spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කුඩුකාරයෙක් අල්ලන්නට ජා- ඇලට පැන්න කොස්තාපල් ගසාගෙන යයි

Must read

ඊයේ 23 වනදා ජා-ඇල පොලසියේ කෝස්තාපල්වරයෙකු  ජා ඇල – පිහිටි  ඇලේ ගසාගෙන ගොස් ඇති බව වාර්තා වේ. මෙම සිදුවීම සිදුවී ඇත්තේ  පොලිස් ස්ථානයේ සිටි සැකකරුවෙකු  ජාඇලට  පැන පලා යාමට උත්සාහා කළ අවස්ථාවේදීයි. ම්ත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුව අධිකරණයට ඉදිරිපත්කිරීමට සුදානම්වූ අවස්ථාවේදී ඔහු පැනගොස් ඇට පැන ඇති අතර පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමට ජා ඇලට පැන තිබේ. මෙම අවස්ථාවේදී එක් නිලධාරියෙකු දිය පහරට  හසුව ගසාගෙන ගොස් අතුරුදන් ව ඇත.

ජා-ඇල පොලිස් ස්ථානයේ සිර මැදිරියේ රදවා සිටි සැකකරුවෙකු අධිකරණය ට ඉදිරිපත් කිරිම ට රැගෙන යාමට සුදානම් වීමේදි මෙය සිදුව තිබේ. හෙරොයින් සම්බන්ධ සිදු වීමකට අත් අඩංගුවට පත්ව සිටි මෙම සැකකරු අධිකරණයට රැගෙන යාමට පොලිස් කැබ් රියට නංවා ගැනීමට සිරමැදිරියේ සිට නිලධාරීන් පිරිසක් රැගෙන එමින් සිටි අවස්ථාවේ දී අත් මාංචු ද සමග සැකකරු පොලිස් ස්ථානය ආසන්නයේ පිහිටි ජාඇලට පැන පලා යාමට සූදානම් වු අවස්ථාවේ පොලිස් නිලධාරීන් පිරිසක් ද සැකකරු අල්ලා ගැනීමට ඇළට පැන ඇත. එලෙස ඇලට පැන තිබූ ජා-ඇල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ යෙදී සිටි පොලිස් කොස්තාපල් ක්‍රිෂ්ණමුර්ති පිරදාපන් (99033) වයස අවුරුදු 26 නිලධාරියා දිය පහරට හසුව අතුරුදහන් වී ඇත. අවිවාහකයකු වු පොලිස් නිලධාරියා පරණ තැපැල් කන්තෝරුව පාර පළමු පටුමග චාවකච්චේරි පදිංචි අයකු වේ. පලායාමට සුදානම් වු හෙරොයින් සම්බන්ධ සැකකරු අනිත් නිලධාරීන් විසින් පොලිස් භාරයට ගෙන තිබේ. මෙලෙස පොලිස් භාරයට ගෙන තිබණේ අංක 217 ශ්‍රී බෝධිරාජරාම පාර පදිංචි එච්. අංජු ලක්ෂාන් නැමති අයකු බව පොලිසිය පවසයි.

ප්‍රියපේම මානික්කරත්න

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article