spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජලය නාස්තිකර අවාදර්ශයක් දෙන පාසැලක් ?

Must read

school 2

මීගමුවේ  විද්‍යාලංකාර  විදුහලේ   ජලය  අපතේ  යාමක්  පිළිබඳව   අපට  ආරංචියක්  ලැබින.  ප්‍රදේශවාසීන්  ‍ගෙන්  ලැබුණු   මෙම  ආරංචිය  ගැන     සොයාබැලීම  උදෙසා   එම  විදුහල   අසලට  ගිය  අවස්ථාවේ   ප්‍රදේශවාසීන්  පැවසුවේ   මෙය   වසර  ගනනාවක  සිට  සිදුවන්නක්  බවයි.   මෙම  ජලය  බැහැරවීම  ඊයේ(05දා)   සිට  ආරම්භවී  මේවනතෙක්    ජලය  පිරීගිය  මෙම  ටැංකියෙන්   ජලය  පිටතට  ගලායන  බවත්   එමෙන්ම   අහළ  පහළ   ඇති  ගෙවල්වල  වහලට   මෙම  ජලය   පතිත  වන  අතර  පාරේ  යනඑන  අයටත්  එමගින්  කරදර  සිදුවන  බවත්  ඔවුන්  පවසයි.  අප  එහි  යනවිට  පාසැලේ  කව්දෝ  පිරිසක්   වැඩකරමින්  සිටින  ආකාරයද  දැකගත හැකිවිය.

ජල සම්පත  සුරකිමු  යැයි  පසුගිය  වකවානුවල   පාසැල්  ළමුන්  ලවා  ගුරුභවතුන්    කටපාඩම්  කරවනු  අප  දැක්කෙමු.  එවැනි  දැන්වීම්  පුවරු  පාසැලේ   බිත්ති පුරා  ඇලවී   තිබෙන  ආකාරයද  දැක්කෙමු.   වරෙක  ඩෙංගු  වසංගතයට  එරෙහිව  ළමුන්  සමඟින්   පෙළපාලි  යන  ගුරුවරු  දැක  අපට  ඇතිවන්නේ  ඉමහත්  සතුටකි.  මෙවැනි   දේවල්  තුළින්   දරුවන්ට ආදර්ශයක්   දුන්  පාසැල්   පිළිබඳව  ඇසීම  සහ  දැකීම  සතුටකි.  නමුත්  ඉහත  සඳහන්  කරුණ   පිළිබඳව  මෙම  විදුහල   අවධානයක්  නොදෙන්නේ  ඇයිද?  යන්න  ප්‍රශ්ණයකි.

ප්‍රදේශවාසීන්  පවසන  ආකාරයට   ඉීට  පෙරද  සමහර  අවස්ථාවල   මෙම  ජලය  බැහැරවීම  පිළිබඳව  ඔවුන්  විසින්  දැනුවත්  කළපසු   එය  නතර  කිරීම  සඳහා  අදාල  පුද්ගලයින්   පියවර  ගත්  බවයි.    නමුත්  තවමත්  මේ  සඳහා  ස්ථිර  විසඳුමක්  ලබාදීමට  පාසැල්  බලධාරීන්  උත්සාහ  ගෙන නොමැති  බවත්,  එනිසාම   අඛන්ඩව   මෙය  සිදුවන  බවත්  ඔවුන්  තවදුරටත්  පවසයි.  මේ  අනුව   අප  මෙම   පාසැලේ  වගකිවයුතු    සියළුදෙනාගෙන්  ඉල්ලා  සිටින්නේ    දැන්වත්   මෙම  ජල  නාස්තිය  වහාම  නතරකර  ඒ  සඳහා අවශ්‍යවූ   ස්ථිර  විසඳුමක්   කෙරෙහි  යොමුවන  ලෙසයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article