spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මුලතිව් දිරිය කත සහ දකුණේ හෘද සාක්ෂිය.

Must read

පිලිපිනයේ පැවති ජේෂ්ඨයන්ගෙ මළල ක්‍රිඩා උළෙලකදි මුලතිව් හි 71 ක් හැවිරිදි කාන්තාවක් පදක්කම් දිනම ගැන අගයමින් විවිධ කව් සටහන් දකුනේ බහුතරයකගේද ෆේස් බුක් පිටුවල පළව තිබෙනු දුටිමු.

මුලතිව් හි 71 හැවිරිදි අකිලා තිරුනායකී ශ්‍රී ලංකාව රනින් සරසයි.

මේ ඉන්නේ අකිලා තිරුනායකී. ඇයට වයස 71ක්. විශ්‍රාමික බන්ධනාගාර නිළධාරිනියක වන ඇය ගැන ලෝකයේ නන්දෙසින් පුවත් පළවෙනවා. මුලතිව් හි මුල්ලියාවලෙයි ගම්මානයේ පදිංචි ශ්‍රී ලාංකිකයෙක් වන අකිලා මෙවර පිලිපීනයේ පැවති මාස්ටර් මලල ක්‍රීඩා තරඟාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනාගෙන තිබෙනවා.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ අකිලා තිරුනායකී මීටර් 1500 සහ 5000 ඉසව්වලින් රන් පදක්කම් දෙකක් සහ මීටර් 800 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

ඒ විතරක් නෙවෙයි මීටර 400 ධාවන ඉසව්වේ සිවුවැනි ස්ථානය ද ඇයට හිමිව තිබුණා.

ක්‍රීඩාවෙන් ලොවම බබළවන කතුන් අතර අකිලාගේ මේ දිනුම සමස්ත රටේම පමණක් නොවෙයි කාන්තා අපේ ද ජයග්‍රහණයක්. අකිලා ඔබට ජනරජ කාන්තාවන්ගේ සුභ පැතුම්!. ❤️Copied


මේ අකාරයෙන් කරනු ලබන අගේ කිරිම් වැදගත්ය.

එවන් දිරිය කතක් ඇගයිම හදවත් ඇති කිසිවෙකුටවත් මගහැරිය නොහැකි හෘද සාක්ෂියේ කැදවුමකි.

එහෙත් තවත් වැදගත් කරුණක් මෙහිලා සටහන් කළ යුතුව තිබේ.

මෙවැනි මව්වරුන් සිය දරුවන්ට කැඳ ටිකක් පිස ගැනිමටත් යමක් නොතිබුන යුද සමය කොයිතරම් නම් දුක් කම්කටොලි විද දරාගත්තේද යන්න ගැන දකුනේ බහුතරයගේ හෘද සාක්ෂියේ ප්‍රශ්ණයක් නොවිම ගැනය.රාජපක්ෂ A 9 පාර වසා දමා පලිගත්තේ උතුරේ සටන්කරුවන්ගෙන් පමණක් නොවේ.කිරි වේල පවා නැතිකරමින් කුඩා කිරි දරුවන්ගෙන්ද මේ නරුම පාලකයෝ පලිගත්හ.

එහෙත් මේ බේදචාචකය ගැන දකු⁣ණේ අතිබහුතරයක් දෙනා මුනිවත රැක්කා පමණත් දස දස ගණනකට දිවි අහිමි කල යුද්ධයේ නිමාව වෙනුවෙන් පොරකමින් කිරිබත් කෑහ.



අදටත් ……..වැනි වියපත් මව්රුවන් සිය අදරැතියන් අහිමිවිම ගැන වැළපෙති, වසර ගණනාවක් තිස්සේ සාමකාමි ලෙස සිය විරෝධයන් පළකරමින් සිටිති.,

එහෙත් දකුණේ හෘද සාක්ෂියට තවදුරටත් එය බරක් නොවේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article