spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

එය අපූරු තෙළිඟු චිත්‍රපටියක්

Must read

බොහෝ තෙළිඟු චිත්‍රපටි වලට ඉතා සුන්දර කතා තේමාවන් යොදා ගන්නා අතර අන්ද්‍රා ප්‍රදේශයේ ගැමි සහ දුෂ්කර ප්‍රදේශය වල ජීවත්වන ජනකොටස් වල සමාජ සහ ජීවන අරගල සාකච්ඡා කිරීමට තෙළිඟු සිනමාකරුවන් උත්සාහ ගන්නා බවක් දැකිය හැක.
තවමත් අතිවිශාල ජනකොටස් ඉතා අඩු සාක්ෂරතාවයකින් යුතුව ප්‍රධාන සමාජ ධාරාවෙන් වෙන්වී ජීවත් වෙන බැවින් ඔවුන් මුහුණ දෙන සමහර ප්‍රශ්න සහ දුෂ්කරතාවයන් පිළිබඳව අපට සිතා ගන්නට හෝ බැරි තරම්ය.
නිදහස ලැබී වසර 75කට වඩා වැඩි කාලයක් ගතවුනත් හුදකලාව ප්‍රධාන සමාජයෙන් වෙන්වී සිටින සමහර ගම්මාන වල ක්‍රියාත්මක වන්නේ අපට සිතාගන්න බැරිතරම් දූෂිත සහ අධිපතිවාදී ග්‍රාම්‍ය පාලන ක්‍රමවේ.
එහිදී නීතිය සහ රාජ්‍ය පරිපාලනය ගමේ බලවතාගේ අවශ්‍යතාවයට සහ කැමත්තට අනුව සිදුවන අතර ඔහුට හෝ ඇයට දේවත්වයක් ලැබී ඇත.
” .රංගස්තලම් – (රඟ මඬල)” චිත්‍රපටිය මෙවන් ගම්මානයක් කේන්ද්‍ර කොට ගෙන නිර්මාණය වී ඇත.
චිට්ටුබාබු අතිශයින්ම ක්‍රියාශීලි තරුණයකි. වැවෙන් ගොවිබිම් වලට ජලය ලබාදෙන ජල මෝටරයක් (Water Pump) ඔහු සතුව ඇත. පැල සිටවූ පසු වතුර ලබා ගැනීමට අහස දෙස බලනවා වෙනුවට ගමේ ගොවීන් බලා සිටින්නේ චිට්ටුබාබු එනතුරුය.
ගමේ ගොවීන් බොහෝ දෙනෙකු ණය උගුලේ සිරවී ඇත. ගමේ බලවතා වන්නේ ගමේ ප්‍රධානියාවූ සභාපතිය. ඔහුට විරුද්ධව කිසිවෙක් ඉදිරිපත් නොවෙයි. මැතිවරණයකින් තොරා පත්කර ගන්නා ගමේ සභාපති කමට කවුරුන් හෝ තරග කරන්නේ නැත.
එසේ උනොත් ඒ ඔහුගේ අවසානයයි. මේ අසාධාරණයට විරුද්ධ වන්නේ ඩුබායි සිට රැකියාවක් කර පැමිනෙන චිච්ටුබාබුගේ අයියාය. එහෙත් චිච්ටුබාබුගේ අයියාට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවේ. මීට පෙර සභාපතිට විරුද්ධවූ ගමේ නිර්භීත ප්‍රජා ක්‍රියාකාරීන් කීපදෙනෙක්ම ඝාතනය කර ඇති බැවින් තම වැඩිමහල් සොයුරා ඝාතනය කරන්නේ සභාපති බවට චිච්ටුබාබු සැක කළත් සිදුවන්නේ ඊට වඩා වෙනස් දෙයකි.
අවසානයේ චිච්ටුබාබු තම අයියාගේ සැබෑ මිනිමරුවා සොයා ගනියි.
චිච්ටුබාබු උපතින්ම කන ඇසීමේ ආබාධිත බවකින් පෙලෙයි. මේ නිසා ඔහුට විවිධ ගැටලු වලට මුහුණු දීමට සිදුවේ. චිච්ටුබාබුගේ පෙම්වතිය සහ ඔවුන් අතර ගොඩ නැගෙන සබදතාවයන් සහ චිච්ටුබාබුගේ පවුලේ සබදතාවයක් ඉතා සුන්දර බවකින් යුතුයි.

අතිශයින්ම සුන්දර ගීත සහ වේගවත් නැටුම් වලින් සමන්විත මෙම චිත්‍රපටියේ දිගින් දිගටම කඩු කිනිසි, පොරව සහ මුගුරු උපයෝගී කරගෙන සිදුවෙන මිනීමැරුම් සහ ප්‍රචන්ඩ ජවනිකා ඉතාමත් තාත්වික ලෙස ඉදිරිපත් කර ඇති බැවින් එම ජවනිකා සාමාන්‍ය මනසකින් යුතු ප්‍රේක්ෂකයන්ට නැරඹීමට තරම් අපහසුය.


එහෙත් මවුපියන්, සහෝදර සහෝදරියන් සහ පෙම්වතුන් අතර පවතින සබදතාවයන් ඉතා සංවේදී ලෙස තිරය මත පතිත කරවීමට චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයා සහ කැමරා ශිල්පියා සමත්වී ඇත.
මුල සිට අගට ගලා යන කතාවක් නැතත් ප්‍රේක්ෂකයන් කිසිදු වෙහෙසකට පත් නොවන පරිදි මුලීක තේමාව ප්‍රේක්ෂකයන්ට සංනිවේදනය කරවන ආකාරය චිත්‍රපට සංස්කරණය කර ඇති ආකාරය සැබවින්ම විවිශ්මිතය.
රංගස්තලම් කිසිම කාන්සියකින් තොරව මුල සිට අග දක්වා බලා සිටි හැකි තෙළිඟු සිනමා සිත්තමකි.

අරුණ ශාන්ත නෝනිස්
අශානෝ
2023.11.23.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article