spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කුණාටුවෙන් අතුරුදහන්වූ සෙනුරි බෝට්ටුවේ පවුල් වලට රජයෙන් පිහිටක් නැද්ද?

Must read

මීගමුවෙන්  2017  නොවැම්බර්   29  දින  මුහුදුගිය  සෙනුරි  බෝට්ටුව   අතුරුදහන්  වී  මාස  3ක්  ගෙවී  ඇතත්  තමන්ට  රජයෙන් වන්දියක් හෝ ප්‍රමාණවත් ආධාරයක් නොලැබුණ බව මෙම   බහුදින  යාත්‍රාවේ   ගමන්කළ  එක්  ධීවර‍යෙකුවු   අජිත් කුමාරගේ  බිරිද  වන පිළමිනා   අපසමග  පැවසීය.   අජිත්  කුමාරගේ   දුවට  මාස 7ක  සහඅවුරුදු  2  ½   දරුවන්  දෙදෙනෙකු  සිටින  අතර   ඔවුන්  ඉතා  දුකසේ  ජීවත්වනබවත්,  පිළමිනාගේ  අක්කා  වන  මරියා  පවසයි.මීගමුව  ධීවර  කාර්්‍යාලයෙන්   එක්  මසකට  පමණක්   රු. 1200 ක  බඩුමල්ලක්  දුන්නද  මේ වනවිට  ඒ  කිසිවක්  නොලැබෙන  බවත්  ඇය  තවදුරටත්  පැවසීය.  මීටපෙරද  අප  විසින්  මෙමඅසරණ  මිනිසුන්ගේ  තත්වය    වගකිවයුත්තන්ට   දැනුම් දුන්නද   අවශ්‍ය  සොයා  බැලීමක්  කර නොතිබින.  නැවතත්   අප  ඉල්ලා  සිටින්නේ   නෛතික   දේවල්  පසෙකලා  ඔවුන්ගේ  අසරණ  කම  ගැන  සොයාබලා   යම්  පියවරක්  ගන්නා  ලෙසයි.
මීගමුවේ තිඛෙන ජාතික මෙන්ම ජාත්‍යන්තර ධිවර සංවිධාන නියෝජිතයෙක් හෝ ධීවරයින් ගේ වෘත්තිය සමිතියක් හෝ මෙම පවුල් බැහැදැකීමට  මෙතෙක් පැමිණ නැති බවත් වාර්තා වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article