spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කුමන්ත්‍රණයේ පත්වීම් ! වියදම් කරන ලේකම්වරුන් සහය දෙන මාධ්‍ය සියල්ලට වැඩ වැරදියි !

Must read

MR hiltonකුමන්ත්‍රණ ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අමාත්‍ය මණ්ඩලයේ කටයුතු අභියාචනාධිකරණ තීන්දුව හමුවේ අත්හිටුවා ඇති අතර අද (03) සිට ඔවුන් කිසිවෙකුට එම තනතුරුවලට අදාළ රාජ්‍ය දේපළ කිසිවක් භික්ති විඳීමට අවස්ථාවක් නොමැති බව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සඳහන් කරයි.

මේ වන විටත් කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති ධූරයට මෙන්ම අමාත්‍ය මණ්ඩලයේ වියදම් කපා හැරීමට අදාළ පාර්ලිමේන්තු යෝජනාවක්ද සම්මත කර ඇති බවත් ඒ හේතුවෙන් එම තනතුරු සඳහා තවදුරටත් රාජ්‍ය මූල්‍ය පහසුකම් සැළසුවහොත් රාජ්‍ය මූල්‍ය අවභාවිතයට අදාළව පළමුව අමාත්‍යංශ ලේකම්වරුන්ට නීතිය හමුවට පැමිණවීමේ අවධානමක් ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

ඒ සම්බන්ධව වැඩිදුරටත් කරුණු පැහැදිළි කරමින් ඔවුන් පෙන්වා දුන්නේ අභියාචනාධිකරණය ලබාදී ඇති අතුරු තහනම් නියෝගයට අදාළව මතුව ඇති තත්ත්වය රාජ්‍ය නිලධාරීන් හොඳින් තේරුම් ගතයුතුව ඇති බවත් එසේ නොවුන හොත් නිසැක වශයෙන්ම ඔවුන් ඉදිරියේ වැඩ තහනමකට පවා ලක්වීමේ අවධානම බැහැරකළ නොහැකි බවය.

ඒ සම්බන්ධව ඔවුන් වැඩිදුරටත් කරුණු පැහැදිළිකර සිටියේ මෙසේය.

මෙරට ව්‍යවස්ථාව අනුව රාජ්‍ය මූල්‍ය වියදම් සම්බන්ධව සියළු වගකීම් පාර්ලිමේන්තුව සතුය. ඒ පදනමින් ජනාධිපතිගේ නියෝග නොව කිසිඳු පාර්ශවයක නියෝග අනුව එකී නියමයන්ට පිටින් කිසිවෙකුටවත් ක්‍රියාකළ නොහැක. පසුගිය නොවැම්බර් 29 සහ 30 යන දිනවල පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඇති යෝජනා ප්‍රකාරව අගමැති සහ අමාත්‍ය මණ්ඩල වියදම් කපාහැර තිබේ. ඒ අනුව තවදුරටත් වියදම් සිදුකරනවා නම් ඒ පාර්ලිමේන්තුව විසින් නිකුත්කර ඇති නියෝග නොතකා ක්‍රියා කිරීමකි.

එමෙන්ම දැනටමත් විශ්වාසභංග යෝජනා දෙකක් සම්මත කර ඒ බව හැන්සාඩ් ගතකර ඇති අතර ඊට අනුව තවදුරටත් මහින්ද රාජපක්ෂ අගමැති ලෙස හෝ ඔහුගේ අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුව විසින් පිළිගන්නේ නැත. එබැවින් ඒ නොතකා කරන සියළු කටයුතු නීති විරෝධී වේ. කුමන්ත්‍රණ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස පෙනී සිටින  මහින්ද රාජපක්ෂට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට අභියාචනාධිකරණය විසින් අද (03) අතුරු නියෝගයක් නිකුත් කර ඇත. එයින් අදහස් වන්නේ එම නියෝගය නැවත කැඳවන තුරු ඔවුන් කිසිවෙකුට අදාළ තනතුරු දැරිය නොහැකි බවය.

හොර මැති ඇමතිලාට වියදම් කරන අමාත්‍යංශ ලේකම්වරුන් අමාරුවේ !

එනම් අමාත්‍යංශ ඇතුළුව රාජ්‍ය යාන්ත්‍රණය සම්බන්ධව තීන්දු තීරණ ගැනීමට හැකියාව ඇත්තේ අමාත්‍යංශ ලේකම්වරුන්ටය. අනෙක් අතට අමාත්‍යංශ වියදම් සම්බන්ධවද වගකීම් පැවරෙන්නේ අමාත්‍යංශ ලේකම්වරුන්ටය.  ඒ පසුබිමේ කිසිවෙකු හෝ රාජ්‍ය මූල්‍ය පහසුකම් නීති විරෝධී ආකාරයට අගමැති – අමාත්‍ය මණ්ඩල, රාජ්‍ය අමාත්‍ය, නියෝජ්‍ය අමාත්‍ය ආදී කවරහෝ පාර්ශවයකට සළසුවහොත් ඊට වගකීමට එම රාජ්‍ය නිලධාරියා බැඳී සිටියි. ඒ සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ග ඇතිවුවහොත් ඊට චෝදනා ගොනුවන්නේද රාජ්‍ය නිලධාරීන් වෙතය.

හෙළිකොප්ටර් වියදම මහින්දගෙන් : පත්වීම් සියල්ල අවලංගුයි !

මේ අතර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ කුමන්ත්‍රණ ආණ්ඩුවට අදාළ සියළු වියදම් ඒ ඒ පාර්ශවයන් වෙතින් ලබා ගැනීමට එක්සත් ජාතික පෙරමුණ තීන්දුවක් ගෙන ඇති බවය.

විශේෂයෙන්ම ව්‍යවස්ථා විරෝධී බල කුමන්ත්‍රණය හරහා පිහිටුවා ගනු ලැබූ ආණ්ඩුව දිගින් දිගටම මෙරට ජාතික ආර්ථිකය සම්බන්ධ නරක සෙල්ලමක නිරතවූ බවත් යළිත් කිසිඳු දේශපාලනඥයකු හෝ නිලධාරියෙක් රාජ්‍ය මුල්‍ය සම්බන්ධව එවැනි අනර්ථ සිදුකිරීමට පෙර දෙවරක් සිතන්න වන ආකාරයේ උපරිම දඬුවම් නියම කරවීමට ක්‍රියා කරන බවද හිටපු ජේෂ්ඨ අමාත්‍යවරයෙකු අප වෙත පැවසීය.

ඒ අනුව ඔහු සඳහන් කර සිටියේ කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති ලෙස පත්වෙමින් දැනට වැඩිම වියදමක් සිදුකර තිබෙන මහින්ද රාජපක්ෂගේ හෙළිකොප්ටර් වියදම් වල සිට සියළු වියදම් පෞද්ගලිකව ඒ ඒ පාර්ශව වෙතින් අයකර ගැනීමට කටයුතු කරන බවය. එමෙන්ම කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති සහ අමාත්‍ය මණ්ඩලය විශ්වාසභංග යෝජනා 2ක් සම්මත කර ඇති පසුබිමේ එයින් ලබාදුන් නියෝග සහ පත්වීම් ඇතුළු සියල්ල බල රහිත සහ නීති විරෝධී බවද ඔහු පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජේෂ්ඨ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ පසුගියදා ලබාදුන් සමෘද්ධි පත්වීම් 7000 සියල්ල මේ අර්බුදය නිමාවට පත්වූ වහාම බල රහිත වන බවත් නිවාස සංවර්ධන අධිකාරියේ සේවයෙන් පහකළ රාජ්‍ය සේවක (පුහුණු) යළිත් සේවයට එක්කර එම තනතුරු වලම පිහිටුවීමක් සිදුවන බවත්ය.

මාධ්‍ය ආයතනවලට වැඩ වරදී : මහජන දේපළ කුමන්ත්‍රණ සඳහා යොදාගැනීම : චෝදනාව බරපතළයි !

එමෙන්ම ඔක්තෝබර් 26 වනදා සිට මාධ්‍ය හැසිරීම සම්බන්ධව වෙනම විමර්ශනයක් සිදුකිරීමට තම රජය බලාපොරොත්තු වන බවද හිටපු ජේෂ්ඨ අමාත්‍යවරයා පැවසීය. එහිදී ඔහු අවධාරණය කර සිටියේ විද්‍යුත් නාලිකා සඳහා නිකුත්කර ඇති සංඛ්‍යාත බලපත්‍ර මහජන දේපළක් බව අමතක කර  මාධ්‍ය ආයතන කිහිපයක් කුමන්ත්‍රණ ආණ්ඩුවට සහය පළකිරීමේ නියැළුන බවය.  එය ඒක පාර්ශවීය වූ නිසා ආරම්භයේ පටන් ජනතාව දැනුවත්ව නොමග යැවීමක් සිදුවූ බවත් එය තවදුරටත් සිදුවීම මාධ්‍ය නිදහස නොව නීති විරෝධී දේශපාලන කුමන්ත්‍රණයක මාධ්‍ය කාර්ය භාරය ඉටුකිරීමක් වූ බවය.

එබැවින් මහජන දේපල නීති විරෝධී කාර්යයක් සඳහා යෙදවීමේ ආදීනව සමාජයට ඒත්තු ගැන්වීම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට යොදවන ධෛර්ය ඇතිව කටයුතු කිරීමට තම ආණ්ඩුවක් කටයුතු කරන බවය. එය පළිගැනීමක් නොව දේශපාලන කුමන්ත්‍රණයක් හමුවේ අවම මාධ්‍ය සදාචාරයහෝ නොරැක රටේ ප්‍රජාතන්ත්‍රවාදය අවධානමේ හෙළීමේ වරදක් වෙනුවෙන් සමාජයට සිදුවිය යුතු වන්දි ගෙවීමක් ලෙස තේරුම් ගතයුතු බවද ඔහු පවසයි.
newstube.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article