  කෑවට  පස්සෙ  දවල්ට  කන්නෙ  නෑ. බුලත්විටක්  කාල,  කහට උගුරක්  බීල  ඉන්නව.   රෑට  පේමන්ට්  එකේ  හරි  කොහේහරි  තැනක   වැටිල  නිදාගන්නවා.  අපිට  අසනීපයක්  හැදෙන්නෙ   කලාතුරකින්.   ඇවිදින  නිසා  වෙන්න  ඇති.  රටේ  හුඟක්    තැන්වල  අපි  යනව.  යාපනය,  මන්නාරම,  මඩකලපුව,  තිරුක්කොවිල්,  අක්කරපත්තුව  වගේ  තැන්වල  අපි  මේව  විකුණමින්   ඇවිදිනවා.sunil 4

 

ඔහු    මේ  ඇවිදින්නේ  වෙනත්  අය  මෙන් සිරුරට   ව්‍යායාමයක් ලබාදීම  සඳහා  නොවේ.  මේ  ව්‍යායාමය   ජීවත්වීම  උදෙසා  කරන්නකි.  මෙවැනි   බරකුත්  උසුලා  ගෙන  පයින්  ඇවිද්ද  නමුත්   කිසිදු  වෙහෙසක්  පෙනෙන්නට  නොතිබින.  එක්  උරහිසක්   බර  උසුලාගෙන  යන  ලීයට  මැදීම  නිසා  හම  රළුවී   එහි සටහනක්   දක්නට  තිබින.  නමුත්   මේ  පුද්ගලයා  කිසිදු   දුකක්  නැතිව  තම  රස්සාව  කරයි.    කළ  කථාබහ  අවසන්  කළ  වහාම   ඇඳ   කරට  ගෙන  ඉතා  වේගයෙන්  ඉදිරියට  ඇදී  ගිය   ඔහු   එය සෙල්ලම්  බඩුවක්    මෙන්  අනෙක්   උරහිසට   මාරුකරන  ආකාරය  දුටුවෙමි.   මෙසේ   මොහුගේ   කර  පිටින්  යන  ඇඳ  මිලදී  ගන්නා  මිනිසා  තමන්ගේ   ශරීරය  එහි    සැතපුවද  මොහුට  සැප  නින්දක්   නැත.මන්ද   නිදාගන්නට   සිදුවන්නේ   පේමන්ට්  එකේය.  නැතිනම්  ගහක්  යටය. කෙසේ  නමුත්  එම  යතාර්ථය  මෙසේ   වුවද   තම  රස්සාව  තුළින්  සාර්ථක  ජීවිතයක්  ගතකිරීමට  හැකි වේවායි   අපි  ඔහුට  සුභ  පතන්නෙමු.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article